BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

කෝටි 2500ක රන් ආලේපිත හනුමන්තා පිළිමයේ කැනීම්වලට අවසර: කොටුව මහේස්ත්‍රාත්ගෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ STF එකට විශේෂ නියෝගයක්!

T

The Leader Desk

July 30, 2026 • 4:48 PM

කෝටි 2500ක රන් ආලේපිත හනුමන්තා පිළිමයේ කැනීම්වලට අවසර: කොටුව මහේස්ත්‍රාත්ගෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ STF එකට විශේෂ නියෝගයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ සිදුකරන කැනීම් සඳහා අගෝස්තු 03දා දින ලබාදෙයි:
  • කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග ලබාදුන් අතර, අදාළ ස්ථානයේ පරීක්ෂණ සහ කැනීම් කටයුතු ආරම්භ කිරීමට ලබන අගෝස්තු මස 03 වැනිදා අවසර හිමිවිය.
  • අත්අඩංගුවට ගැනීම් සහ හඬපට විමර්ශනය මෙම අතිවිශාල වටිනාකමකින් යුත් පෞරාණික පිළිමය විකිණීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන අගෝස්තු මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
  • මෙම සිද්ධියට අදාළව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ගේ නම භාවිත කරමින් පෞද්ගලික නාලිකාවක විකාශය වූ හඬපටයක් සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක් ආරම්භ වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්ථානයේ ආරක්ෂාව විශේෂ කාර්ය බලකායට

නියෝජ්‍ය ඇමැති සුනිල් වටගලගේ නම සඳහන් වූ හඬපටය ගැන CID විමර්ශන: සැකකරුවන් දෙදෙනෙකු අගෝස්තු 05 දක්වා රක්ෂිත බන්ධනාගාරයට


අධිකරණ නියෝගය සහ කැනීම් කටයුතු

ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවට සැකකෙරෙන, රුපියල් කෝටි 2500ක් පමණ වටිනාකමකින් යුත් පෞරාණික රන් ආලේපිත හනුමන්තා පිළිමය ගොඩගැනීමේ කැනීම් කටයුතු සිදුකරන අවස්ථාවේදී ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොමුකරවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

එමෙන්ම, කැනීම් කටයුතු සිදුවන භූමියට සහ පරිශ්‍රයට අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායට (STF) ද මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග ලබාදුන් අතර, අදාළ ස්ථානයේ පරීක්ෂණ සහ කැනීම් කටයුතු ආරම්භ කිරීමට ලබන අගෝස්තු මස 03 වැනිදා අවසර හිමිවිය.

අත්අඩංගුවට ගැනීම් සහ හඬපට විමර්ශනය

මෙම අතිවිශාල වටිනාකමකින් යුත් පෞරාණික පිළිමය විකිණීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන අගෝස්තු මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ගේ නම භාවිත කරමින් පෞද්ගලික නාලිකාවක විකාශය වූ හඬපටයක් සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක් ආරම්භ වී ඇත. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මෙම විමර්ශන පවත්වනු ලබයි.

එල්.ටී.ටී.ඊ. සමයේ තොරතුරු සහ ඉදිරි පරීක්ෂණ

අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලීසිය ප්‍රකාශ කළේ, අදාළ යගදාව සහිත රන් ආලේපිත හනුමන්තා පිළිමය එල්.ටී.ටී.ඊ. යුද සමයේ යාපනය ප්‍රදේශයේ තිබී සොයාගන්නා ලද්දක් බවටත්, පසුව එය ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවටත් තොරතුරු සංසරණය වූ බවයි.

මෙම ජාවාරම සහ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කෝටි 2500ක රන් ආලේපිත හනුමන්තා පිළිමයේ කැනීම්වලට අවසර: කොටුව මහේස්ත්‍රාත්ගෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ STF එකට විශේෂ නියෝගයක්! | The Leader