BREAKING
නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●
Top Ad
පුවත්

ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි දූෂණ නඩුව සැප්තැම්බර් 28 දා කැඳවීමට නියෝග!

T

The Leader Desk

August 5, 2026 • 5:00 PM

ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි දූෂණ නඩුව සැප්තැම්බර් 28 දා කැඳවීමට නියෝග!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෙවණගල අනවසර ඉඩමකට අදාළව රුපියල් ලක්ෂ 88කට අධික වන්දි ලබාගැනීමේ චෝදනාවට නඩු විභාගය
  • 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 10ක් යටතේ මහාධිකරණයේ නඩු පවරා ඇත.
  • ශෂීන්ද්‍ර රාජපක්ෂ ට අමතරව හානි පූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කළ සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම මෙම නඩුවේ අනෙක් විත්තිකරුවෝ වෙති.
  • සාක්ෂි සහ ඉදිරි නීතිමය පියවර ඉකුත් ජූලි 07 වන දා මෙම චෝදනාවලට අදාළ අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව, විත්තිකරුවන් එක් අයෙකුට රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටත් ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමටත් මහාධිකරණය නියෝග කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා 10ක්


නඩු විභාගය සහ මහාධිකරණ නියෝගය

මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් වෙනුවෙන් අනිසි ලෙස වන්දි ලබාගැනීමේ සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන සැප්තැම්බර් මස 28 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න අද (05) නියෝග කළේය.

මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එල්ල වී ඇති චෝදනා සහ අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම්

2023 නොවැම්බර් 27 වන දා සහ 2024 මැයි 29 වන දා අතර කාලය තුළ මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබියදී පසුගිය අරගල සමයේදී විනාශයට පත් කළ ගොඩනැගිල්ලක් සඳහා හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කරමින් රුපියල් 8,850,000ක (රුපියල් ලක්ෂ 88කට අධික) වන්දි මුදලක් ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 10ක් යටතේ මහාධිකරණයේ නඩු පවරා ඇත. ශෂීන්ද්‍ර රාජපක්ෂ ට අමතරව හානි පූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කළ සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම මෙම නඩුවේ අනෙක් විත්තිකරුවෝ වෙති.

සාක්ෂි සහ ඉදිරි නීතිමය පියවර

ඉකුත් ජූලි 07 වන දා මෙම චෝදනාවලට අදාළ අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව, විත්තිකරුවන් එක් අයෙකුට රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටත් ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමටත් මහාධිකරණය නියෝග කර තිබුණි.

මෙම නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා තහවුරු කිරීම සඳහා සාක්ෂිකරුවන් 30 දෙනෙකුගේ සාක්ෂි සහ නඩු භාණ්ඩ ලෙස ලේඛන 38ක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත. ඒ අනුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වෙන සැප්තැම්බර් 28 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...