The Leader News
BREAKING
Top Ad
පුවත්

මහ බැංකුවේ ‘දින 30’ නියෝගයෙන් සඟවාගෙන සිටි අපනයන ඩොලර් එළියට!

T

The Leader Desk

June 12, 2026 • 4:01 AM

මහ බැංකුවේ ‘දින 30’ නියෝගයෙන් සඟවාගෙන සිටි අපනයන ඩොලර් එළියට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයනකරුවන් සඳහා පනවා තිබූ ඩොලර් රුපියල් කිරීමේ කාලසීමාව දින 90 සිට දින 30 දක්වා තුනෙන් දෙකකින් (2/3) කඩිනම් කිරීමත් සමඟ, මෙරට විදේශ විනිමය වෙළඳපොළ තුළ රුපියලේ අගය කැපී පෙනෙන ලෙස ශක්තිමත් වී තිබේ.
  • මෙම දැඩි නියාමන මැදිහත් වීම නිසා පසුගිය සතිවල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ රුපියල නැවතත් හිස ඔසවා ඇත.
  • මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස, පෙරදින රුපියල් 337.00/337.75ක්ව පැවති ඇමරිකානු ඩොලරයක මිල බදාදා දිනය වන විට රුපියල් 332.25/333.00ක් දක්වා වේගයෙන් පහත වැටුණි.
  • දෙවැන්න, රුපියල තවදුරටත් බාල්දු වනු ඇතැයි අපේක්ෂාවෙන් අපනයනකරුවන් තමන් උපයන ඩොලර් රුපියල් නොකර සඟවා තබා ගැනීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයනකරුවන් සඳහා පනවා තිබූ ඩොලර් රුපියල් කිරීමේ කාලසීමාව දින 90 සිට දින 30 දක්වා තුනෙන් දෙකකින් (2/3) කඩිනම් කිරීමත් සමඟ, මෙරට විදේශ විනිමය වෙළඳපොළ තුළ රුපියලේ අගය කැපී පෙනෙන ලෙස ශක්තිමත් වී තිබේ. මෙම දැඩි නියාමන මැදිහත් වීම නිසා පසුගිය සතිවල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ රුපියල නැවතත් හිස ඔසවා ඇත.

මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස, පෙරදින රුපියල් 337.00/337.75ක්ව පැවති ඇමරිකානු ඩොලරයක මිල බදාදා දිනය වන විට රුපියල් 332.25/333.00ක් දක්වා වේගයෙන් පහත වැටුණි.

රුපියල බාල්දු කළ මැදපෙරදිග බිය සහ ඩොලර් හිර කිරීම

මීට පෙර රුපියල දුර්වල වීමට ප්‍රධාන හේතු දෙකක් බලපෑවේය.

පළමුවැන්න, මැදපෙරදිග පවතින දේශපාලන නොසන්සුන්තාවය නිසා ගෝලීය වෙළඳ සහ නැව් මාර්ග අවහිර වේ යැයි බියෙන්, මෙරට ආනයනකරුවන් කල්තියාම විශාල වශයෙන් ඩොලර් මිලදී ගැනීමට පෙළඹීමයි.

දෙවැන්න, රුපියල තවදුරටත් බාල්දු වනු ඇතැයි අපේක්ෂාවෙන් අපනයනකරුවන් තමන් උපයන ඩොලර් රුපියල් නොකර සඟවා තබා ගැනීමයි. තනි ව්‍යාපාරික මට්ටමෙන් එය ලාභදායී වුවද, සමස්ත වෙළඳපොළ තුළ ඩොලර් හිඟයක් (Liquidity crunch) නිර්මාණය වීමට එය හේතු විය. මහ බැංකුවේ අලුත් දින 30 නීතිය මඟින් මෙම බාධකය මුළුමනින්ම ඉවත් කර ඇත.

සමබර ආර්ථික බලපෑම සහ දිගුකාලීන අභියෝගය

රුපියල ශක්තිමත් වීම රටට පැති කිහිපයකින් වාසිදායකය. එමඟින් ආනයන වියදම් අඩු වන අතර, උද්ධමනය (Inflation) පාලනය වේ. එමෙන්ම විදේශ ණය වාරික ගෙවීමේදී රජයට පැටවෙන බර සැහැල්ලු වන අතර ව්‍යාපාරික විශ්වාසය ද වර්ධනය වේ.

කෙසේ වෙතත්, රුපියල ඕනෑවට වඩා ශක්තිමත් වීම අපනයන ක්ෂේත්‍රයට අවාසිදායක විය හැක. රුපියල ඉහළ යද්දී ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ලාංකීය භාණ්ඩවල මිල සාපේක්ෂව වැඩි වන අතර, එමඟින් කලාපීය තරඟකරුවන් සමඟ හැරෙන්නට ඇති හැකියාව (Competitiveness) අඩු වී අපනයනකරුවන්ගේ ලාභ සීමාවන් පටු වේ. තාවකාලික පරිපාලන නීති මඟින් කෙටිකාලීන ස්ථාවරත්වයක් ලැබුණ ද, රුපියලේ දිගුකාලීන පැවැත්ම තීරණය වන්නේ සංචාරක ව්‍යාපාරය, විදේශ ප්‍රේෂණ (Remittances) සහ සැබෑ අපනයන වර්ධනය වැනි ආර්ථිකයේ සැබෑ ශක්තිය මත පමණක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අදහස සහ යෝජනා :

මහ බැංකුව ගත් මෙම තීරණය විනිමය වෙළඳපොළේ සමපේක්ෂණ (Speculation) පාලනය කිරීමට ඉතා නිවැරදි වුවද, අපනයන ක්ෂේත්‍රය කඩා වැටෙන්නට නොදී ආරක්ෂා කරගැනීමට පහත පියවර ගත යුතුය:

1- 'Tiered Conversion Framework' (පියවර සහිත මාරු කිරීමේ ක්‍රමවේදය):
සියලුම අපනයනකරුවන්ට එකම දින 30 නීතිය දමනවා වෙනුවට, ඔවුන් ආනයනය කරන අමුද්‍රව්‍ය මත යැපෙන ප්‍රතිශතය (Import Content Ratio) සලකා බලා මෙම සහනය තීරණය කළ යුතුය. උදාහරණයක් ලෙස, 100%ක්ම දේශීය අමුද්‍රව්‍ය භාවිත කරන අපනයනකරුවන්ට දින 45ක කාලයක් ලබා දී, වැඩිපුර ආනයනික දේ භාවිත කරන අයට දින 30 සීමාව දැඩිව ක්‍රියාත්මක කළ හැක.

2. 'Exporter Dollar Credit Line' (අපනයනකරුවන්ගේ ඩොලර් ණය පහසුකම්):
 දින 30කින් ඩොලර් මාරු කිරීමට සිදුවීම නිසා අපනයනකරුවන්ට සිය විදේශීය අලෙවිකරණ කටයුතු (Overseas Marketing) සහ විදේශීය ගබඩා ගාස්තු (Overseas Warehousing Charges) වැනි අත්‍යවශ්‍ය බාහිර වියදම් සඳහා ඩොලර් හිඟයක් ඇති විය හැක. එබැවින්, ඔවුන් රුපියල් කළ ඩොලර් ප්‍රමාණය මත පදනම්ව, ඉතා අඩු පොලියකට වාණිජ බැංකු හරහා කෙටිකාලීන 'ඩොලර් ඕවර්ඩ්‍රාෆ්ට්' (Exporters' Dollar OD) පහසුකම් ලබා දිය යුතුය.

'3- Pegged Exchange Stabilization Fund' (විනිමය ස්ථාවරකරණ අරමුදලක්): 

රුපියල අනවශ්‍ය ලෙස අධිප්‍රමාණය වීම (Over-appreciation) වැළැක්වීමට, රුපියල 330 සීමාවට වඩා ශක්තිමත් වන සෑම අවස්ථාවකදීම මහ බැංකුව විසින් වෙළඳපොළෙන් සක්‍රීයව ඩොලර් මිලදී ගෙන ජාතික සංචිත (Forex Reserves) ශක්තිමත් කරගත යුතුය. එමඟින් අපනයනකරුවා ද ආරක්ෂා වන අතර, රටේ සංචිත ද ඉහළ යයි.

(වාර්තාව | සම්පත් ධීරසේකර) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...