leader s

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කැලණිය ආසනය සහ ගම්පහ ආසනයේ පොදු ජන එක්සත් පෙරමුණ පුටුව ලකුණින් ඉදිරිපත් වී සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ට සහය දැක්වීම සඳහා ඔවුන්ගේ මැතිවරණ හමුවලට සහභාගී වීමට කටයුතු කර ඇත.


අනතුරව අත්තනගල්ල ප්‍රදේශයේ මාතලන් සහ දඩගමුව යන කොට්ඨාසවලින් පුටුව ලකුණ යටතේ ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ රැස්වීම් කීපයකට ද ඇය සහභාගි වී ඇත.

එමෙන්ම පක්ෂය හා එක්වන නව සාමජික සාමාජිකාවන්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනකටද ඇය එක්ව තිබේ.


494355565 4017544098517516 8348375700574573782 nWhatsApp Image 2025 04 29 at 4.12.37 PM 1WhatsApp Image 2025 04 29 at 4.12.38 PM 1ckb1WhatsApp Image 2025 04 29 at 4.12.42 PM

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් තමාගේ නම සහ ඡායාරූප අනවසරයෙන් මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදා ගෙන ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා වෙත පසුගියදා ලිපියක් මගින් දන්වා යවා ඇති පසුබිමක ඇය මෙයාකාරයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ට සහය දැක්වීම සඳහා දායක වීම විශේෂත්වයකි.

එම ලිපියේ සඳහන් ව ඇත්තේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පුටුව ලකුණින් මෙරව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන පොදුජන එක්සත් පෙරමුණේ යම් අපේක්ෂකයින් ප්‍රදේශය පුරා තමාගේ ඡයාරූප සහ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ ද ඡායාරූප සහිත ව අත්පත්‍රිකාවක් ගෙයින් ගෙට බෙදමින් සිට ඇති බවත් සහ පෝස්ටර් අලවා ඇති බවත්ය.

එවැනි අත්පත්‍රිකාවක් බෙදා හැරීමට හෝ පෝස්ටර් මුද්‍රණයට තමාගේ ඡායාරූපයක් භාවිත කිරීමට තමන් කිසිදු අවසරයක් ලබා දී නොමැති බවත් හිටපු ජනාධිපතිනිය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යවා තිබේ.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ, මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගම්පහ ප්‍රදේශයෙන් 'පුටුව' ලකුණින් තරඟකරන හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ සරණ ගුණවර්ධන ගේ හිතවතකු, සිය ජයරුපයද යොදා ගනිමින් අත්පත්‍රිකාවක් බෙදා හැරීමට හෝ පෝස්ටර් මුද්‍රණය කිරීමට කටයුතු කිරීම හිටපු ජනාධිපතිනියගේ විරෝධයට හේතුවී ඇති බවයි.

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්