The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

චන්ද්‍රිකා වැඩට බසී

T

The Leader Desk

April 29, 2025 • 12:04 PM

චන්ද්‍රිකා වැඩට බසී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනතුරව අත්තනගල්ල ප්‍රදේශයේ මාතලන් සහ දඩගමුව යන කොට්ඨාසවලින් පුටුව ලකුණ යටතේ ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ රැස්වීම් කීපයකට ද ඇය සහභාගි වී ඇත.
  • එමෙන්ම පක්ෂය හා එක්වන නව සාමජික සාමාජිකාවන්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනකටද ඇය එක්ව තිබේ.
  • එවැනි අත්පත්‍රිකාවක් බෙදා හැරීමට හෝ පෝස්ටර් මුද්‍රණයට තමාගේ ඡායාරූපයක් භාවිත කිරීමට තමන් කිසිදු අවසරයක් ලබා දී නොමැති බවත් හිටපු ජනාධිපතිනිය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අනතුරව අත්තනගල්ල ප්‍රදේශයේ මාතලන් සහ දඩගමුව යන කොට්ඨාසවලින් පුටුව ලකුණ යටතේ ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ රැස්වීම් කීපයකට ද ඇය සහභාගි වී ඇත.

එමෙන්ම පක්ෂය හා එක්වන නව සාමජික සාමාජිකාවන්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනකටද ඇය එක්ව තිබේ.


494355565 4017544098517516 8348375700574573782 nWhatsApp Image 2025 04 29 at 4.12.37 PM 1WhatsApp Image 2025 04 29 at 4.12.38 PM 1ckb1WhatsApp Image 2025 04 29 at 4.12.42 PM

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් තමාගේ නම සහ ඡායාරූප අනවසරයෙන් මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදා ගෙන ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා වෙත පසුගියදා ලිපියක් මගින් දන්වා යවා ඇති පසුබිමක ඇය මෙයාකාරයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ට සහය දැක්වීම සඳහා දායක වීම විශේෂත්වයකි.

එම ලිපියේ සඳහන් ව ඇත්තේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පුටුව ලකුණින් මෙරව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන පොදුජන එක්සත් පෙරමුණේ යම් අපේක්ෂකයින් ප්‍රදේශය පුරා තමාගේ ඡයාරූප සහ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ ද ඡායාරූප සහිත ව අත්පත්‍රිකාවක් ගෙයින් ගෙට බෙදමින් සිට ඇති බවත් සහ පෝස්ටර් අලවා ඇති බවත්ය.

එවැනි අත්පත්‍රිකාවක් බෙදා හැරීමට හෝ පෝස්ටර් මුද්‍රණයට තමාගේ ඡායාරූපයක් භාවිත කිරීමට තමන් කිසිදු අවසරයක් ලබා දී නොමැති බවත් හිටපු ජනාධිපතිනිය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යවා තිබේ.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ, මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගම්පහ ප්‍රදේශයෙන් 'පුටුව' ලකුණින් තරඟකරන හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ සරණ ගුණවර්ධන ගේ හිතවතකු, සිය ජයරුපයද යොදා ගනිමින් අත්පත්‍රිකාවක් බෙදා හැරීමට හෝ පෝස්ටර් මුද්‍රණය කිරීමට කටයුතු කිරීම හිටපු ජනාධිපතිනියගේ විරෝධයට හේතුවී ඇති බවයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...