The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
පුවත්

අධ්‍යාපනයේ විප්ලවීය වෙනස පිළිබඳ එදා ලැබූ අභිමානය නැවත වතාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරමු - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

T

The Leader Desk

April 30, 2025 • 5:08 PM

අධ්‍යාපනයේ විප්ලවීය වෙනස පිළිබඳ එදා ලැබූ අභිමානය නැවත වතාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරමු - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තුළින් නැවත වතාවක් එම ගෞරවය සහ අභිමානය ශ්‍රී ලංකාවට අත්කර දීමට අපි සියලු දෙනා පුරවැසියන් වශයෙන් කටයුතු කළ යුතු බැව් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යෘපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
  • අගමැතිනිය මෙම අදහස් පළ කළේ අද (30) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
  • ඒ සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාට ම ස්තූතිවන්ත වෙනවා.
  • අධ්‍යයනය කළ යුතු ඇගයීම් ක්‍රමවේද 2026 ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කුලුනු පහෙන් එක් කුලුනක් තමයි ඇගයීම් ක්‍රමය.
අකුරු ප්‍රමාණය (Font Size):

තුළින් නැවත වතාවක් එම ගෞරවය සහ අභිමානය ශ්‍රී ලංකාවට අත්කර දීමට අපි සියලු දෙනා පුරවැසියන් වශයෙන් කටයුතු කළ යුතු බැව් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යෘපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අගමැතිනිය මෙම අදහස් පළ කළේ අද (30) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

රුපියල් මිලියන 478ක් වියදම් කරමින් ඉදිකළ මෙම ගොඩනැගිල්ල තට්ටු 06කින් සමන්විත වන අතර රජයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාග පැවැත්වීමට සහ වෙනත් එවැනි විභාග පැවැත්වීම සඳහා ශාලා පහසුකම්, නවීනතම තාක්ෂණික සහ ශ්‍රවණ උපකරණ සහිත එකවර ශ්‍රාවකයින් 175කට පමණ පහසුකම් සැලසිය හැකි අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක්, ශබ්ද පරිපාලනය කරන ලද අංග සම්පූර්ණ බහු කාර්ය ශබ්දාගාරයක් (විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ විභාග කටයුතු, ශබ්දාගාර කටයුතු, පටිගතකිරීම් ආදිය සහිත), පුද්ගලයින් සඳහා නේවාසිකාගාර පහසුකම්, පොදු සන්නිවේදන ජාලයක්, අන්තර්ජාල විභාග පැවැත්වීම සඳහා වන පහසුකම් සහිත කාමර, විභාග රහස්‍ය කටයුතු සඳහා පහසුකම් සහිත කාමර සහ CCTV කැමරා පද්ධතිය ඇතුළු පහසුකම් රැසකින් ද සමන්විත ය.

මෙම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිනිය...

ආයතනයක වැදගත් ම කාර්ය

''මේ අවස්ථාවේ දී විශේෂ ස්තූතියක් කරන්නට මම මුලින් ම කැමතියි. ඒ තමයි අමිත් ජයසුන්දර විභාග කොමසාරිස් ජෙනරාල්තුමාට. එතුමා විශ්‍රාම ගිය පසුවත් අපේ ඉල්ලීම මත නැවත සේවය ලබාදීමට කටයුතු කළා. පසුගිය උසස් පෙළ විභාගය පැවැත්වීම සහ එහි ප්‍රතිඵල නිකුත් කිරීම කිසිදු බාධාවකින් තොරව සිදු වුණා. ඒ සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාට ම ස්තූතිවන්ත වෙනවා. වැදගත් ම දේ ආයතනයක දැක්ම.

අධ්‍යයනය කළ යුතු ඇගයීම් ක්‍රමවේද

2026 ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කුලුනු පහෙන් එක් කුලුනක් තමයි ඇගයීම් ක්‍රමය. අධ්‍යාපන ක්‍රමයේ විශ්වසනීයත්වය රැකගන්නා ප්‍රධානත ම කරුණ තමයි ඇගයීම් ක්‍රමය. පවතින විභාග ක්‍රමය පවත්වාගෙන යන අතරතුර ම නව්‍ය වෙනස්කම්වලට අදාළ ක්‍රියාමාර්ග සඳහා සූදානම් විය යුතු යි. යටිතල පහසුකම්වලින් පමණක් නොවෙයි, ලෝකයේ ඇගැයීම් ක්‍රමවේදයන් සහ නව ඇගැයීම් ක්‍රමවේදයන් අධ්‍යයනය කළ යුතු යි. ඒවා අපේ පද්ධතියට ඇතුළත් කරගත යුතු යි. ඇගැයීම් සම්බන්ධ ලෝක මට්ටමේ සම්මන්ත්‍රණවලට සහභාගී වීම, ඒවා අධ්‍යයනය සහ ඒ තුළින් ලැබෙන ප්‍රතිඵල අධ්‍යයනය මගින් අපේ ක්‍රමවේදයන් අලුත් මගට අවතීර්ණ කරන්නට අපට පුළුවන්. එතුළින් ලොව හොඳ ම අධ්‍යාපන ක්‍රමයක් බිහි කරන්නට අපට පුළුවන්.''

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාාචාර්ය මංජුලා විදානපතිරණ, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් සුභාෂිණී දෙමටගොඩ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිතුමා, හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරුන්, අමාත්‍යංශ සහ විභාග දෙපර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක් වූහ.

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...