leader s

මාලිමා ආණ්ඩුව විසින් පත්කරන ලද වත්මන් ලේක්හවුස් පාලනාධිකාරිය, කිසිදු හේතුවක් නොමැතිව සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ධුරයෙන් ඉවත්කළ සුමුදු චතුරාණී ජයවර්ධන නැවත සිළුමිණේ නියෝජ්‍ය කර්තෘ ධුරයට පත් කිරීමට කටයුතු කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දු වී ඇත.

 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමුදු චතුරාණි ජයවර්ධන, ඇය මින් පෙර දැරූ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතුවරිය ලෙස නැවත පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සීමාසහිත එක්සත් පුවත්පත් සමාගම වෙනුවෙන් පෙනි සිටි නීතිඥ රජිත පෙරේරා2025 මැයි 08දා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දි ඇත.

එළඹෙන ජුනි 5වන දිනට පෙර අදාළ දැනුම්දීම ප්‍රකාරව කටයුතු කර ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන ලෙස යසන්ත කෝදාගොඩ සහ සම්පත් අබේකෝන් යන විනිසුරු මඩුල්ල ලේක්හවුස් සමාගමේ සභාපතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන්ට නියෝග කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය එකී දැනුම් දීම සහ නියෝග නිකුත් කළේ; සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතුවරිය ලෙස කටයුතු කළ තමන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සහ අත්තනෝමතික ලෙස ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය ඇකඩමිය වෙතට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වගඋත්තරකාර ලේක්හවුස් සමාගමේ සභාපතිවරයා 2025 ජනවාරි 3 වැනිදා කළ දැනුම්දීම සහ එකී තීරණය බල රහිත කරන ලෙසත් ඉල්ලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමුදු චතුරාණි ජයවර්ධණ ගොනු කර තිබූ පෙත්සම ඊයේ (මැයි 08)  කැඳවූ අවස්ථාවේ දී ය.

වගඋත්තරකාර පාර්ශ්වය කළ එම දැනුම්දීම අනුව යම් සමථයක් ඇතිනම් එළඹෙ 2025 ජුනි 5වන දින අධිකරණයට වාර්තා කරන ලෙසටද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන්නේ ය.

නීතිඥ යොහාන් පීරිස් මගින් ගොනු කරනු ලැබ තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ ශරින්ද ජයවර්ධණ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටියේ ය.

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්