The Leader News
BREAKING
ඊශ්‍රායල පාර්ලිමේන්තුව උණුසුම් කරමින් නෙතන්යාහුට එරෙහි දැඩි ව්‍යවස්ථාපිත ප්‍රහාරයක්●නෞකාවෙන් සාගරයට වැටුණු වාදකයා පැය නවයකින් බේරෙයි●ක්වන්ටාස් තොරතුරු තාක්ෂණ රැකියා 850ක් බාහිරට දෙයි●මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි විවෘත කිරීමට ඉල්ලුම්පතක්●NDB බිලියන 13 මූල්‍ය හිඩැස: මෙරට බැංකු පද්ධතිය හමුවේ බරපතළ පරීක්ෂණයක්●යාපනයේ සමූහ මිනීවලවල්: පොලිසිය කල් මරන බවට චෝදනා●එක්ස්ප්‍රස් පර්ල් තීන්දුව ප්‍රමාදයි: නීතිපතිට එන්තරවාසියක්●හිරුණිකාගේ සිරදඬුවම් ඇපෑලට බෙදුණු තීන්දුවක්: තීරණය සභාපති විනිසුරුට●ආණ්ඩුව වෙනස් නොවුනත් 'සංවර්ධනය' හඳුනා ගන්නේ නම් මැනවි ●‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ සහ ‘BLOOD LACED TEARS’ කෘති දැන් ඇණවුම් කළ හැකියි●
Top Ad
පුවත්

ඩිජිටල් තාක්ෂණය භාවිතයට නියාමන රාමුවක් අවශ්‍යයි - අගමැතිනිය

T

The Leader Desk

July 24, 2025 • 6:09 AM

ඩිජිටල් තාක්ෂණය භාවිතයට නියාමන රාමුවක් අවශ්‍යයි - අගමැතිනිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් 22දින අරලියගහ මන්දිරයේ දී පැවැති eMHIC ගෝලීය ඩිජිටල් මානසික සෞඛ්‍ය පිළිබඳ අන්තර්ජාතික සහයෝගිතාව සමඟ පැවත්වූ ඩිජිටල් මානසික සෞඛ්‍ය සම්බන්ධ සාකච්ඡාවේ දී ය.
  • ''පුළුල් ඩිජිටල්කරණ සඳහා වන වැඩසටහනෙහි අංගයක් ලෙස, පවතින මානසික සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය විසඳුම් පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබෙනවා.
  • ඒ වගේම නවෝත්පාදනය දිරිමත් කරමින් ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් කාර්යක්ෂමතාව, ආරක්ෂාව, දත්ත පෞද්ගලිකත්වය, සුරක්ෂිතභාවය සහ අනෙකුත් සදාචාරාත්මක කරුණු සහතික කිරීම සඳහා නියාමන රාමුවක් ඇති කිරීමත් අවශ්‍යයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් 22දින අරලියගහ මන්දිරයේ දී පැවැති eMHIC ගෝලීය ඩිජිටල් මානසික සෞඛ්‍ය පිළිබඳ අන්තර්ජාතික සහයෝගිතාව සමඟ පැවත්වූ ඩිජිටල් මානසික සෞඛ්‍ය සම්බන්ධ  සාකච්ඡාවේ දී ය.

මෙම සාකච්ඡාවේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වන අභියෝග විසඳීම සඳහා නව්‍ය, තාක්ෂණික විසඳුම් ගවේෂණය කිරීම යි.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...

''පුළුල් ඩිජිටල්කරණ සඳහා වන වැඩසටහනෙහි අංගයක් ලෙස, පවතින මානසික සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය විසඳුම් පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේම නවෝත්පාදනය දිරිමත් කරමින් ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් කාර්යක්ෂමතාව, ආරක්ෂාව, දත්ත පෞද්ගලිකත්වය, සුරක්ෂිතභාවය සහ අනෙකුත් සදාචාරාත්මක කරුණු සහතික කිරීම සඳහා නියාමන රාමුවක් ඇති කිරීමත් අවශ්‍යයි.

මනා පුහුණුව ලත් මානසික සෞඛ්‍ය ශ්‍රම බලකායක් සහ ප්‍රජා මට්ටමේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන සම්බන්ධීකරණ, බහු ආංශික සහ බහුවිධ ක්‍රියාමාර්ගයත් මෙහි දී ඉතා වැදගත්.  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක ඩිජිටල්කරණය  සම්බන්ධයෙන් දෙමාපියන් සහ දරුවන් අතර වන ඩිජිටල් සෞඛ්‍ය සහ දරුවන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳ අනවබෝධය යන අභියෝග ගණනාවක් පවතිනවා. ඒ පිලිබඳව අවබෝධයෙන් ඉදිරි කටයුතු කරමින් සිටිනවා.''

මෙම අවස්ථාවට කැනඩාවේ සෙනෙට් සභික Kathy Hay මහත්මිය, eMHIC (EEMICK) ජාත්‍යන්තර සහයෝගිතාවේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය Anil Thapliyal ඇතුළු eMHIC  ජාත්‍යන්තර සහයෝගිතාවේ නියෝජිතයින්, රජයේ නිලධාරීන්, ශාස්ත්‍රඥයින් සහ වෘත්තීය ආයතනවල නියෝජිතයින්,  ඩිජිටල් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, තාක්ෂණික විශේෂඥයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

 

reform h 4556

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...