කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින නීතිඥයන් පවසන්නේ ජුලි 15 වැනිදා ගොඩ ගත් කලින් හඳුනාගන්නා ලද සිරුරු 10 අතර කුඩා දරුවන්ගේ මෙන්ම බිලිදු සිරුරු ද වන බවයි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 25 වැනි දිනය වු ජුලි 10 වැනි නිමා වන විට සමූහ සුසානයෙන් මේ වන විට හදුනාගන්නා ලද සමස්ත මිනිස් සිරුරු 360 න් 351 ක්ම ගොඩ ගෙන තිබේ.
කැනීම් කටයුතු වාර්තාකරණයේ යෙදී සිටින පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ඊයේ දින කටයුතු අතිරේක මහේස්ත්‍රාත් නවුෆර් නජ්මි හුසේන්ගේ සහ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණය යටතේ සිදු කළ බවයි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද 100 ට ආසන්න පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වෙයි.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.
කැනීම් කටයුතු දිගටම සිදු කෙරේ.




