The Leader News
BREAKING
Top Ad
පුවත්

'ඩෝසර් කර ඇත්තේ බුවනෙකබාහු රාජ සභාවයි' - අගමැතිගේ පංච පුද්ගල කමිටුවේ සභාපති කියයි

T

The Leader Desk

July 19, 2020 • 4:48 AM

'ඩෝසර් කර ඇත්තේ බුවනෙකබාහු රාජ සභාවයි' - අගමැතිගේ පංච පුද්ගල කමිටුවේ සභාපති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මූලික නිරීක්‍ෂණයේදී හදුනාගත් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසයි.
  • අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති විසින් පත්කල පංච පුද්ගල විද්වත් කමිටුව ඊයේ (ජුලි 18) දිනයේ එම ස්ථානය නිරීක්ෂණය කරනු ලැබු අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණයේ වාර්තාව කඩිනමින් භාරදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී මාධ්‍ය හමුවේ කියා සිටියේය.
  • ඒ අනුව කුරුණෑගල මහ නගර සභාව විසින් කඩා දැමූ බව කියන ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ලට සිදුව ඇති හානිය එය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ඇති හැකියාව මෙන්ම, එහි පෞරාණිකත්වය පිළිබදවද වාර්තාවට තොරතුරු ඇතුළත් කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.
  • පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් : කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි 13 වැනි සියවසේ දී ඉදි කළ බව කියන ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනතින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මූලික නිරීක්‍ෂණයේදී හදුනාගත් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති  විසින් පත්කල පංච පුද්ගල විද්වත් කමිටුව ඊයේ (ජුලි 18) දිනයේ එම ස්ථානය නිරීක්ෂණය කරනු ලැබු අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණයේ වාර්තාව කඩිනමින් භාරදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී මාධ්‍ය හමුවේ කියා සිටියේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති  විසින් පත්කල පංච පුද්ගල විද්වත් කමිටුවේ සභාපතිවරයාද වන ආචාර්ය සෙනරත් දිසානායක සදහන් කළේ, අංග සම්පූර්ණ වාර්තාවක් හෙට (20) දිනය වනවිට ලබාදීමට හැකි උපරිම උත්සාහය දරණ බවයි.

ඒ අනුව කුරුණෑගල මහ නගර සභාව විසින් කඩා දැමූ බව කියන ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ලට සිදුව ඇති හානිය එය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ඇති හැකියාව මෙන්ම, එහි පෞරාණිකත්වය පිළිබදවද වාර්තාවට තොරතුරු ඇතුළත් කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

 

පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් :

buwaneka ba.2

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි 13 වැනි සියවසේ දී ඉදි කළ බව කියන ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනතින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් වේ. මෙහි කොටසක් කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කරනු ලැබ තිබුණේ ඉකුත් ජූලි 14 වනදා රාත්‍රීයේය.

අනතුරුව ඒ සම්බන්ධයෙන් විරෝධයක් මතුවෙද්දී කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මාධ්‍ය හමුවේ සදහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමක් මත මෙම ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කළ බවයි. මෙම ගොඩනැගිල්ල බුවනෙකබාහු රජ සමයට අයත් බවට පළ වන වාර්තාවන්ද ප්‍රතික්‍ෂේප කරන බව ඔහු අවධාරණය කළේය

 කෙසේවෙතත් මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් භාර අධ්‍යක්‍ෂ අතුල සේනාධීර සදහන් කළේ අදාළ ප්‍රධාන ගොඩනැගිල්ල කඩා දමන ලෙසට කිසිදු ආයතනයකින් ඉල්ලා නොසිටි බවයි. ප්‍රධාන ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිම මාර්ග සංවර්ධන කටයුත්තට අවශ්‍ය නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

 

'ජනතාවට මුහුණදෙන්න බැරි තත්වයක් ඇතිවෙලා' - පොහොට්ටුවෙන් ම චෝදනා

දෙවන බුවනෙකබාහු රජ සමයට අයත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය කුරුණෑගල නගරාධිපතිවරයා විසින් අත්තනෝමතිකව ඩෝසර් කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ ද මහජන නියෝජිතයන්, විද්වතුන් ඇතුළු විවිධ පාර්ශ්ව කුරුණෑගල දී උද්ඝෝෂණ පැවැත්වූහ.

ඊයේ පෙරවරුවේ එම ස්ථානයට පැමිණි පොදු ජන පෙරමුණු (පොහොට්ටුවේ) කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත්ගේ පුත් කුරුණෑගල හිටපු පළාත් සභා මන්ත්‍රී නීතීඥ පියුමාල් හේරත් පැවසුවේ නගරාධිපතිවරයාගේ මෙම ක්‍රියාව නිසා පොහොට්ටුවට ඡන්දය ඉල්ලා ජනතාව අතරට යෑමට ද අද අසීරු කටයුත්තක් වී ඇති බවයි.

මෙය පොදුජන පෙරමුණ පිළිබඳ ජනතාව කරන ලිට්මස් පරීක්ෂාවක් බව ද ඔහු පැවසිය. පියුමාල් හේරත් පෙන්වා දෙන්නේ එදා තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ සිද්ධියේ දී සේම ජනතාව අද කුරුණෑගල නගරාධිපතිවරයගේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද ගනු ලබන තීන්දුව දෙස ඉතා ඕනෑකමින් බලා සිටින බවයි.

නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් එකට හිඳ නගර සභාවෙන් අණ දී මෙය සිදු කළ බවට පිළිගත් බව ද පියුමාල් හේරත් මෙහි දී පවසා සිටියේය.

නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් එකට හිඳ නගර සභාවෙන් අණ දී මෙය සිදු කළ බවට පිළිගත් බව  'පොහොට්ටුවේ' කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත්ගේ පුත් කුරුණෑගල හිටපු පළාත් සභා මන්ත්‍රී නීතීඥ පියුමාල් හේරත් පැවසිය.

පිරුංගල ගිය සිසුන් පිරිසක් එම ස්ථානයට කිසිදු හානියක් නොකොට ඡායාරූපයක් ගත් පමණින් එයට නීතිය ක්‍රියාත්මක කළ ආකාරයත් කුරුණෑගල පුරවරයට ආලෝකයක් ගෙනෙන එහි පුරාවිද්‍යා ස්මාරකයන් ඩේසර් කර විනාශ කිරීමට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරයත් දෙස ජනතාව බලා සිටින බව පැවසු නීතීඥ පියුමාල් හේරත් වැඩිදුරටත් කියා සිටියේ, පොදු ජන පෙරමුණේ නායකයන් හට ජන වරමක්  ලැබුනේ මෙවැනි පුද්ගලයන් සමග වේදිකාවට ගොඩවන්න නොවන බවයි.

Kurunagala Protest

තවද, යහපාලන රජයේ හිටපු අමාත්‍යවරුන් වන අශෝක් අබේසිංහ, නලීන් බණ්ඩාර, ජේ.සී.අලවතුවල, යුධ හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයකු වන විශ්‍රාමික මේජර් ජනරාල් සුමිත් අතපත්තු ඇතුළු සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් පිරිසක් ද මෙම ස්ථානයේ විරෝධතාවක් පැවැත් වුහ.

මෙම විරෝධතාවට ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහභාගී වී සිටි අතර ද සහභාගී වී සිටියයහ.

අනතුරුව ඔවුන් කුරුණෑගල මූලස්ථාන පොලිසිය දක්වා විරෝධතා පෙළපාළියකින් ගොස් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන නීති ක්‍රියාමාර්ග පිළිබඳ විමසා සිටියේය. එහි දී පොලිසිය පවසා සිටියේ මේ සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත්, ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බවත්ය.

'සමගි ජන බලවේගයෙන්' මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින විශ්‍රාමික මේජර් ජනරාල් සුමිත් අතපත්තු මෙහිදී මාධ්‍ය හමුවේ පැවසුයේ, ''ඉහළින් ඉන්නේ විරුවෙක් කීවත්, අගමැති රජෙක් බව කීවත් වයඹ පෞරාණික උරුමයන් විනාශ කරනවා'' යැයි කියාය.

මේ අතර, හස්ති ශෛලපුර රාජ සභා මණ්ඩපය විනාශ කිරීමට එරෙහිව ගොඩනැගූ සංවිධානයක් නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් කණ්ඩායමක් සහ ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරුන් පිරිසක් ද මෙම ස්ථානයේ විරෝධතාවක් පැවැත්වුහ.

එහි දී ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරුන් පෙන්වා දුන්නේ මේ වනවිට මෙම ස්ථානය පුරාවිද්‍යා කැණීම් කරන ස්ථානයක් ලෙස පත්‍රිකා අලවා තිබුණත් මෙපමණ අර්බුදයක් ඇතිව තිබෙන ස්ථානයට කිසිදු පොලිස් ආරක්ෂාවක් මේ වනතෙක් ලබා නොදීම ද ගැටලු සහගත බවයි.

එසේ ම මෙම පුරාවිද්‍යා ස්මාරකය විනාශ කළ පුද්ගලයන් හට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරන බව ද එම සංවිධානය පැවසුහ.

 

''මම නම් මෙහෙම වෙන්න දුන්නේ නැහැ'' - හිටපු සංස්කෘතික ඇමති අඛිල කියයි

akila

හිටපු සංස්කෘතික අමාත්‍යවරයකු වන එක්සත් ජාතික පක්ෂ මහාලේකම් අකිල විරාජ් සහ ඔහුගේ පාලන සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් පිරිසක් ද මෙම ස්ථානයට පැමිණ විරෝධතාවයක නිරතවිය.

එහි දී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අකිල විරාජ් පවසා සිටියේ තමා සංස්කෘතික ඇමැතිවරයාව සිටිය දී පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධ සිද්ධිවල දී නීතිය කඩිනමින් සහ නිවැරැදිව ක්‍රියාත්මක කළ බවයි.


සබැඳි පුවත් :

බුවනෙකබාහු රාජ සභාව ඩෝසර් කළ 'ආර්ය චක්‍රවර්ති' නගරාධිපති නිදැල්ලේ!

ජනපති, අගමැති දෙබෑයන් යටතේ සිංහල උරුමය විනාශවීම ගැන විරෝධය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ඩෝසර් කර ඇත්තේ බුවනෙකබාහු රාජ සභාවයි' - අගමැතිගේ පංච පුද්ගල කමිටුවේ සභාපති කියයි | The Leader