The Leader News
BREAKING
නිර්මාණශීලිත්වය යනු අපෝහක භෞතිකවාදී ක්‍රියාවලියකි●5% උද්ධමන ඉලක්කය 2027 දෙවන භාගය දක්වා කල්යයි●බොඳ වුණු සිහිනය පිළිබඳ හෙළිදරව් කෙරෙන කෘති ත්‍රිත්වයක්●කාවන්තිස්ස වියෝවෙන් පසු වනඅලි රැකවරණයට දැඩි අවධානයක්●පීඩිත මිනිසකු ගේ හෘද සාක්ෂියේ නාදය; සමෝරා මෂෙල්●ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට යයි●අතීතකාමී හැඟීම් සමුදායක පාඨකයා ගිල්වා තබන "මුවන්පැලැස්සේ හිඟන කොල්ලා"●කාවන්තිස්ස ඛේදවාචකය: කඳුළු සැලීමෙන් ඔබ්බට පද්ධතිය හදන සටන●බන්ධනාගාරගත හිමිවරුන්ගේ සිවුරු ප්‍රශ්නයට බෞද්ධ කොමසාරිස්ගේ අනුමැතිය පතයි●කාවන්තිස්සට වෙඩි තැබූ නිශ්චිත සාක්ෂි කෝ?●
Top Ad
සාහිත්‍ය - කලා

බොඳ වුණු සිහිනය පිළිබඳ හෙළිදරව් කෙරෙන කෘති ත්‍රිත්වයක්

Nethmini

Nethmini

October 20, 2026 • 2:00 PM

බොඳ වුණු සිහිනය පිළිබඳ හෙළිදරව් කෙරෙන කෘති ත්‍රිත්වයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාර සහ එහි ආරම්භය යනු ඉතා පහසුවෙන් අධ්‍යනය කළ හැකි විෂය පථය කින් එහාට ගිය ඉතා සංකීර්ණ මාතෘකාවකි.
  • නාරායන් ස්වාමි මේ කෘතිය මෙවන් විෂය පථයක අනෙකුත් කෘතියක් මෙන් නොම කියවීමට අලසකමක් ඇති නොවන ආකාරයෙන් සිත් ඇදගන්නාසුලු භාෂා හැසිරවීමකින් කරුණු ගොනු කර ඇති අතරම පරිවර්තක ඩබ්ලිව්.ජී.
  • ගුණරත්න මහතා ද පරිවර්තනයේ දී එම භාෂා භාවිතයේ රසය රැක ගනිමින් එය සිංහලයට පෙරළීමට සමත්කම් දක්වා ඇත.
  • සුදු රෙද්ද පොරවාගත් කළු නායකයින් තනි පුද්ගලයකු ගේ උමනාවකට තිස් අවුරුද්දක් ලේ වැගිරීම් සිදු වූ වගට බහුතරයක් අදටත් සිතා සිටිනා රටක සැබැවින් ම සිදුවූයේ කුමක්ද යන්න අපක්ෂපාතී අයුරින් කරනා අනාවරණයක් යැයි නොබියව පැවසිය හැකි කෘතියක් බවට මෙය අවිවාදාත්මකය.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාර සහ එහි ආරම්භය යනු ඉතා පහසුවෙන් අධ්‍යනය කළ හැකි විෂය පථය කින් එහාට ගිය ඉතා සංකීර්ණ මාතෘකාවකි. එය යටත් විජිත යුගයට පෙරත් පැවති වෙනම රාජ්‍යක සිට ඉන්පසු යටත් විජිත යුගයේ දී මහජාතිය වන සිංහලයින් පාගා දමමින් පාලක වුවමනාවලට සුළු ජාතිකයින්ට වැඩි වරප්‍රසාද භුක්ති විදීමට ඉඩ දීමේ සිට ඈත අතීතයක සිට ගලා ආ ඉතිහාසාත්මක දේශපාලනික සිදුවීම් දාමයක අවසන් ප්‍රතිඵලය යි.

සිත් ඇදගන්නාසුලු භාෂා හැසිරවීමක්

'ලංකා කොටි' යනු මෙකී ඊළාම් ව්‍යාපාරයේ මූලාරම්භය ගැනත්, එහි වර්ධනයන් ගැනත් මුලින් ම දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙළ ගැසුණු මෙම ව්‍යාපාරය පසුව සන්නද්ධ අරගලයක් කරා ඇදී ගිය ආකාරයත් පිළිබඳව සිදුකළ විශිෂ්ට අධ්‍යයනයකි. කෘතියෙහි කතුවරයා වූ ඉන්දීය ගවේෂණ පත්‍ර කලාවේදියකු වූ ඇම්. ආර්. නාරායන් ස්වාමි මේ කෘතිය මෙවන් විෂය පථයක අනෙකුත් කෘතියක් මෙන් නොම කියවීමට අලසකමක් ඇති නොවන ආකාරයෙන් සිත් ඇදගන්නාසුලු භාෂා හැසිරවීමකින් කරුණු ගොනු කර ඇති අතරම පරිවර්තක ඩබ්ලිව්.ජී. ගුණරත්න මහතා ද පරිවර්තනයේ දී එම භාෂා භාවිතයේ රසය රැක ගනිමින් එය සිංහලයට පෙරළීමට සමත්කම් දක්වා ඇත.

නිදහස ලබා ගැනීමෙන් පසුව 1948 දී වතුකරයේ දමිළ ජාතිකයන් මිලියනයක ගේ පුරවැසිභාවය අහෝසි කිරීමේ සිට 56 සිංහල පමණයි පනත, 58 හදිසි අවස්ථාව, දෙවන ජාතිවාදී කෝලාහය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බිහිවීම, උතුරේ කොල්ලන් අවි අතට ගැනීම, ගරිල්ලා සංවිධාන බිහිවීම, කළු ජූලිය, අනෙකුත් සංවිධාන මතින් කොටින්ගේ නැගී සිටීම, ඉන්දු ලංකා ගිවිසුම සහ ඉන්දීය හමුදා නික්ම යාමෙන් පසු දෙවන ඊළාම් යුද්ධයේ ආරම්භය දක්වා ලංකා ඉතිහාසයේ මෑත කාලීන ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් සම්බන්ධව ලාංකිකයන් වශයෙන් ඔබ දැන් ගත යුතු ඉතා වටිනා කරුණු රාශියක් මෙයට අන්තර් ගත වේ.

සුදු රෙද්ද පොරවාගත් කළු නායකයින්

තනි පුද්ගලයකු ගේ උමනාවකට තිස් අවුරුද්දක් ලේ වැගිරීම් සිදු වූ වගට බහුතරයක් අදටත් සිතා සිටිනා රටක සැබැවින් ම සිදුවූයේ කුමක්ද යන්න අපක්ෂපාතී අයුරින් කරනා අනාවරණයක් යැයි නොබියව පැවසිය හැකි කෘතියක් බවට මෙය අවිවාදාත්මකය. සුදු රෙද්ද පොරවාගත් කළු නායකයින් ගේ ක්‍රියා කවරේ ද? 1983 කලු ජූලිය වන විටත් ළදරු අවධියේ පැවති උතුරේ සංවිධාන වසර තුනක ඇවෑමෙන් ගරිල්ලා සංවිධාන බවට පත් වන්නේ කෙසේ ද? හේතුව කුමක් ද? එලෙස ශක්තිමත් වූ සංවිධානයක් ලොව සිව්වන බලසම්පන්න හමුදාවට අභියෝග කරනුයේ කෙලෙසින් ද? තමා ගේ සහෝදර සංවිධාන විනාශ කර දමන්නේ කෙලෙසින් ද? අපට වැරදුනේ කොතනද? වැරැද්ද නිවැරදි කරගැනීමට ලත් අවස්ථා මග හැර ගැනීමෙන් ඇති වූ අනිටු ප්‍රතිඵලයන් ට මුහුණ දීමට සිදුවීමේ වරද කා අතේද?

මෙවන් කෘති සැබැවින්ම සොයා ගැනීමට අපහසු දුර්ලභ කෘති බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි; මෙවන් කෘතීන් සැබැවින්ම ජනතාව අතරට යා යුතු කෘති ය.

සටහන - පියුමාල් කාවින්ද

උපුටා ගත්තේ Piyumal Kavinda ගේ face book පිටුවෙනි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Piyumal Kavinda#History#LTTE
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...