leader s

අසුව දශකයෙන් පසු මලයග ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සටන් කරමින් සිටිය දී ඝාතනය වු හා මිය ගිය නායකයන්ගේ මෙන්ම ඔවුන්ගේ අරගලයන් සම්බන්ධයෙන් ලිඛිත ඉතිහාසයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මලයග ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයක නායකයකු විසින් මතු කර තිබේ.


"අප අතර පර්යේෂකයන් සහ ශාස්ත්‍රඥයන් සිටිනවා. 80 දශකයේ සිට අපට කොපමණ පිරිසක් අහිමි වී ඇත්ද? ඔවුන් සහභාගී වූ අරගලය කුමක්ද? ඒ හිඩැස පුරවා එය සාක්ෂාත් කර ගැනීමේ අවශ්‍යතාවය ගැන අප සිතා බැලිය යුතුයි."

මලෛයග අරසියල් අරංගම් නායක මයිල්වාහනම් තිලකරාජ් ඒ බව සදහන් කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහි අරගලයක දිවිදුන් මුල්ම මලයහ දෙමළ විරුවා ලෙස සැලකෙන මුල්ඔය ගෝවින්දන්ගේ 86 වැනි අනුස්මරණයට එක්වෙමිනි.

 

ml02

වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය වෙනුවෙන් සටන් වැද සිටියදී පොලිස් සැරයන් සුරවීරගේ රයිෆල් උණ්ඩය 1940 ජනවාරි10 දින හේවාහැට මුල්ඔය වතුයායේ ගෝවින්දන්ගේ ජීවිතය බිලිගෙන තිබුනි.

 

කම්කරු නායක ගෝවින්දන් ඇතුළු මලය කඳුරට සටන්කාමීන්ට උපහාර පිනිස සෑම වසරකම ජනවාරි 10 වැනි දින කඳුකර දිවි පිදූවන්ගේ දිනය ලෙස අනුස්මරණය කිරීමට 2019 දෙසැම්බර් 15 වැනි දින මලෛයග උරිමෛකුරල් සහ පිඩිතලරාතේ යන සංවිධාන දෙකේ සංවිධානත්වයෙන් පැවති වතු කම්කරු සමරු උත්සවයකදී යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

2026 ජනවාරි 10 වැනිදා  කොටගල කොමර්ෂල් ලේක් ප්‍රදේශයේදී සිදු කළ අනුස්මරණයේ දී මලෛයග අරසියල් අරංගම් නායක මයිල්වාහනම් තිලකරාජ් එහිදී වැඩි දුරටත් පවසා තිබුනේ 1940 ජනවාරි 10 දින හේවාහැට මුල්ඔය වතුයායේ ගෝවින්දන්ගේ ජීවිතය බිලිගත් මොහොතේ සිට 1980 වසරේ මුලදී, මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පල්ලේගල වත්තේ මලයග ජනතාවගේ ඉඩම් අමිහිවීමට එරෙහිව දියත් කළ උද්ඝෝෂනයට නායකත්වය දුන් පලනිවේල් පොලිස් ප්‍රහාරයකින්  ඝාතනය වීම දක්වා  කම්කරු නායකයන් 36 දෙනකුගේ නම් හා අරගලය ලේඛන ගතව ඇතත් ඉන් පසු ඒවා ලේඛන ගත වී නොමැති බවයි.

ml01
කඳුරට දෙමළ ජනතාවගේ උරුමය වෙනුවෙන් සටන් වැදී දිවි දුන් විරුවන්ගේ දිනය අනුස්මරණය කිරීමට එක්ව සිටි නිදහස් මාධ්‍යවේදී රාමචන්ද්‍රන් සනත් සදහන් කර තිබුනේ මලෛයග ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සීටිමට මෙය සුදුසුම කාලයක් බවයි.

" සමාජ විමුක්තිය ගත්තොත් ඉඩම් අයිතිවාසිකම් තමයි ප්‍රධානම දේ. මලෛයග ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මෙය සුදුසු කාලයයි.  "

මෙවර කොටගල කොමර්ෂල් ලේක් ප්‍රදේශයේදී සිදු කළ අනුස්මරණය සංවිධානය කර තිබුනේ පිඩි තලරාඩේ සංවිධානය විසිනි.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්