The Leader News
BREAKING
Top Ad
පුවත්

චැනල් 4 හොල්ලපු අසාද් මවුලානාගේ 'පාස්කු කුමන්ත්‍රණ කතාව' යුරෝපයේ සිටින උතුරේ හිටපු සටන්කාමීන් ප්‍රතික්ෂේප කරති!

T

The Leader Desk

June 22, 2026 • 4:07 AM

චැනල් 4 හොල්ලපු අසාද් මවුලානාගේ 'පාස්කු කුමන්ත්‍රණ කතාව' යුරෝපයේ සිටින උතුරේ හිටපු සටන්කාමීන් ප්‍රතික්ෂේප කරති!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රකට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එම්.ආර්.
  • Narayan Swamy) විසින් Jaffna Monitor වෙබ් අඩවියට ලියන ලද විශේෂ අනාවරණයකින් මේ සම්බන්ධයෙන් බොහෝ කරුණු හෙළි කර ඇත.
  • වත්මන් දේශපාලන වටපිටාව තුළ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ද මවුලානාගේ මෙම ප්‍රකාශ පාදක කරගනිමිනි.
  • එහෙත් යුරෝපයේ දේශපාලන රැකවරණ (Asylum) ලබාගැනීම වෙනුවෙන් මවුලානා විසින් මෙම කතාව වෙනත් පාර්ශවයන්ගේ උදව් ඇතිව ප්‍රබන්ධ කර ඇති බවට ඔහුට සමීපව සිටි හිටපු සටන්කාමීන් සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 සුරේෂ් සලේ හඳුන්වා දෙන්න පිල්ලෙයාන් ඕනෑ නෑ කියා හෙළිදරව්වක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවන් ලෙස හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සහ පිල්ලෙයාන් (සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්) කටයුතු කළ බවට චැනල් 4 (Channel 4) නාලිකාව ඔස්සේ ලෝකයටම ප්‍රකාශ කළ අසාද් මවුලානාගේ සාක්ෂිවල නිරවද්‍යතාවය යුරෝපයේ වෙසෙන හිටපු ද්‍රවිඩ සන්නද්ධ සාමාජිකයන් පිරිසක් විසින් දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.

ප්‍රකට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එම්.ආර්. නාරායන් ස්වාමි (M.R. Narayan Swamy) විසින් Jaffna Monitor වෙබ් අඩවියට ලියන ලද විශේෂ අනාවරණයකින් මේ සම්බන්ධයෙන් බොහෝ කරුණු හෙළි කර ඇත.

වත්මන් දේශපාලන වටපිටාව තුළ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ද මවුලානාගේ මෙම ප්‍රකාශ පාදක කරගනිමිනි. එහෙත් යුරෝපයේ දේශපාලන රැකවරණ (Asylum) ලබාගැනීම වෙනුවෙන් මවුලානා විසින් මෙම කතාව වෙනත් පාර්ශවයන්ගේ උදව් ඇතිව ප්‍රබන්ධ කර ඇති බවට ඔහුට සමීපව සිටි හිටපු සටන්කාමීන් සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරයි.

මවුලානාගේ කතාව බොරුවක් බවට මතු කරන ප්‍රධාන කරුණු 4ක්

යුරෝපයේ (ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ) වෙසෙන PLOTE, EPRLF සහ EROS වැනි පැරණි කොටි විරෝධී ද්‍රවිඩ සංවිධානවල සාමාජිකයන් මවුලානාගේ රහස හෙළිකරන්නේ මෙසේය.

දේශපාලන කුමන්ත්‍රණයක් නොව පවුල් ආරවුලක්

මවුලානා 2021 දී ලංකාවෙන් පැන ගියේ දේශපාලන ප්‍රශ්නයක් නිසා නොව, බිරිඳන් දෙදෙනෙකු විවාහ කරගෙන සත්‍යය හෙළිවීමෙන් පසු ඇතිවූ පොලිස් පරීක්ෂණ සහ පවුලේ ප්‍රහාරවලින් බේරීමටය. ඔහු පිල්ලෙයාන්ගෙන් උදව් ඉල්ලා සිටියේ ද මෙම පවුල් ප්‍රශ්නයටය.

සලේට සහරාන්ව හඳුන්වා දෙන්න මවුලානා කුමකටද?

ස්වාමි මෙසේ සඳහන් කරන්නේය. "යථාර්ථය නම් මෙම ඉස්ලාම්වාදීන්ගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ දැන සිටි බවයි," නමින් හඳුනා ගැනීමට අකමැති දෙමළ මූලාශ්‍රයක් පැවසීය. "හමුදාව ඔවුන්ව (දිවයිනේ) නැගෙනහිර එල්ටීටීඊයට එරෙහිව භාවිතා කළේය. සලේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා විය. ඔහුට මේ මිනිසුන්ගෙන් එක් අයෙකු හඳුන්වා දීමට (පිල්ලයාන් ) අවශ්‍ය යැයි කීම ඇදහිය නොහැකි, සම්පූර්ණයෙන්ම විශ්වාස කළ නොහැකි කාරණයකි".

යුරෝපයට ආ සැණින් වෙනස් වූ ස්වරය

ප්‍රංශයේ වෙසෙන ප්ලොට් (PLOT) සංවිධානයේ හිටපු සාමාජික ඥානම් ස්ටාලින් පවසන්නේ මවුලානා යුරෝපයට පැමිණි විගස පිල්ලෙයාන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කර මුදල් සෙවීමට සහ සරණාගතබාවය (Asylum) තහවුරු කරගැනීමට සැලසුම් කළ බවයි.

බුද්ධි ප්‍රධානියෙක් රහස් කියයිද?

රාජපක්ෂලා බලයට ගෙන ඒමට "අනාරක්ෂිත තත්ත්වයක්" මවන ලෙස තමන්ට පැවසූ බව සුරේෂ් සලේ වැනි ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියෙකු පොල් වත්තකදී මවුලානා වැනි සාමාන්‍ය ලේකම්වරයෙකු ඉදිරිපිට ප්‍රකාශ කරයි යන කතාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිතය.

මවුලානා ද්‍රවිඩ හෝ මුස්ලිම් ජාතිකත්ව පීඩනයක් මත යුරෝපයෙන් රැකවරණ ඉල්ලා සිටීමට නොහැකි නිසා, තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බව පෙන්වීමට මෙම "පාස්කු බෝම්බ කතාව" ගෙතූ බවට පූර්ව නිගමන මතුවේ. සලේ දැනට රඳවා සිටියද, මවුලානාගේ ප්‍රකාශයන් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට අපොහොසත් වුවහොත් මෙම විමර්ශනය බරපතළ දේශපාලන ලැජ්ජාවකින් අවසන් වනු ඇත.


මුලාශ්‍රය :

Ex-Militants in Europe Question Maulana’s Easter Bombings Claims
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...