BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

අධික වැසි සහ සුළං හමුවේ දිස්ත්‍රික් 4කට නායයෑම් අනතුරු ඇඟවීම්: ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට!

T

The Leader Desk

August 3, 2026 • 5:23 AM

අධික වැසි සහ සුළං හමුවේ දිස්ත්‍රික් 4කට නායයෑම් අනතුරු ඇඟවීම්: ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *හැටන් සහ නුවරඑළිය පාසල් වසා තැබීමේ තීරණය විදුහල්පතිවරුන්ට පවරයි: ප්‍රධාන ගංගා ආශ්‍රිත පහත්බිම් සඳහා ගංවතුර අවදානමක්
  • මීට අමතරව කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 1 (අවධානයෙන් සිටින්න) යටතේ පූර්ව නිවේදන නිකුත් කර තිබේ.
  • පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් පාසල් වසා තබන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය අදාළ විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
  • ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉහළ යාම ගතවූ පැය 24 තුළ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් මහවැලි, කැලණි සහ කළු ගඟ ආශ්‍රිත ඉහළ පෝෂක ප්‍රදේශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*මහවැලි, කැලණි, කළු ගඟ ඉහළ ද්‍රෝණිවලට මිලිමීටර් 200 ඉක්මවූ වැසි: නාවික සහ ධීවර ප්‍රජාවටත් රළු මුහුද ගැන විශේෂ නිවේදනයක්

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් සහ පාසල් පාලනය

දිවයින පුරා පවතින තද වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක් සඳහා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව මහනුවර (පස්බාගේ කෝරළේ, ගඟ ඉහළ කෝරළේ), කෑගල්ල (යටියන්තොට) සහ නුවරඑළිය (අඹගමුව, නෝර්වුඩ්) යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 (විමසිලිමත් වන්න) යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මීට අමතරව කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 1 (අවධානයෙන් සිටින්න) යටතේ පූර්ව නිවේදන නිකුත් කර තිබේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් පාසල් වසා තබන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය අදාළ විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉහළ යාම

ගතවූ පැය 24 තුළ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් මහවැලි, කැලණි සහ කළු ගඟ ආශ්‍රිත ඉහළ පෝෂක ප්‍රදේශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මහවැලි ගඟ ඉහළ ප්‍රදේශ වන නාවලපිටිය, නානුඔය සහ වටවල වැනි ප්‍රදේශවලට මිලිමීටර් 200 ඉක්මවූ වැසි වාර්තා වී ඇති අතර, නාවලපිටිය සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ ආසන්නයේ වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

කැලණි ගඟ ඉහළ ප්‍රදේශයේ පිහිටි ලක්ෂපාන, නෝර්වුඩ් සහ කිතුල්ගල යන ප්‍රදේශවලට මිලිමීටර් 100-150ත් අතර වැසි ලැබීම නිසා හංවැල්ල, අවිස්සාවේල්ල සහ කිතුල්ගල අතර පහත්බිම් යටවීමේ අවදානමක් පවතී. එමෙන්ම රත්නපුර ඉහළ ප්‍රදේශවලට ද මිලිමීටර් 100 ආසන්න වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම අවදානම් මට්ටම දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් නිල්වලා, ගිංගඟ, මහ ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව දැවැන්ත ගංවතුර තත්ත්වයක අවදානමක් මතු වී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය තහවුරු කරයි.

තද සුළං සහ මුහුද රළු වීමේ අවදානම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා නිකුත් කළ අනාවැකියට අනුව සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50ට ආසන්න තද වැසි ඇතිවිය හැක. උතුරු මැද, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40-50ත් අතර තද සුළං හැමීමේ හැකියාවක් පවතී.

ස්වාභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ පවතින තද සුළං හේතුවෙන් ගොඩනැගිලි වහල, විදුලි හා සන්නිවේදන මාර්ග, වගාබිම් සහ වෙරළාශ්‍රිත යටිතල පහසුකම්වලට හානි සිදුවිය හැකි බවයි. එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාලු සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි අතර, රළ මට්ටම මීටර් 2.5 සිට 3 දක්වා උසස් විය හැක. එබැවින් සමුද්‍රීය කටයුතුවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස උපදෙස් දී තිබේ.

 

NBRO

 

landslide

landslide 2

flood warning

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...