The Leader News
BREAKING
Top Ad
පුවත්

වෙළෙඳ කලාප ගැටළු හොයන ඉහල මණ්ඩලයේ “කාන්තාවන් නෑ”

T

The Leader Desk

October 16, 2020 • 3:49 PM

වෙළෙඳ කලාප ගැටළු හොයන ඉහල මණ්ඩලයේ “කාන්තාවන් නෑ”

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාන්තාවන් අති බහුතරයක් රැකියාවේ නියුතු ආයෝජන ප්‍රවර්ධන කළාපයේ
  • එම බලකායේ සාමාජිකත්වය දරන්නේ සීමිත වෘත්තීය සමිති සංඛ්‍යාවක් බවද නිදහස් වෙළෙඳ කලාපයේ මුල් පෙලේ ක්‍රියාධාරිනියක් පවසයි.
  • අපි කියනවා ඔවුන්ට හාම්පුතුන්ගේ සංගමය විදිහට කාන්තාවන්ගේ නියෝජනය ඇති කරන විදිහට මේක යාවත්කාලීන කරන්න.
  • මොකද ඇදිරිනීති සමයක තමයි මේ කාර්ය සාධක බලකාය හදාගත්තේ එතන නියෝජනය වෙන්නේ වෘත්තිය සමිති 4 ක් විතරයි වෘත්තිය සමිති 14 කින්ම.
අකුරු ප්‍රමාණය (Font Size):

කම්කරු ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොරෝනා වසංගතය හිස එසවූ මුල් සමයේ පත් කළ ත්‍රෛ පාර්ශවීය කාර්ය සාධක බලකායේ  කාන්තා නියෝජනයක් නොමැති බව හෙළි වී තිබේ.

එම බලකායේ සාමාජිකත්වය දරන්නේ සීමිත වෘත්තීය සමිති සංඛ්‍යාවක් බවද නිදහස් වෙළෙඳ කලාපයේ මුල් පෙලේ ක්‍රියාධාරිනියක් පවසයි.

"මොකද මේ සදහා තියෙන්නේ එකම ආයතනය තමයි කාර්ය සාධක බලකාය.  ඒ කාර්ය සාධක බලකාය තුළ කාන්තාවන් නියෝජනය වෙන් නෑ. අපි කියනවා ඔවුන්ට හාම්පුතුන්ගේ සංගමය විදිහට කාන්තාවන්ගේ නියෝජනය ඇති කරන විදිහට මේක යාවත්කාලීන කරන්න. මොකද ඇදිරිනීති සමයක තමයි මේ කාර්ය සාධක බලකාය හදාගත්තේ එතන නියෝජනය වෙන්නේ වෘත්තිය සමිති 4 ක් විතරයි වෘත්තිය සමිති 14 කින්ම. එතකොට කිසිම කාන්තා නියෝජනයක් නෑ. "

ආරම්භයේ සිටම එම කාර්ය සාධක බලකාය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු ඉදිරියේම ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි එම හෙළිදරව්ව කළේ ඔක්තෝබර් 15 බ්‍රහස්පතින්දා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීම අතින් මැද පෙරදිග ශ්‍රමිකයන්ට පමණක් දෙවැනි වන නිදහස් වෙළෙඳ කලාපීය ඇගලුම්  කම්කරුවන් කොරෝනා වසගතයේ දෙවැනි රැල්ල හමුවේ දෙවැනි පුරවැසියන් සේ සලකා මාධ්‍ය හරහා  වෙනස් කොට සැලකීමට ලක් වු බවටත් චමිලා තුෂාරි එහිදී චෝදනා කළේය.

 

බ්‍රැන්ඩික්ස් “ස්වාධීන පරීක්ෂණ” එපා

බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ වෛරසය ව්‍යාප්ත වු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවට බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධානියා  ප්‍රකාශය කර තිබෙන බව පෙන්වා දෙන ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි එම ස්වාධීන පරීක්ෂණය ප්‍රතික්ෂේප කරන්නීය.

"මේ ස්වාධීන පරීක්ෂණය අපිට පිළිගන්න බෑ. ඒකේ කිසිම විනිවිදභාවයක් නෑ. මොකද ඒ ආයතනය තුළ වෘත්තිය සමිතියක්වත් නැහැ. එතකොට මේ කම්කරුවන්ට සැප්තැම්බර් මාසේ විසි ගණන්වල ඉලදා ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්තා. ඔවුන්ට නිවාඩුවක් දුන්නේ නෑ."

 "මේ ස්වාධීන පරීක්ෂණය අපිට පිළිගන්න බෑ. ඒකේ කිසිම විනිවිදභාවයක් නෑ. මොකද ඒ ආයතනය තුළ වෘත්තිය සමිතියක්වත් නැහැ. එතකොට මේ කම්කරුවන්ට සැප්තැම්බර් මාසේ විසි ගණන්වල ඉලදා ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්තා. ඔවුන්ට නිවාඩුවක් දුන්නේ නෑ."

  ඉදිරියේදී පැවැත්වීමට නියමිත ස්වාධීන  පරීක්ෂණය සදහා කම්කරු දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයතනයේ සේවයේ නිරත කම්කරු කාන්තාවන්, අනිවාර්යෙන්ම  නියෝජනය විය යුතු බවයි චමිලා තුෂාරි පවසන්නේ.

 බ්‍රැන්ඩික්ස්  ආයතනයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් තරුපහේ හෝටල් වල නිරෝධායනය වෙද්දී,එම ආයතනයේම කම්කරුවන් කිසිදු සනීපාරක්ෂක පහසුකමක් නොමැති ස්ථාන තුළ ගාල්කර ඇති බව  පෙන්වා දෙන ඇය මාධ්‍ය හමුවේදී ඉල්ලා සිටියේ ඔවුන්ට එලෙස වෙනස්කොට නොසලකන ලෙසයි.

''බ්‍රැන්ඩික්ස්  ආයතනයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් තරුපහේ හෝටල් වල නිරෝධායනය වෙද්දී,එම ආයතනයේම කම්කරුවන් කිසිදු සනීපාරක්ෂක පහසුකමක් නොමැති ස්ථාන තුළ ගාල්කර ඇති බව  පෙන්වා දෙන ඇය මාධ්‍ය හමුවේදී ඉල්ලා සිටියේ ඔවුන්ට එලෙස වෙනස්කොට නොසලකන ලෙසයි.''

"මෙහෙම වෙනස් කොට සලකන්න එපා, මේ රටේ පුරවැසියෝ.මේ රටේ කොදු නාරටිය, මේ රටේ කාන්තාවන්ගෙන් තමා මේ රටේ විදේශ විනිමය උපයගෙන තිබෙන්නේ. ඉතින් ඒ වගේ කාන්තාවන් ට ශ්‍රම බලකායකට මේ වගේ පහත්කොට සලකන්න එපා. මේ වගේ වෙනස් කොට සලකන්න එපා," යි ඇය වැඩි දුරටත් ඉල්ලා සිටියාය.

 බ්‍රැන්ඩික්ස් කම්හලෙන් පුපුරා ගිය දෙවැනි වසංගත රැල්ල දිනපතා සියගණනින් ගොදුරු කර ගනිමින් සිටියත්,  පළමුව වෛරසය ආසාදිත වු තැනැත්තා සොයා ගැනීමට බලධාරීන් අපොහොසත්ව සිටියදී, කෝවිඩ් සැක පිට  නිරෝධායනය සදහා ගෙන යනු ලබන නිදහස් වෙළද කලාපයේ සේවිකාවන්ට යුද හමුදාව අමානුෂික ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳ තොරතුරු සිවිල් සහ බහු ජන සංවිධාන කිහිපයක් පසුගියදා  අනාවරණය කර තිබුනි.

සබැඳි පුවත් :

නිදහස් වෙළෙඳ කලාපයේ රණවිරු නිරෝධායන මෙහෙයුම “අමානුෂිකයි” 

“බ්‍රැන්ඩික්ස් පොකුර” මතුකරන අයිතිවාසිකම් අර්බූදය - Kusal Perera 

බ්‍රැන්ඩික්ස් හෙවත් පාස්කු ප්‍රහාරය -2 : ඇටමැස්සා (42)

බ්‍රැන්ඩික්ස් නොකියන ඇත්ත ? - ඒ කාන්තාවගේ හෙළිදරව්ව !

මේ කව්ද? මොනවද කරන්නේ? - බ්‍රැන්ඩික්ස් අධිපති ඔමාර් (උපුල් ජෝශප් ප්‍රනාන්දු)  

මාස්ක් රට පටවන බ්‍රැන්ඩික්ස් වෙත රටම අනතුරේ හෙලීමේ චෝදනා! 

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් හෙළිවන "නූතන වහල් සේවය" 

කොරෝනා පුපුරායාම: රාජපක්ෂ ආන්ඩුවේ සහ ධනපති සමාගම්වල සාපරාධීභාවයේ නිර්මිතයක් - පානිනී විජේසිරිවර්ධන 

බ්‍රැන්ඩික්ස් කම්හලේ ආරක්ෂන ක්‍රමවේදයන් තිබී නැහැ - කම්කරුවෝ කියති

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...