බ්‍රැන්ඩික්ස් සමුහ ව්‍යාපාරයට අයත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයේ නියුතු කාන්තා කම්කරුවෙකුට

කොවිඩ්-19 ආසාදනය වී ඇතිබව ගම්පහ මූලික රෝහලේදී කරන ලද පරීක්ෂනයකින් අනාවරනය වීමත් සමග, ඇයව ඇසුරු කල 1000 කට අධික අවශේෂ කම්කරුවන් ද පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතින අතර මේ වන විට සමස්ත ආසාදිත සංඛ්‍යාව ඊයේ (06) රාත්‍රීය වන විට 708 ක් වී ඇති බව නිල වාර්තා වලින් ප්‍රකාශයට පත්වෙයි.

වෛරසය සමාජ ගතවී ඇති බවට සහ එය වේගයෙන් පැතිරී ඉමහත් ව්‍යසනයක් නිර්මානය කෙරෙමින් පවතින බව මෙම තතු මගින් බලගතුව අනාවරනය වෙයි.  

වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්‍යක්ෂ ජයරුවන් බන්ඩාර මාධ්‍ය අමතා ප්‍රකාශ කලේ, සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුනාගත් පර්ෂදයන්ට පිටතින් පසුගිය මාස ගනනාව තුල වෛරසය සමාජගතව ඇති බවයි. "මෙය අනතරායකාරී තත්වයක්" බව ඔහු අවධාරනය කර ඇත.

 

බ්‍රැන්ඩෙක්ස් ආයතනය

Brandex

මිනුවන්ගොඩින් ආසාදිතයන් හමුවීමේ සිද්ධියත් සමග බ්‍රැන්ඩික්ස් සමූහයට අයත් කම්හල්වල පවත්නා අනාරක්ෂිත සොඛ්‍ය තත්වය සම්බන්ධයෙන්, ඒවායේ සේවයේ නියුතු කම්කරුවන් සහ අවශේෂ මහජනතාව අතර බරපතල විරෝධයක් මතුවෙමින් ඇත.

බ්‍රැන්ඩික්ස් පරිපාලනය එයට ප්‍ර‍තිචාරී වසයෙන් ඇඟ බේරා ගැනීමේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කලේය.

"අපගේ කාර්ය මන්ඩල සාමාජිකයන්ගේත්, ඔවුනගේ ප්‍රජාවගේත්, සුරක්ෂිතතාව සදහා අපගේ උපරිම ප්‍රමුඛතාව ලබාදී ඇති බැවින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අප විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි ආරක්ෂන ක්‍රමවේද අඛන්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු" යනුවෙන් එහි සඳහන් වෙයි.

 

කම්හල තුල ම්ලේච්ඡ සූරාකෑමක් !

කම්හලේ කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පවසා ඇත්තේ, එහි සැබෑ තත්වය ඉහත නිවේදනයේ අඩංගු දෑ වලට මුලුමනින්ම විපරීත බවයි.

තම ජීවිත ආරක්ෂාව මුලුමනින්ම නොතකමින් සහ ආන්ඩුවේ "සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්" මුලුමනින්ම බැහැර කරමින්, කම්හල තුල ම්ලේච්ඡ සූරාකෑමක් සිදු කෙරෙමින් පවතින බව කම්කරුවෝ පවසති.  

ආසාදිත බවට පලමුවෙන්ම සොයාගත් කාන්තාව වයස 38 ක් වන දිවුලපිටියේ කාන්තාවකි. ඇය කන්ඩායම් නායිකාවක් වශයෙන් සේවය කර ඇත.

සති දෙකක් නිවාඩු ගෙන සිටි ඇය නැවත සේවයට පැමින දින දෙකක් රැකියාවේ නිරත වී ඇති අතර, දිගින් දිගටම රෝගී තත්වයෙන් පසුවන බැවින් රෝහලට ඇතුලත් වී තිබේ.

එහිදී ඇය ආසාදිත බව සොයා ගැනීමෙන් අනතුරුව කරන ලද පරීක්ෂන මගින් ඇයගේ දියනියද ආසාදිත බව අනාවරනය විය. ඒ හේතුවෙන් ඇය ඉගෙනුම ලැබූ පාසලේ සිසුන් සහ ගුරුවරුන් 1,500 ක් ස්වයං නිරෝධායනයට ලක් කෙරින.

''පසුගිය සතියේ උන වැලඳුනු කම්කරුවන් 100-200 ක් පමන කම්හලේ ගිලන් කාමරයට ගොස් ඒ පිලිබඳව පැමිනිලි කර තිබේ. මෙය සාමාන්‍ය වයිරසයක් යයි එහිදී ඔවුන්ට පවසා ඇත. එම කම්කරුවන් අසනීප නිවාඩු ඉල්ලු විට පාලකයන් නිවාඩු දීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් වැඩෙහි යොදවා තිබේ.''

පසුගිය සතියේ උන වැලඳුනු කම්කරුවන් 100-200 ක් පමන කම්හලේ ගිලන් කාමරයට ගොස් ඒ පිලිබඳව පැමිනිලි කර තිබේ. මෙය සාමාන්‍ය වයිරසයක් යයි එහිදී ඔවුන්ට පවසා ඇත. එම කම්කරුවන් අසනීප නිවාඩු ඉල්ලු විට පාලකයන් නිවාඩු දීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් වැඩෙහි යොදවා තිබේ.

එක් කම්කරුවෙක් ලෝසවෙඅ ට මෙසේ පවසා ඇත.

 "මෙච්චර ගානකට උන රෝගය තිබිලත් පීඑච්අයි ලාට දැනුම් දුන් නැත්තෙ ඇයි කියන ප්‍රශ්නය අපිට තියෙනව. ෂිප්මන්ට් හදිසි නිසා පරිපාලනය මෙය නොතකා හරින්නට ඇතැයි අපි සැක කරනවා." අධික ලෙස වැඩ කිරීමෙන් ඇතිවූ වෙහෙස නිසා මෙම තත්වය ඇතිවන්නට ඇතැයි කම්කරුවන් සිතූ බවද ඔහු තව දුරටත් පැවසීය.

සඳුදා පීසීආර් පරීක්ෂනයට පැමිනි කම්කරුවන් අතර කතාබහට ලක් වූ කරුනක් වූයේ, "නිසි පියවර නොගත්තේ ඇයි දැ"යි සමහර කම්කරුවන් නිලධාරීන්ගෙන් විමසන හෙයින් ඔවුන් තම දුරකථන අක්‍රිය කර සිටින බවයි.

මෙදින ‌වෛද්‍ය කන්ඩායම් විස්සක් පමන සහ පොලීසිය පැමින ඇත. එහෙත් මාධ්‍යයට කම්හල් පරිශ්‍රයට ඇතුලුවීම තහනම් කෙරිනි.  

අගුලු දැමීමෙන් අනතුරුව වයිරසය පැතිරීම සඳහා යම් සීමිත පියවර ගෙන තිබුනද දැන් සියල්ලම වාගේ ලිහිල් කෙරී ඇති බවත්, අත් සේදීම සඳහා විෂබීජහාරක පවා සම්පාදනය නොකෙරෙන බවත් කම්කරුවෝ පැවසූහ.

 

ගෝඨාභයගේ ආන්ඩුවෙන් ලැබෙන ආශීර්වාදය !

200 million face masks ''කම්කරුවන්ගේ ජීවිතවලට වඩා ආරක්ෂණය සඳහා වෙන් කිරීමට සිදුවන මුදල කෙරෙහි ගිජු වන හාම්පුතුන්ට "මාර්ගෝපදේශන" උල්ලංඝනය කිරීමට දිරිය ලැබී ඇත්තේ ජනාධිපති ගෝඨාභයගේ ආන්ඩුවෙන් ඒ සදහා ලැබෙන ආශීර්වාදය හේතුවෙනි. ''

කම්කරුවන්ගේ ජීවිතවලට වඩා ආරක්ෂනය සඳහා වෙන් කිරීමට සිදුවන මුදල කෙරෙහි ගිජු වන හාම්පුතුන්ට "මාර්ගෝපදේශන" උල්ලංඝනය කිරීමට දිරිය ලැබී ඇත්තේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවෙන් ඒ සදහා ලැබෙන ආශීර්වාදය හේතුවෙනි.

කොවිඩ් වසංගතයෙන් අර්බුදයට පත් කර්මාන්ත ගොඩ ගැනීම සඳහා කම්කරු වැටුප්, දීමනා සහ රැකියා කප්පාදු කිරීමේ බලය රාජපක්ෂ ආන්ඩුව හාම්පුතුන්ට ලබා දී ඇත.  

මිනුවන්ගොඩ කම්හලේ මෙන්ම බ්‍රැන්ඩික්ස් සමූහයට අයත් රත්මලාන සහ කොග්ගල යනාදී කම්හල්වලද සූරා කෑම උග්‍ර කරමින් කම්කරුවන්ගේ නිෂ්පාදන ඉලක්ක ඉහල දමා තිබේ.

මාස කිහිපයකට පෙර අගුලුදමා තිබු කම්හල යලි විවෘත කිරීමෙන් පසු නැව්ගත කිරිම් (ශිප්මන්ට්) වහාම යැවිය යුතුයැයි පවසමින් මිනුවන්ගොඩ කම්හලේ පරිපාලනය වැඩ වේගවත් කර තිබිණ.

Brandex Workලඟා විය නොහැකි අධික වැඩ ඉලක්කයන් පවරමින් එයට දිරිදීමනාව ගැට ගසා ඇත

 පසුගිය මාසයේ අතිකාල සහිතව වැඩියෙන් වැඩ කලද, කම්කරුවන්ගේ වැටුප අගුලු දැමීමට පෙර තිබූ තත්වයට සාපේක්ෂව අඩුවී ඇත. දැන් ලඟා විය නොහැකි අධික වැඩ ඉලක්කයන් පවරමින් එයට දිරිදීමනාව ගැට ගසා ඇත.

පැමිනීමේ දීමනාව ගනනය කරනුයේ කන්ඩායමක සමස්ත පැමිනීම සැලකිල්ලට ගනිමිනි. කන්ඩායමකට නිශ්චිත නිවාඩු සංඛ්‍යාවක් නියම කර ඇති අතර, යම් විටකදී  මෙම සංඛ්‍යාව එක් දිනක් හෝ ඉක්මවා ගියහොත් දීමනාව අඩුවේ.

මෙය ලබා ගැනීමට කන්ඩායමේ සියලුදෙනා සෑම දිනකම පාහේ වැඩට යා යුතුය. එක් කන්ඩායමකට 40-50 ක් අතර කම්කරුවන් සංඛ්‍යාවක් අඩංගු වෙයි.

කන්ඩායම් කිහිපයකින් සමන්විත තම පේලියේ කම්කරුවන් 130 ක් පමන සිටින බවත්, සියල්ලන්ටම හිමි මුලු නිවාඩු ගනන 90 ක් පමනක් බවත් කම්කරුවෙක් පැවසීය.

කම්කරුවෙකුට ලැබෙන උපරිම දීමනාව රු. 3,000 ක් වන අතර ඉහත දක්වා ඇති නිවාඩු සංඛ්‍යාව ඉක්මවා ගියහොත් ඉන් රු. 2,000 ක් කපා දැමේ.

Brandex Work1 ''පෙර පැයකට කෑලි 60ක් ව පැවති ඉලක්කය දැන්  80 හා 90 දක්වා ඉහල දමා තිබේ.''

කොග්ගල කම්හලේ කලමනාකරු, එහි කම්කරුවන් අමතා, අගෝස්තු මස ප්‍රකාශ කර ඇත්තේ ඇනවුම් අවලංගු වූ බැවින්, කර්මාන්තය පවත්වා ගැනීම සඳහා, තව දුරටත් වැටුප් කප්පාදු කිරීමට සිදුවන බවයි.

මෙම කම්හලේ කොරෝනා වසංගතය පැමිනීමට පෙර පැයකට කෑලි 60ක් ව පැවති ඉලක්කය දැන්  80 හා 90 දක්වා ඉහල දමා තිබේ.

රත්මලාන කම්හලේ කොරෝනා වසංගතය පැමිනීමට පෙර සේවකයින් 28ක් පැයට කෑලි 150ක්, එනම් දිනකට කෑලි 1500ක් සැපයිය යුතුව තිබුනු අතර දැන්, සේවකයින් 38ක් පැයට කෑලි 230ක්, එනම් දිනකට කෑලි 2300ක් සැපයිය යුතුය.

 

මුහුනු ආවරන (මාස්ක්) ලක්ෂ 110 නිපයුවත් පාඩුයි ලු!

මාර්තු 17 අගුලු දැමීම සිදු වනතුරු කම්කරුවෝ වැඩ කලද මිනුවන්ගොඩ කම්හලේ අප්‍රේල් බෝනස් මුදල කප්පාදු කර ඇත. දෙසැම්බර් මස බෝනස් මුදල ගෙවීමද අවිනිශ්චිතය.

පසුගිය මාස තුන ඇතුලත මුහුනු ආවරන (මාස්ක්) ලක්ෂ 110 ක් නිපැයූ නිසා කම්හල පාඩු ලබනවා යැයි කලමනාකාරිත්වය කරන ප්‍රකාශ විශ්වාස කල නොහැකි බවත් කම්කරුවෝ පවසති.

මිනුවන්ගොඩ කම්හලේ 1,400 ක් පමන සේවයේ නිරතවන අතර, බහුතරයක් මිනුවන්ගොඩ අවට ගම්මානවලින් පැමිනෙන අතර යාපනය, ත්‍රිකුනලාමය සහ නුවර සිට පැමිනි කම්කරුවෝද සිටිති.

මෙහි ජැකට්, ටීෂර්ට්, ජර්සි සහ කාන්තා ඇඳුම් නිපදවන අතර ඒවා. ඇමරිකානු වෙලඳපොලට අපනයනය කෙරේ.

අගුලු දමා පැවති දෙමස තුලදී කම්කරුවන් 300 ක් පමනක් වැඩෙහි නිරත කෙරුනු අතර, ඔවුන්ට මුලික වැටුප පමනක් ද අනෙකුත් කම්කරුවන්ට මුලික වැටුපෙන් අඩක් පමනක් ද එම කාලය තුලදී ගෙවා ඇත.

''නැවත විවෘත කිරීමෙන් පසුව දිරිදීමනාව කප්පාදු කර ඇති බැවින් රු. 8,000 කින් පමන කම්කරුවකුගේ සාමාන්‍ය වැටුප අඩුවී තිබේ. එමනිසා කම්කරුවන් 50 ක් පමන කම්හල අත්හැර ගොස් තිබේ. ''

නැවත විවෘත කිරීමෙන් පසුව දිරිදීමනාව කප්පාදු කර ඇති බැවින් රු. 8,000 කින් පමන කම්කරුවකුගේ සාමාන්‍ය වැටුප අඩුවී තිබේ. එමනිසා කම්කරුවන් 50 ක් පමන කම්හල අත්හැර ගොස් තිබේ.

ඉවත්ව ගිය කම්කරුවන්ට වන්දි නොගෙවා ඇති අතර, දැන් මිනිස් බල සේවා කම්කරුවන් 50 ක් පමන සේවයට බඳවාගෙන ඇත.

අගුලු දමා යලි විවෘත කිරීමෙන් පසුව ඇනවුම් අඩුවී ඇතැයි පවසමින් මිනුවන්ගොඩ කම්හලේ හතර දෙනෙකු පොලොන්නරුවේ කම්හලට මාරුකර යැවීමට තැත් කර තිබේ. මෙය වන්දි නොගෙවා ඉල්ලා අස්වීමට බල කිරීමක් බව කම්කරුවෝ පවසති. ඇත.

 මෙම උපක්‍රමයම යොදා ගනිමින් රත්මලාන බ්‍රැන්ඩික්ස් කම්හල් සංකීර්නයේ ස්ථිර සේවයේ සිටි සේවකයින් 60 ක පිරිසක් නෙරපා හැර ඇත. මෙම පිරිසට කලමනාකරනය දැනුම් දුන්නේ වන්දියක් දී නෙරපීමට තීන්දු කර ඇති බවයි.

පරිපාලනයේ තීරනය ප්‍රතික්ෂේප කලහොත් දුර බැහැර කම්හලකට මාරු වී යාමට සිදුවන බැවින් සොච්චම් වන්දි මුදලක් ලබා ගෙන ඉවත් වී යාමට ඔවුන්ට සිදුවිය.

 

වැඩ වැඩිවී, වැටුප අඩුවී ඇත !

වැඩ වැඩිවී, වැටුප අඩුවී ඇති තතු යටතේ වියදම වැඩිවී ඇති බැවින් තමන් ඉතා අසීරු තත්වයකට මුහුන දී ඇති බව සෑම කම්කරුවෙකුගේම අදහස විය.

මිනුවන්ගොඩ කම්හලේ, වසර 22 ක උපරිම සේවා කාලයක් සහිත පුහුනු කම්කරුවෙකුට ලැබෙනුයේ රු.45,000 කට වඩා අඩු මාසික වැටුපකි. වසර 12 ක පමන සේවා කාලයක් ඇති තමාගේ මුලික වැටුප රු. 26,000 ක් බවත්, මුලු වැටුප උපරිම රු. 32,000 ක් බවත් කම්කරුවෙක් පැවසීය.

මෙය අගුලු දැමීමට පෙර ඔහු ලබාගත් රු. 38,000 කට සාපේක්ෂව රු. 6,000 ක වැටුප් කැපීමකි.

වැඩ වැඩිවී, වැටුප අඩුවී ඇති තතු යටතේ වියදම වැඩිවී ඇති බැවින් තමන් ඉතා අසීරු තත්වයකට මුහුන දී ඇති බව සෑම කම්කරුවෙකුගේම අදහස විය.

ආරක්ෂන ක්‍රමවේදයන් මුලුමනින්ම නොතකා හැර කම්කරුවන් වසංගතයට ගොදුරු කෙරෙන අතරේ, ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑම උග්‍ර කෙරී ඇත්තේ බ්‍රැන්ඩික්ස් සමූහයේ පමනක් නොවේ. මිනුවන්ගොඩින් එලිමහනට පැමින ඇත්තේ ඉන් එක් උදාහරනයක් පමනි.  

(මූලාශ්‍රය - wsws.org)

post 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්