The Leader News
BREAKING
Top Ad
පුවත්

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් හෙළිවන "නූතන වහල් සේවය"

T

The Leader Desk

October 8, 2020 • 4:26 PM

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් හෙළිවන "නූතන වහල් සේවය"

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනාවෛරස පොකුරක් නිර්මාණය වීමත්
  • දැනට වාර්තාවී ඇති පරිදි, මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1044 දක්වා ඉහළ ගොස් ඇති බව PCR පරීක්ෂණ වලින් තහවුරු කර ගෙන ඇත.
  • වෘත්තීය සමිති නායකයින් හා කම්කරු ක්‍රියාකාරීන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, මෙම සිදුවීමත් සමගම බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ පාලනාධිකාරිය පමණක් නොව අනෙකුත් කම්හල් විසින් ද සිය මූලික වගකීම් පැහැර හැර ඇතැයි අනාවරණය වෙමින් පවතින බවය.
  • "මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ලංකා කර්මාන්තශාලාවේ ඛේදවාචකය සේවක සේවිකාවන් නූතන වහලුන් ලෙස යොදාගෙන ඇති ආකාරය ගැන බොහෝ දේ කියන්නකි.
අකුරු ප්‍රමාණය (Font Size):

සමඟම සමාජය තුළ වසංගතය සම්බන්ධයෙන් පවතින භීතිය නැවතත් වර්ධනය වී ඇතත්, සමාජයේ පවතින අඩුපාඩු සහ නිලධාරීන්ගේ නොසැලකිල්ල මත ශ්‍රී ලංකාවට මෙම නව තත්වයට මුහුණ දීමට සිදු වී ඇතැයි එමගින් පෙන්නුම් කෙරෙන බව විශ්ලේෂකයෝ පවසති.

දැනට වාර්තාවී ඇති පරිදි, මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1044 දක්වා ඉහළ ගොස් ඇති බව PCR පරීක්ෂණ වලින් තහවුරු කර ගෙන ඇත.

වෘත්තීය සමිති නායකයින් හා කම්කරු ක්‍රියාකාරීන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, මෙම සිදුවීමත් සමගම බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ පාලනාධිකාරිය පමණක් නොව අනෙකුත් කම්හල් විසින් ද සිය මූලික වගකීම් පැහැර හැර ඇතැයි අනාවරණය වෙමින් පවතින බවය.

"මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ලංකා කර්මාන්තශාලාවේ ඛේදවාචකය සේවක සේවිකාවන් නූතන වහලුන් ලෙස යොදාගෙන ඇති ආකාරය ගැන බොහෝ දේ කියන්නකි.

අපි තරයේ විශ්වාස කරන්නේ, අවශ්‍ය පූර්වාරක්ෂක පියවර එලදායී ලෙස ක්‍රියාත්මක වූයේ නම්, ශ්‍රම බලකායෙන් අඩකට කොවිඩ්-19 වෛරසය වැළඳීමේ හැකියාවක් නොතිබෙනු ඇති බවයි," නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ඇන්ටන් මාකස් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මේ චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමෙන් කළ විමසීම් වලට මේ ලිපිය පළ කරන අවස්ථාව වන තුරුම ප්‍රතිචාරයක් ලැබී නැත.

 

'අමානුෂික සූරා කෑමක්'

Brandix Minuwangodaමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ලංකා කර්මාන්තශාලාව (Getty Images)

කෝවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ සමස්ත අපනයන නිෂ්පාදන අංශයම ගැඹුරු අර්බුදයකට තල්ලු කර ඇති අතර, ඒ අතරින් තමන් වඩාත්ම අමානුෂික ලෙස සූරාකෑමකට නිරාවරණය වී තිබෙන බව ඇඟලුම් කර්මාන්තයේ යෙදෙන සේවකයෝ පවසති.

කෝවිඩ්-19 වෛරසය පැතිරීමත් සමඟම කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් කර්මාන්තශාලා වසා දැමීමට සිදු වූ විට, හාම්පුතුන් ඔවුන්ගේ ශ්‍රම බලකාය අඩු කිරීම පිණිස එය භාවිත කළ බවට ඇන්ටන් මාකස් චෝදනා කරන අතර ඔහු පවසන්නේ "මිනිස් ජීවිත පිළිබඳ නොසැලකිල්ල වෙනත් ඇඟලුම් සමාගම් කම්හල්වල නොවෙනස්ව දැකිය හැකි," බවය.

"කම්කරුවන්ගේ යහපත කෙරෙහි අවධානය යොමු නොකර කම්කරුවන් අධික ලෙස සූරාකෑමට ලක්කරන ඇඟලුම් කර්මාන්තය ඔවුන්ගේ කර්මාන්තශාලා වල කෝවිඩ්-19 වැළැක්වීමේ පියවරයන් ගෙන නොමැත."

"කම්කරුවන්ගේ යහපත කෙරෙහි අවධානය යොමු නොකර කම්කරුවන් අධික ලෙස සූරාකෑමට ලක්කරන ඇඟලුම් කර්මාන්තය ඔවුන්ගේ කර්මාන්තශාලා වල කෝවිඩ්-19 වැළැක්වීමේ පියවරයන් ගෙන නොමැත."

 

''සැප්.  20 වන දා සිට සේවකයින් තුළ ශ්වසන රෝග තිබිලා''

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරන්නේ, කර්මාන්තශාලාවේ සේවකයින්ගේ තොරතුරු විශ්ලේෂණය කිරීමේදී සැප්තැම්බර් 20 වන දා සිට සමහර සේවකයින් තුළ ශ්වසන රෝග තිබී ඇති බවත් සැප්තැම්බර් 28 වන දින සිට රෝග ලක්ෂණ වර්ධනය වීමක් පෙන්නුම් කරන බවත් ය.

Ajith Rohanaමේ අතර මෙම කර්මාන්තශාලාවේ සේවකයින් සැප්තැම්බර් 20 වන දාටත් ප්‍රථම සිට අසනීප තත්වයෙන් පසුවී ඇතැයි පොලීසිය පැවැත්වූ මූලික පරීක්ෂණ වලින් හෙළිවූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බීබීසී සිංහල සේවය සමග පැවසීය.

ඔක්තෝබර් 04 වන ඉරිදා ගම්පහ රෝහලට ඇතුළත් කළ සේවිකාව රෝහලෙන් අහඹු ලෙස පරීක්‍ෂා කරන තෙක් සැප්තැම්බර් 20 වන දා සිට බ්‍රැන්ඩික්ස් ලංකා කළමනාකාරිත්වය එම කම්කරුවන්ගෙන් කිසිවෙකු නිසි වෛද්‍ය පරීක්ෂණයකට සිදු කිරීමට හෝ අවම වශයෙන් මහජන පරීක්ෂක වරයා දැනුවත් කිරීමට හෝ පියවර ගෙන නොතිබීම විමතියකට කරුණක් යැයි නිලධාරීහු පවසති.

"මේක තමයි මේ ගොඩාක් සේවකයන්ගේ තත්වය, මේ අයට හරියට සේවක අයිතීන් නෑ. ගොඩාක් අයට වැඩකරන වෙලාවට හරියට වැසිකිලියට යන්නවත් වෙලාවක් නැහැ," නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන් වෙනුවෙන් ක්‍රියාකරන ඩාබිඳු එකතුවේ චමිලා තුෂාරි බීබීසී සිංහල සේවය සමග පැවසීය.

Chamila Thushari Dabindu"මේක තමයි මේ ගොඩාක් සේවකයන්ගේ තත්වය, මේ අයට හරියට සේවක අයිතීන් නෑ. ගොඩාක් අයට වැඩකරන වෙලාවට හරියට වැසිකිලියට යන්නවත් වෙලාවක් නැහැ,"  
-නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන්
වෙනුවෙන් ක්‍රියාකරන ඩාබිඳු එකතුවේ චමිලා තුෂාරි

ඇය පැවසුවේ සමහර කර්මාන්තශාලා වන් හි නිසි සෞඛ්‍ය රෙගුලාසි පැවතුනත් සේවකයින් නවාතැන් ගෙන සිටින ස්ථානවල තත්වය ඉතාමත් දුක්ඛිත බවය.

"සමහර බෝඩිම් වල ළමයි 60-70 එකට ඉන්නවා, සමහර වෙලාවට 100 දෙනෙක් විතර පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ එකම වැසිකිලිය. කෑම කන්න තියෙන්නේ එක මේසයයි. එතකොට ෆැක්ටරියේ මීටරය දුර තියල නියමෙට රෙගුලාසි ක්‍රියාත්මක උනත් වැඩක් නැහැ ළමයි බෝඩිමට ආවහම තත්වය මේකනම්," චමිලා තුෂාරි පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය බීබීසී සිංහල සේවය සමග පැවසුවේ අදාළ ආයතනය ඔක්තෝබර 4 වන ඉරිදා වන තෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් දැනුවත් නොකළ අතර එසේ දැනුවත් කළේ නම් මෙම තත්වය මෙසේ නොවන්නට තිබුණු බවය.

''මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය බීබීසී සිංහල සේවය සමග පැවසුවේ අදාළ ආයතනය ඔක්තෝබර 4 වන ඉරිදා වන තෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් දැනුවත් නොකළ අතර එසේ දැනුවත් කළේ නම් මෙම තත්වය මෙසේ නොවන්නට තිබුණු බවය.''

ඔහු තවදුරටත් පැවසුවේ මෙම ආයතනය පමණක් නොව අනෙකුත් ආයතනවලත් පැවති ලිහිල් තත්වය හේතුවෙන් කෝවිඩ් වසංගත උවදුර බැරෑරුම් වී ඇති බවය.

මහජනතාවද නිසි සැලකිල්ලක් නොදැක්වූ බව පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය, තමන්ට යම්කිසි පුද්ගලයෙකු පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් නිරෝධායන නීතිය යටතේ අදාළ කර්මාන්ත ශාලාවන්ට එරෙහිව ක්‍රියා කළ හැකි බව පෙන්වා දුන්නේය.

Health teamමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් වගකිව යුතු බවට චෝදනා...

සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් අද ඇතිවී තත්වයට වග කිවයුතු බවය.

ඔවුන්ගේ වගකීම් සහ රාජකාරීන් පැහැර හැරිම තුළ මෙම තත්වයට රටට මුහුණ දීම සිදුවී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වී තිබිණ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බීබීසී සිංහල සේවය සමග පැවසුවේ නිරෝධායන රෙගුලාසි පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කළ හැකි අතර ඔවුන් වරද කරු වූ විට රුපියල් 10,000ක් දඩයක් හා මස තුනක සිර දඬුවමක් නියම කළ හැකි බවය.

යම් කිසි හෙයකින් කිසිවෙකු මරණයට පත් වුවහොත් නිරෝධායන නීති වලට අවනත නොවීම හා නොසැලකිලිමත් කමින් ජිවිතයක් නැතිකිරීම යන චෝදනා අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව නඩු පැවරිය හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

(රංග සිරිලාල් -BBC සිංහල, කොළඹ)

 සබැඳි පුවත් :

කොරෝනා පුපුරායාම: රාජපක්ෂ ආන්ඩුවේ සහ ධනපති සමාගම්වල සාපරාධීභාවයේ නිර්මිතයක් - පානිනී විජේසිරිවර්ධන

බ්‍රැන්ඩික්ස් කම්හලේ ආරක්ෂන ක්‍රමවේදයන් තිබී නැහැ - කම්කරුවෝ කියති 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...