The Leader News
BREAKING
ඉල් පොහොය දිනයේ තයියිට්ටි තිස්ස විහාරය ඉදිරිපිට දෙමළ  ඉඩම් හිමියන්ගේ විරෝධයක්●ලෝක ජනමතය මැද සාමය සොයන පලස්තීනය |ඉම්තියාස් බාකීර් මාකාර්●ආණ්ඩුව ගැන මිථ්‍යාවන් දහයක්: ප්‍රචාරණයෙන් ඔබ්බට දේශපාලන ප්‍රගතිය විමසීම●දුම්රියේදී නඩු ගැන කතා කළ බ්‍රිතාන්‍ය විනිසුරුවරයාට අවවාද●2035 දී ලොව විශාලතම ආගම බවට පත්වන ඉස්ලාමය ගැන ඇත්ත කතාව●ADB හි ඩොලර් මිලියන 200 ණයෙන් මෙරට සුළු ව්‍යාපාරවලට පණ ලැබෙයිද?●ගුවන් තොටුපළේ ලිස්සා වැටී මැලේසියා අමාත්‍යවරයෙකුට තුවාල●සැබෑවටම, නාගරික මැදපංතියට අවුලක් තියේද? | කුසල් පෙරේරා●දින 11ක නාටකීය නිහැඬියාවකින් පසු ජෙන්සන් හුවාන් යළි Nvidia මුල් පුටුවට●රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය●
Top Ad
පුවත්

ඉල් පොහොය දිනයේ තයියිට්ටි තිස්ස විහාරය ඉදිරිපිට දෙමළ ඉඩම් හිමියන්ගේ විරෝධයක්

Pasan

Pasan

November 25, 2026 • 8:02 PM

ඉල් පොහොය දිනයේ තයියිට්ටි තිස්ස විහාරය ඉදිරිපිට දෙමළ  ඉඩම් හිමියන්ගේ විරෝධයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් හමුදා බලයෙන් උතුරේ ඉදිකර තිබෙන තිස්ස බෞද්ධ විහාරය ඉවත් කරන ලෙස බලකරමින් යළිත් වතාවක් විරෝධතාවයක් දියත් කර තිබේ.
  • බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පසුගිය වසරේ දී පාර්ලිමේන්තුවට හෙළි කර තිබුනේ හමුදා අනුග්‍රහයෙන් කන්කසන්තුරේ තයියිට්ටියේ ඉදිකර ඇති තිස්ස විහාරය ඒ දක්වාම ලියාපදිංචි කර නැති බවයි.
  • පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ නොවැම්බර් 24 වැනිදාට යෙදී තිබු ඉල් පොහොය දිනයේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයන්ගේ නායකත්වය යටතේ දෙමළ ජනතාව තිස්ස විහාරය සමීපයේ විරෝධතා දියත් කළ බවයි.
  • "අපේ ඉඩම අපිට දියව්, අපේ ඉඩම අපිට දියව්" යනුවෙන් ඔවුන් සිංහල බසින් ද සටන් පාඨ කියා තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් හමුදා බලයෙන් උතුරේ ඉදිකර තිබෙන තිස්ස බෞද්ධ විහාරය ඉවත් කරන ලෙස බලකරමින් යළිත් වතාවක් විරෝධතාවයක් දියත් කර තිබේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පසුගිය වසරේ දී පාර්ලිමේන්තුවට හෙළි කර තිබුනේ හමුදා අනුග්‍රහයෙන් කන්කසන්තුරේ තයියිට්ටියේ ඉදිකර ඇති තිස්ස විහාරය ඒ දක්වාම ලියාපදිංචි කර නැති බවයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ නොවැම්බර් 24 වැනිදාට යෙදී තිබු  ඉල් පොහොය දිනයේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයන්ගේ නායකත්වය යටතේ දෙමළ ජනතාව තිස්ස විහාරය සමීපයේ  විරෝධතා දියත් කළ බවයි.

"අපේ ඉඩම අපිට දියව්, අපේ ඉඩම අපිට දියව්" යනුවෙන් ඔවුන් සිංහල බසින් ද සටන් පාඨ කියා තිබුනි.

පවුල් 16කට අයත් අක්කර අටහමාරක ඉඩම් ගැටලුව

තිස්ස රජමහා විහාරස්ථානය ඉදි කිරීමට යුද්ධයෙන් අල්ලා ගන්නා ලද සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 16 ට අයත් අක්කර අට හමාරකට ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.

“ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.

"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව 2023  අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ වැඩි දුරටත්  සදහන් කර තිබේ.

දෙමළ ජනයාට ඔප්පු ඇති ඉඩම් යුද්ධයෙන් අත්පත්කරගනිමින් තයියට්ටියේ ඉදිකර ඇති විහාරය සැබෑ තිස්ස විහාරය නොවන බවට නාගදීප පුරාණ රජමහා විහාරාධිපති හා උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් ද සදහන් කර ඇත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...