සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීම සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ අතිරේක සොලිසිටර් ජනරාල් සාද් නාවාදි ඇතුළු කණ්ඩායම මේ වන විට සවුදි අරාබියේදී විශේෂ සාකච්ඡාවල නිරත වෙමින් සිටිති.
අනෝජන් සිවරාසාට ලබාදී ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදුකරමින් ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා හැකි සියලු මාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම සවුදි අරාබියේ අදාළ බලධාරීන් සහ නීතිමය පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් මරණ දඬුවම වෙනුවට වෙනත් නීතිමය සහනයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.
අනෝජන් සිවරාසාගේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු සහ ජනතා අවධානය ද මේ සඳහා පුළුල් අවධානයක් යොමුවීමට හේතු වී ඇති අතර, ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව වාර්තා වේ.
මෙම විශේෂ සාකච්ඡා සඳහා සහභාගි වන ශ්‍රී ලාංකේය නීති විශේෂඥ කණ්ඩායම මෙසේය,
2. ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්, විනිසුරු එම්.ටී. මොහොමඩ් ලෆාර්
3. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් හෆීස් අසාර්ඩ් නවාවි
4. ජනාධිපති නීතිඥ කේ.ඒ. උපුල් ඉන්දික කුමාරප්පෙරුම
5. නීතිඥ ෆාරිස් ෆසාල් අබ්දුල් හෆීල් මොහොමඩ්
6. ෆයිසර් මුස්තාපා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් රියාස්දීන් සිල්මි



