එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන සතියේ ලංකාවට ගොඩ බැසීමට නියමිතය.

යහපාලන ආණ්ඩු සමයේදී එනම් 2019 වසරේ ජුනි මස අගදී මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කිරීමත් සමග එවකට විපක්ෂයේ සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊට විරෝධය පළකළේ මෙසේය.

කෙසේවුවද මයික් පොම්පියෝ ගේ එම සංචාරය හදිසියේ ම අවලංගු විය.

ඒ අනුව, 2015 වසරේ දී එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ ආරාධනයෙන් ජෝන් කෙරී පැමිණීමෙන් පසුව, ලංකාවට පැමිණෙන එක්සත් ජනපද යේ ඉහළම රාජ්‍ය නිළධාරියා වන්නේ මයික් පොම්පියෝ ය.

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස මුල පැවැත්වීමට නියමිතව තිබිය දී මයික් පොම්පියෝ මෙසේ කඩිමුඩියේ ශ්‍රී ලංකාවට පැමිණීම විදෙස් රාජ්‍යතන්ත්‍රීකයින්ගේ පවා විමතියට හේතුවී ඇත.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ සංචාරය හා චීන බලපෑම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පසුගියදා ප්‍රකාශකර සිටියේ, චීනය හා ඇමෙරිකාව අනාගතයේ ඔවුන්ගේ යුධ පිටිය බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ සටන ආරම්භ කර ඇති බවයි.  

 

සබැඳි පුවත් :

චීන හාදකම්වලට විරෝධය පෑමට එක්සත් ජනපද ලොක්කෙක් කොළඹ එයි

ආණ්ඩුවේ ඉන්දු, චීන සාකච්ඡා වලට පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොළඹ එයි  

ශ්‍රී ලංකා -චීන ගනුදෙනු ගැන ඇමරිකාව කනස්සල්ලෙන් : රාජ්‍ය ලේකම් පොම්පියෝ දිවයිනට 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්