නෙවාඩා ප්‍රාන්තයේ ඡන්ද තවමත් ගණන් කෙරෙමින් පවතින අතර තවමත් එහි ප්‍රතිඵලය අවිනිශ්චිතය.
 
මැතිවරණ අක්‍රමිකතා වී ඇතැයි චෝදනා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණය ව්‍යාපාරය විසින් ඇතැම් ප්‍රාන්තවල නීතිමය පියවර ගනු ලැබ ඇත.
 
එහෙත් නෙවාඩා ප්‍රාන්තයේ නීතිපති ඒරොන් ෆෝර්ඩ් පවසන්නේ මුහුණ දීමට සිදුවන කවර හෝ නඩු හබයක් පිළිබඳ ප්‍රාන්තය තැකීමක් නොකරන බවකි. 
 
සීඑන්එන් වෙත ප්‍රකාශයක් කරමින් ප්‍රාන්තයේ ඡන්ද ක්‍රමය පිළිබඳ අදහස් පළ කළ ෆෝර්ඩ් "අපට එරෙහිව නීතිමය අභියෝගයකදී එය කාවදින්නට නොහැකි තරම්," යැයි පැවසීය.
 
බීබීසී සමග බදාදා (නොවැ 04) කතා කළ ඔහු කියා සිටියේ ඇති සෑම සාක්ෂියකින් ම පෙන්නුම් කරන ආකාරයට ප්‍රාන්තය තුළ "නිදහස්, සුරක්ෂිත හා ආරක්ෂාකාරී මැතිවරණයක්" පවත්වා ඇති බවය.
 
"වැඩපිළිවෙලට කල් ගතවන බව අප දැන සිටියත් එය සාර්ථක වනවා," ඩිමොක්‍රටික් පාක්ෂික නීතිපතිවරයා කියා සිටියේය.
 
Aaron Ford
ඒරොන් ෆෝර්ඩ් - නෙවාඩා ප්‍රාන්ත නීතිපති
 
"වංචා වැළැක්වීමට යොදන ලද ආරක්ෂක වැඩපිළිවෙල නිසා මීට කාලයක් ගතවෙනවා. අත්සන් තහවුරු කිරීම, අනන්‍ය කේත ක්‍රමය වගේම වෙනත් මෙවලම් මේ වැඩපිළිවෙලට ඇතුළත්," ඔහු පැවසීය.
 
තැපැල් ඡන්ද ගණනය කරෙන්නේ කෙසේ දැයි ඔහු පැහැදිලි කළේය.
 
"මේ ඡන්ද නැවතත් ප්‍රාදේශීය ලියාපදිංචි ස්ථානයට යවනවා. එතැනදි සැසඳුම් ක්‍රමයක් හරහා අත්සන් තහවුරු කිරීම සිද්ධවෙන්නේ ඡන්ද නිරීක්ෂකයින් නමින් හඳුන්වන ද්වි පාර්ශ්වික කණ්ඩායමක් ඉදිරියේ."
 
"අපේ මැතිවරණයේ පරිපූර්ණත්වය ආරක්ෂා කිරීමට කළ හැකි තහවුරු කරගැනීමේ වැඩ පිළිවෙල සෑම ස්ථරයකම සෑම පියවරකදීම ක්‍රියාත්මක වෙනවා."
 
මැතිවරණ දිනය මුව විටේ දී රිපබ්ලිකන් පාක්ෂිකයින් ගොනු කළ නඩුවක් නෙවාඩා ප්‍රාන්තයේ විනිසුරුවරයකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. 
 
එම නඩුව ගොනු කෙරුණේ මැතිවරණ නිරීක්ෂණ හා තැපැල් ඡන්ද සැකසුම්වලට අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවධානය යොමු කොට, ලස් වේගස් ප්‍රදේශයේ කල් වේලා ඇතිව ප්‍රකාශ කෙරුණු ඡන්ද ගණන් කිරීම නවතන ලෙස ඉල්ලමිනි.
 
නිලධාරීන් පවසන්නේ නෙවාඩා ප්‍රාන්තයේ මීළඟ ප්‍රතිඵල බ්‍රහස්පතින්දා ග්‍රිනිච් වේලාවෙන් සවස 5 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.30) ට පමණ පළකෙරෙනු ඇති බවය.
 
 
ප්‍රාන්ත 43 ක ප්‍රතිඵලය
 

fgdfgfd

 
 
ජනපතිවරණයේ මෙතෙක් සිදු වූ දේ කෙටියෙන්...
 
ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වූවාට වඩා ඉදිරියෙන් සිටින අතර, ජෝ බයිඩන් ඉක්මණින් ඡන්ද ගණන් කරන ලද තීරණාත්මක ප්‍රාන්තයන් දිනා ගැනීමට අපොහොසත් වී ඇත. එයින් අදහස් වන්නේ තවත් ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල නිකුත් වන තෙක් තත්වය අවිනිශ්චිත බවය.
 
ඔවුන්ගේම වචනවලින් ...
 
"අපි මෙය දිනනවා" යැයි ජෝ බයිඩන් සිය ආධාරකරුවන් අමතමින් පැවසූ අතර ඉවසීමෙන් සිටින ලෙසද ඉල්ලා සිටියේය. රිපබ්ලිකන් පක්ෂය දිනා ඇති අතර, ඡන්ද වංචාවක් සිදුව ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා සිටියි. නමුත් අප දන්නා පරිදි, ඡන්ද තවමත් ගණන් කෙරෙමින් පවතින අතර වංචාවක් පිළිබඳ සාක්ෂි නොමැත.
 
 
 
 
වසර 120 ක් තුළ ඉහළම ඡන්ද ප්‍රකාශ කිරීමේ අනුපාතය:
 
එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ (US Elections Project) මූලික ඇස්තමේන්තු වලට අනුව ඇමරිකානුවන් මිලියන 160 කට වැඩි පිරිසක් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එය වසර 120 ක් තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වේ.
 
ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබුවන්ගෙන් 66.9% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීම 1900 න් පසු ඉහළම අගය වූ බව අදාළ වෙබ් අඩවියේ දත්ත පෙන්වා දෙයි.
 
එම වසරේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක විලියම් මැකින්ලි සිය ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන විලියම් ජෙනිග්ස් පරාජය කළ අතර, සුදුසුකම් ලැබූවන්ගෙන් 73.7% ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබිණි.
 
කෙසේනමුත්, 2020 දී මෙන් නොව 1900 වසරේ දී පැහැදිලි ප්‍රතිඵලයක් ලැබුණි.
 
"2020 ජනාධිපතිවරණය වසර 120 ක් තුළ වැඩිම ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය වාර්තා කර තිබෙනවා," යැයි එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ නිර්මාතෘ මහාචාර්ය මයිකල් මැක්ඩොනල්ඩ් බදාදා (නොවැම්බර් 4) ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි.
 
කොරෝනාවෛරසයෙන් එල්ල වන බලපෑමත් සමග තැපැල් ඡන්ද පත්‍රිකා ඉහළ යාම ගැන මේ වසරේදී මැතිවරණ නිරීක්ෂකයින් අනාවැකි පළ කර තිබිණි. වාර්තාගත ලෙස මිලියන 100 කට අධික ජනතාවක් කලින් සිය ඡන්දය භාවිත කර ඇත.
 
(BBC සිංහල සේවය)
 
 
 
සබැඳි පුවත් :
 
 
ඇමෙරිකානු ජනාධිපතිවරණය : අවසන් ප්‍රතිඵලය පමා වේ! - මැතිවරණ රාත්‍රිය නොසන්සුන්, විරෝධතාකරුවෝ වීථි බසිති.
 
 
 
 
 
කියවන්න:
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්