ඊයේ (10) දින සිට බලපැවැත්වෙන පරිදි සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා උපරිම මිලක්

නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. 

sUGER PRICE 1

ඒ අතර  පාරිභෝගික සේවා අධිකාරිය විසින් නියම කරන ලද සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් ද නිකුත්  කර තිබේ.

d5df21aa baef 4519 9835 d7424c490a64

මෙසේ සීනී සඳහා උපරිම මිලක් නියම කර ඇත්තේ, පසුගිය කැබිනට් මණ්ඩලයේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව වාර්තා වේ.

ඒ අනුව, 

සුදු සීනි කිලෝවක උපරිම තොග මිල - රුපියල් 80 

සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල - රුපියල් 85

පැකට් කළ සුදු සීනි කිලෝවක මිල - රුපියල් 90

ඔක්තෝම්බර් 14 දා රජය ප්‍රතිපත්තිමය වශයෙන් සීනි ඇතුලු භාණ්ඩ හතරක මිළ අඩු කළත් මේ කිසිම භාණ්ඩයක මිළ අඩු කිරීමට තොග වෙළෙඳුන් සූදානම් නොවූ අතර මෙමඟින් රජයේ ප්‍රතිරූපය පිළිබඳ දැඩි කතා බහක් සමාජ මාධ්‍ය තුළ පැතිර ගියේය.

සීනි මිළ අඩු කිරීම නාටාකාරයෙන් සිදුවූ අතර අද වනවිටත් වෙලදපලේ සීනි කිලෝවක මිළ රුපියල් 125/= ක් 130/= ක් වේ.

මුලදී ගැසට් නිවේදනයක් මේ පිළිබඳව ප්‍රකාශ කර තිබුණ බව සදහන් කලත් නැවතත් ගැසට් නිවේදනයක් මඟින් සීනි මිළ නිවේදනය කිරීම, අදාළ අංශවල නොසැලකිල්ල මැනවින් ප්‍රදර්ශය වීමක් විය.

කොරෝනා දෙවෙනි රැල්ල ආරම්භ වීමත් සමගම වෙළෙඳපලේ බඩු මිළ ඉහල යාම පිළිබඳව වාර්තා වීමත් සමග ජනාධිපතිවරයාගේ නියෝගය මත පරිප්පු, සිනී, ලොකු ලූනු හා සැමන් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4 ක මිළ පහල දැමීමට රජය තීරණය කරන ලද බව රජයේ මාධ්‍යය වාර්තා කර තිබු නමුත්, ජනතාවට එම සහන ලබා දීම විදිමත් පරිදි ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ හා  මුදල් අමාත්‍යංශවලටත්, පාරිභෝගික අධිකාරියටත්, ජීවන වියදම් කමිටුවටත්, නොහැකි වූ බව theleader.lk නොවැම්බර් මස 05 දා අනාවරණය කළේය.

 

තිත්ත සීනි කතාවේ තවත් පැත්තක් ! 

BGසීනි මිළ අඩු කිරි සහ මිල පාලනය සදහා ගැසට් පිට ගැසට් ගැසීම  සහ ලක් සතොසට අවශ්‍ය තොග අඩුකරන ලද මිළ ගණන් යටතේ විවෘත වෙළඳපොලෙන් මිලදී ගැනීමට නොහැකි වීම පිළිබඳව බන්දුලට චෝදනා.

බන්දුලගේ  සීනි මිල අඩුකිරීමේ කතාන්තරයේ  තවත් පැත්තක් මේවනවිට අනාවරණය වෙමින් තිබේ.

සීනි මිල පාලනය සඳහා ඔක්තෝබර් 13 දින විශේෂ භාණ්ඩ විධිවිදාන පණත යටතේ ආනයනික සීනි කිලෝවක් සඳහා අය කරනු ලැබූ බද්ද රුපියල් 50/= සිට ශත 25 දක්වා අඩු කර එම වාසිය මහජනතාවට ලබා දීමට ජනාධිපතිවරයා අදහස් කළත්, අදාළ ගැසට් නිවේදනය මිළ පාලනය සම්බන්ධයෙන් ක්‍රමාණුකූලව නිකුත් නොකිරීම නිසා ආනයනිකයන් සහ තොග වෙළෙඳුන් පසුගිය සති කිහිපය තුළදී වෙළෙඳපොළේ තම ආධිපත්‍ය පතුරුවමින් සිටි අතර, ලක් සතොස මගින් සතිපතා ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයටත් සීනි ලබා දීම ප්‍රතික්ෂේප වී ඇති බව ලක් සතොස මිළදී ගැනීමේ අංශය ප්‍රකාශ කර සිටී.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත  දිසානායක විසින් 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පණතේ 20/57 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයත් බල රහිත වේ දැයි සැකයක් ද පවතී.

 

සබැඳි පුවත් :

සීනි මිල අඩු කිරීම අර්බුදයෙන් අර්බුදයට! - ඇමති බන්දුල දිගටම ඇන ගනී ! 

සීනිවලට අඩුකළ රු. 49/= වාසිය පාරිභෝගිකයාට ලැබී නෑ – සමාගම් හතකට කෝටි 147ක ලාභයක්

ආණ්ඩුව කීවට සීනි මිළ අඩුවීමක් නැහැ! - ජනාධිපතිව නොමග යවලා!! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්