පසුගිය ඔක්තෝම්බර් 14 දා මුදල් අමාත්‍යංශය මගින් සීනි ආනයනයේදී අය කරනු ලබන විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50/= සිට ශත 25 දක්වා අඩුකරනු ලැබිය.
සීනි ඇතුලු පරිප්පු, ටින්මාලු සහ ලොකුලූණු සඳහා වූ බදු ප්‍රමාණයන් එසේ අඩු කරනු ලැබුවේ කොවිඩ් 19 අර්බුදය හමුවේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ පරමාර්ථයෙනි.
එහෙත් වෙළඳපොළේ මේ කිසිවක මිල අඩු නොවිය.
වෙළදපොළේ ලොකු ලූණු මිල තවමත් රුපියල් 240 ක් වන අතර සීනි කිලෝවක මිල අදටත් රුපියල්. 130/- පමණ වේ.
දේශීය ලොකු ලූණු මිල තවමත් රු. 240/-ක් වන අතර ආනයනික මිල සටහන වන්නේ රු 150/- වශයෙනි.
දේශීය ලොකු ලූණු ගොවියන් තම අස්වැන්න රුපියල් 100/- හෝ 130/- ට අලෙවි කිරිම ප්‍රතික්ෂේප කළ නිසා දේශීය ලොකු ලූණු මිල තවමත් රුපියල් 240/-ක් පමණ වන අතර ආනයනික මිල සටහන් වන්නේ රු 150/- වශයෙනි.
මේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ රජය ගෙදර වැඩ (Home work) නොකර විවෘත වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් නොමැතිව ගැසට් නිවේදන ගහන්න ගොස් ඇන ගන්නා බවයි.
''මේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ රජය ගෙදර වැඩ (Home work) නොකර විවෘත වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් නොමැතිව ගැසට් නිවේදන ගහන්න ගොස් ඇන ගන්නා බවයි.''
සීනි ආනයනය කරුවන්ගේ සංගමය :
අර්බුදයට තුඩු දී ඇති සීනි සඳහා වූ රුපියල් 50/= ආනයන බද්ද ඉවත් කිරීමට පෙර වෙළෙඳපොළ තොග පිළිබඳ සමීක්ෂණයක් කර (පාරිභෝගික අධිකාරියට මෙය කළ හැකිය) රුපියල් 50/= ක් තීරු බදු ගෙවූ සහ තීරුබදු නොගෙවා බන්දිත ගුදම්වල ඇති (Bondeden ware house) තොග පිළිබදව අදාළ පාර්ශවයන්ගෙන් තොරතුරු රැස්කරගෙන වෙළෙන්ඳන් හට සීනි අලෙවියට අවස්ථාව ලබා දුන්නේ නම් රජයේ ගැසට් නිවේදනයට විරුද්ධව සීනි ආනයනය කරුවන්ගේ සංගමය කටයුතු නොකරනු ඇතැයි අපගේ අදහසයි.
කිසිම වෙළෙන්ඳෙක් කිලෝ එකකට රුපියල් 50/= ක් මිල අඩුකර කර සීනි අලෙවි කිරීමට කැමති වන්නේ නැති බව රජය වටහාගත යුතුයි.
බන්ධිත ගුදම්වල ඇති සීනි තොග සඳහා අදාල ගැසට් නිවේදනය අනුව ශත 25 ක තීරුබද්ද ගෙවා අදාල තොග
රජයට පවරාගෙන සමූපකාරය සහ සතොස මගින් බෙදා හැරියා නම් රජය රැවුලත්, කැඳත් යන දෙකම බේරා ගනු ඇත.
''බන්ධිත ගුදම්වල ඇති සීනි තොග සඳහා අදාල ගැසට් නිවේදනය අනුව ශත 25 ක තීරුබද්ද ගෙවා අදාල තොග රජයට පවරාගෙන සමූපකාරය සහ සතොස මගින් බෙදා හැරියා නම් රජය රැවුලත්, කැඳත් යන දෙකම බේරා ගනු ඇත.''
ආයෙත් රුපියල් 50/= ක තීරුබද්දක් !
පසුගිය සතියේ සමාජ මාධ්‍ය වාර්තා කලේ භාණ්ඩාගාරය හා එක්ව ආනයනකරුවන් රුපියල් 50/= ක තීරුබද්ද මේ මස 14 දින සිට යලි පනවාගැනීමට කටයුතු කරන බවයි.
රජය විසින් සීනි ආනයනය කිරීම සඳහා ලබා දුන් බදු සහනයේ වාසිය ජනතාවට ලබා නොදීම හේතුවෙන් සීනි ආනයනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අද 'අරුණ' පුවත්පත සිය ප්‍රධාන සිරස්තලය යටතේ වාර්තා කර තිබුණේ මෙසේය.
කෙසේ වුවද දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීමටත් රජයට යම් ආදායමක් ලබාගැනීමටත් සාධාරණ තීරුබද්දක් තිබිය යුතුය.
කෙසේ වුවද මෙම ක්‍රියාවලිය තුලින් දක්නට ලැබෙන්නේ ජීවන වියදම් කොමිටිය, සතොස, වෙළෙඳ අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය යන රාජ්‍ය ආයතනවලට ජනාධිපතිට අවශ්‍ය දේ සපුරාලීමට අසමත් වූ බවයි. (Delivery)
පසුගිය කාලය තුලදීම මෙවැනි නොහැකියාවන් බොහෝ ආයතනය ප්‍රදර්ශනය කල බවද රහසක් නොවේ.
මේ අතර පසුගියදා බොහෝ සමාජ මාධ්‍යවලින් උපුටා දැක්වූ මහා පාරිමානයෙන් සිනි ආනයනය කරන බන්ධිත ගුදම් පහසුකම් ඇති 'විල්මාර්' ( Wilmar Trading ) සමාගමේ දේශීය කළමණාකාර අධ්‍යක්ෂ සජාඩ් මවුසූන් (Sajjad Mawzoon) ගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ, සීනි සඳහා වූ බද්ද රුපියල් 50/= දක්වා අඩු කරන විට රුපියල් 50/= බැගින් තීරුබදු ගෙවා නිදහස් කර ගන්නා ලද සීනි ටොන් 4000 ක් පමණ තම ගබඩාවල තිබුණ බවයි.
ඒ අනුව රජයේ තීරණය පරිදි අඩු කරන ලද මිල යටතේ සීනි අලෙවි කිරීම නිසා තම සමාගම රුපියල් මිලියන 200 ක පමණ පාඩුවක් ලැබූ බවයි.
රජයේ තීරණය පරිදි අඩු කරන ලද මිල යටතේ සීනි අලෙවි කිරීම නිසා තම සමාගම රුපියල් මිලියන 200 ක පමණ පාඩුවක් ලැබූ බව සජාඩ් මවුසූන් පැවසිය.
තවද තම සමාගම ආනයනය කරන්නේ දේශීය ආහාර නිෂ්පාදන සමාගම්වලට අවශ්‍ය උසස් තත්වයේ සීනි බවත් ඒවායේ මිල සාමාන්‍ය සීනිවලට වඩා මිලෙන් වැඩි බවත්ය.
කෙසේ වුවද රජයේ ඉල්ලීම පරිදි තම සමාගම ටොන් 1000 ක ප්‍රමාණයක් රජයට ලබා දුන් බවත් ඔහු තව දුරටත් පැවසීය.
අවසාන වශයෙන් රජයේ තීන්දු තීරණ ගන්නා කණ්ඩායම විවෘත වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය මැනවින් තේරුම් ගෙන තීරුබදු සහ මූල්‍ය ගැලපීම් සහ (Import duty and financial decisions )ප්‍රතිපත්ති සකස් කළ යුතු වේ.
එසේ නොමැතිව අරලියගහ මන්දිරයේ සිට හෝ ජනාධිපති කාර්‍යාලයේ සිට ගැසට් නිවේදන අත්සන් කරනවා නම් අනිකුත් අමාත්‍යාංශ හෝ අමාත්‍යාවරුන්ගේ අවශ්‍යතාවයක් ඇති නොවේ.
රාජ්‍ය පාරිපාලනය එක් විෂයක් වන අතර රටක මහා පරිමාණ වෙළඳාම (imports, Storage, trading) ගබඩා කිරීම සහ බෙදා හැරිම තවත් විෂයකි.
බොහෝ විට ඉන්දියාව වැනි රටවල උසස් තාක්ෂණය සහිත වෙළෙඳ ආයතනයන් (Trading institutes ) ක්‍රියාත්මක වන අතර ඔවුන් සතුව මුලු රටේම තොග ප්‍රමාණයන්, මිල ගණන් පිළිබඳ දත්ත පවත්වාගෙන යන අතර ඒවා භාවිතයෙන් රජයට තීරණ ගැනීමට පහසු වී ඇත.
සබැඳි පුවත් :