මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දෙන එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්ක සමුළුව පසුගිය දා

පවත්වනු ලැබුවා.

එහිදි අදහස් දැක්වු එම පක්ෂයේ දේශපාලන ලේකම් හේමප්‍රිය කවිරත්න එක්සත් මහජන පක්ෂයේ දර්ශනය සහ පක්ෂයේ දැක්ම පිළිබඳව අදහස් දැක්වීය.

ඉදිරි ජනාදිපතිවරණයේ දී ජයගන්නා අපේක්ෂකයාගේ සලකුණ ඇමති ටිරාන් අලස්ගේ පක්ෂයක සලකුණ විය හැකි බවට ද එම පක්ෂයේ දේශපාලන ලේකම්වරයා ඉඟි පළ කළේය.

 එහිදී ඔහු මෙසේ අදහස් දැක්විය.

දේශපාලන ඉතිහාසය

අපි දන්නවා මේ ප්‍රදේශයේ දේශපාලන ඉතිහාසය ගත්තොත් 1920 ගණන්වල ඉතිහාසය දක්වා ඇත්තට දිව යනවා. මං හිතන්නේ ඉන්දියාවේ පුවත්පත් කලාවේදියෙක් වෙච්ච නඩේස් අයියර් මහත්මයා තමයි ඇවිල්ලා මේ ප්‍රදේශයන්වල සංවිධානාත්මකව දේශපාලනය කිරීමේ වැදගත්කම පිළිබඳව කතා කළේ. ඊට පස්සේ එතනින් පස්සේ පෙරී සුන්දරම් මහත්මයා, වෛද්‍යලිංගම් මහත්මයා, ඊට පස්සේ මං හිතන්නේ 1933 දී ජවහල්ලාල් නේරු මහත්මයත් මෙහෙට ඇවිල්ලා මේ ප්‍රජාවගේ දේශපාලන ශක්තියේ ඒ කියන්නේ මේ එකතුවකින් ගොඩනගන්න පුළුවන් ශක්තිය පිළිබඳ සාකච්ඡා කළා.  

ඒ වගේම හිතනවා එතනින් පස්සේ මේ ඔබේ ප්‍රදේශයේ දේශපාලනය තුළ ඉතා ප්‍රචලිත නායකයෙක් වෙච්ච සෞම්‍ය මූර්ති තොන්ඩමන් මහත්මයා 1924 දී ලංකාවට ඇවිල්ලා 43දි කොංග්‍රස් එකේ නායකයා බවට පත්වෙනවා.


පක්ෂයේ මුලික කාරණා

මං අපේ පක්ෂයේ මූලික කාරණා පිළිබඳ කතා කරන්නම්. අපි හැමෝම දන්නවා ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයට අවුරුදු 80ක් විතර ගියත් ලංකාවේ දේශපාලන අපි කැමැති වුණොත් අකමැති වුණත් පිළිගන්න ඕන ලංකාව ලෝකය තුළ ඉහළ රටක් බවට පත් කිරීමට මේ දේශපාලන පක්ෂ වලට උත්සාහ කරා අඩු වැඩි වශයෙන් දුර්වලතා තිබුණ නමුත් අද වෙනකොට හැකිවෙලා නෑ. ඒක අපි හැමෝම මෙතන ඉන්න සියලුම සියලුම දෙනා පිළිගන්නවා. අපිට ඉතිහාසය වැරදිච්ච තැන් බොහොමයක් තියෙනවා. ඒ වගේම අර  වාමාංශික පක්ෂයත් එහෙම කියන ආකාරයට මේ ඔක්කොම මේ රට විනාශ කරපු මිනිස්සු වගේ සංකල්ප වල පක්ෂයක් හැටියට අපි පිළිගන්නේ  නෑ.

බොහෝ පක්ෂවල නායකයෝ ලංකාවේ මිනිස්සුන්ට අපි ගත්තොත් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය වගේ දේවල් ලංකාවට දීලා තියෙනවා. ඒවා භුක්ති වින්දේ ඔබ අප සියලු දෙනා තමයි ඒවා භුක්ති විඳින්නේ. ඒ නිසා ඒ වගේ මතවාදයකට ප්‍රශ්නයක් විදියට අපි නැහැ. අපට අවශ්‍ය වෙන්නේ  ඉතිහාසයේ දේශපාලන පක්ෂ කරපු හොඳ දේවල් ටික එකට එකතු කරගෙන ඒ වගේම ඒ කරපු වැරදි දේවල් ටික පැත්තකින් තියාගෙන අපිට නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට තමයි මේ  කාල  වකවානුවේදී එක්සත් මහජන පක්ෂය විදිහට අපි ඔබ වෙතට ඇවිල්ලා තියෙන්නේ.

අපේ පක්ෂයේ ප්‍රධාන තේමා පාඨය බවට පත්වෙන්නේ ''මහජනතාව වෙතම පියනගනමු'' කියන කාරණාව, අපි ජනතාව වෙතම පිය නගන්නෙමු කියන කාරණාව, ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක මේ වගේ සටන් පාඨයක් ඇත්තේ නෑ.
 
 
ජනතාවගේ කැමැත්තත් එක්කම පවතින්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ
 
මොකද බොහෝ දේශපාලන පක්ෂවල  මූලික වශයෙන් තියෙන්නේ නායකයාව අපි ගොඩදාමු ඒ වගේ ඒව තමයි තියෙන්නේ. නමුත් අපේ පක්ෂය මූලික වශයෙන් ඉන්නේ  මහජනතාව වෙතටම ගිහිල්ලා ජනතාවගේ කැමැත්තත් එක්කම  පවතින්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට පහුගිය කාල වකවානුවේදී අපි දන්නවා මේ ලංකාවේ දේශපාලනය වෙනස් වුණා. එක විවිධ හේතු සාධක මත ගිය ජනාධිපතිවරණයේදී මිනිස්සු ගත්ත යම් යම් තීන්දු මත ලංකාව තුළ විශේෂයෙන්ම තරුණ ප්‍රජාවන් ඉස්සරහට ආවා.ඒ තරුණ ප්‍රජාවන් එක්ක ලංකාවේ දේශපාලන ක්‍රමයම තරුණ ක්‍රමයෙන් අලුත් ක්‍රමයක් ඉල්ලන මට්ටමටම පත්වුණා. නමුත් ලංකාවේ කිසිම සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් හෝ ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් නමුත් ලංකාවේ මේ මිනිස්සු කියපු කාරණාව හඳුනාගත්තේ නෑ.

හැබැයි මම එක පැත්තකින් ස්තුතිවන්ත වෙනවා ඒක හඳුනාගත්තට නායකයෙක් විදිහට තමයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහත්මයා අපි වගේ කණ්ඩායම්වලට කතා කරලා පක්ෂය පවුලකට කොටු කරන්නැතුව එක්තරා පැලැන්තියකට කොටු කරන්නැතුව මේ රටේ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙනී සිටි තරුණ ප්‍රජාවකට ආරාධනා කරලා මේ පක්ෂයේ වැඩ කටයුතු භාර දුන්නේ.ඒ නිසා තමයි අපි ඒ විශ්වාසයත් එක්ක ඒ වගේම එතුමා පහුගිය කාලයේදී ඇති කරපු ශක්තියත් එක්ක.
 
 
සියලු පුරවැසියෝ ස්තුතිවන්ත වෙන්න ඕනා
 
අපි කියන්න ඕන අපි දන්නවා අරගල කරා අපිත් ඒ අරගල වල හිටියා. හැබැයි ඒ අරගල මුවාවෙන් මේ රටේ දේශපාලන ක්‍රමය අස්ථාවර කරන්න වැඩ පැඩපිළිවෙළකුත් ලංකාවේ තිබ්බා. හැබැයි අන්න ඒ වෙලාවේ  වර්තමාන ජනාධිපතිවරයා මේ රටේ දේශපාලන බලය භාරගත්තට පස්සේ ඒ වගෙම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අවසාන කාලයේදී, ටිරාන් අලස් මහත්තයා මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා එතනින් පස්සේ පත්වෙලා මේ රට ස්ථාවර කරන්නාට ගත්තාවූ ක්‍රියාමාර්ගයට මං හිතනවා ලංකාවේ සියලු පුරවැසියෝ එක පැත්තකින් ස්තුතිවන්ත වෙන්න ඕන කියන කාරණාව.

මොකද අපි දන්නවා සමහර දේවල්  දේශපාලන ක්‍රියාවලියේදී අපි හැමෝටම කරන්න වෙන වෙලාවල් තියෙනවා. ඒක මං හිතන්නේ ඔබ ඇමැති උනත් මම ඇමති වුණත් කරන්න වෙනත් දේවල් තියෙනවා, දැන් ගත්තොත් අපි දැක්කා පහුගිය කාලේ ලංකාවේ විශ්ව විද්‍යාල  ශිෂයයෙක් වැටිලා ගෙනියන්න ඇම්බියුලන්ස් එකක් දුන්නේ නැ කියලත් සති ගණන් විශ්ව විද්‍යාල වහගෙන ඒ වෙනුවෙන් සති ගණන් පිකට් කරනවා. මුළු කොළඹම අස්ථාවර වෙලා තිබ්බා. ඉතින් ඒ වෙලාවේ ශ්‍රී ලංකාවේ මේ දේශපාලන ක්‍රමය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ගත්තාවූ ක්‍රියාමාර්ගය සහ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගත්තාවූ ක්‍රියාමාර්ගයත් එක්ක තමයි බොහෝ තරුණ ප්‍රජාවන් මේ එක්සත් මහජන පක්ෂයත් එක්ක එකතු වෙලා මේ පක්ෂය තුළින් ඉදිරි දේශපාලන කටයුතු කරන මට්ටමට පත්වුණේ.

 
පළවෙනියටම වෙනස් වෙන්න ඕනේ ලංකාවේ පුරවැසියෝ
 
මම විතරක් නෙමේ අපිත් එක්ක මේ රටේ දේශපාලනය වෙනසක් බලාපොරොත්තු වන විශාල ප්‍රජාවක් මේ වන විට මේ පක්ෂත් එක්ක එකතු වෙලා තියෙනවා.ඒක මං ඔබට මතක් කරන්න ඕන. ඒ වගේම අපි අද දිනයේදී ඔබව ආමන්ත්‍රණය කරන්නේ,  ප්‍රධාන වශයෙන්ම ගත්තොත් ලංකාවේ පොලිටීෂියන්ලට,නිලධාරීන්ට, පොලිස් දෙපාර්තමේන්තුවේ අයට අපි රටක් හැටියට මිනිස්සු ගොඩක් වෙලාවට බනිනවා. අපි එහෙම දැකලා තියෙනවා, මේ රාජ්‍ය සේවකයින්ට බනිනවා. නමුත් මම විශ්වාස කරනවා ලංකාව ඉස්සරහට ගෙනියන්න නම් පළවෙනියටම වෙනස් වෙන්න ඕනේ ලංකාවේ පුරවැසියෝ කියන කාරණාව.

සරල උදාහරණයක් ගන්නම්, අපි ගත්තොත් මේ සිරිපාදි වගේ පැත්තකට ගියොත් එහෙම මේ පරිසරය රකින්න ඕනේ වගේ කතා අපි කියනවා හැබැයි පොලිතීන් පාලාස්ටික් දාලා යන්නේ මිනිස්සු, ඒක මේ කවුරුත් ගිහිල්ලා පාලකයෝ කියලා දාලා නැහැ. ඒ නිසා අපි පක්ෂයක් හැටියට ගොඩක් දුරට උත්සාහ කරන්නේ ලංකාවේ අනාගත ප්‍රජාව සහ මේ මිනිස්සු කොහොමද මේ ක්‍රියාවලිය තුළ වෙනස් කරන්නේ කියන කාරණාවට තමයි අපි වැඩි වශයෙන් අවධානය යොමු කරන්න.

මොකද හැමදාමත් එක්තරා පිරිසකට ඇඟිල්ල දික් කිරීමෙන් මං හිතන්නේ නෑ අපිට රටක් හදන්න පුළුවන් කියලා. එනිසා මේ පක්ෂය අනාගතයේ ගෙනියන්නේ මෙතන ඉන්න මේ තරුණ ප්‍රජාවත් එක්ක එකට එකතු වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්නේ පාලකයින් වෙනස් කරමින් විතරක් නෙමෙයි අපිත් වෙනස් කරමින් කියන එක පිළිබඳව අනිවාර්යයෙන්ම මෙතන ඉන්න දේශපාලනයට කැමති රට පාලන රටේ පාලනය වෙනස් වෙන්න ඕනි කියන හැම කෙනෙක්ගෙම හිත් ඇතුලේ මං හිතනවා ඒක පැලපදියම් වෙන්නට ඕන.


ඔබ සම්බන්ධ නොවී දේශපාලන ක්‍රමය වෙනස් කරන්න බැහැ
 
ඒ නිසා තමයි මේ අවස්ථාවන් හරි අරගෙන අපිත් මේ දේශපාලන ව්‍යාපාරත් එක්ක එකතු වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තට මෙතන ඉන්නවා විශාල තරුණ ප්‍රජාවක් අපි ආරාධනා කරනවා ඉදිරි මැතිවරණ කාල වකවානුවක් එන්නේ දේශපාලනයට බැන බැනම ඉන්නේ නැතුව ෆේස්බුක් එකේ පෝස්ට් විතරක් share කර කර ඉන්නේ නැතුව මේ ක්‍රියාවලියට සක්‍රීය ලෙස සම්බන්ධ වෙන්න ඕන. ඔබ සම්බන්ධ නොවී මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න බෑ.

ගෙදරට වෙලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් share කරන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන් හැබැයි දේශපාලනය වෙනුවෙන් කරන කැප කිරීම කරලා තමන්ගේ පුද්ගලික ජීවිතයේ පොදු ජනතාව වෙනුවෙන් කැප කරන්න පුළුවන් මිනිස්සු මේ ක්‍රියාවලියට එන්නේ නෑ. ඒ නිසා මෙතන ඉන්න නුවරඑළියේ තරුණ ප්‍රජාවකින් ඉල්ලීමක් කරනවා එන්න අපේ පක්ෂයත් එක්කතු වෙන්න එක්සත් මහජන පක්ෂයත් එක්ක ඒකට එකතු වෙලා අපි දේශපාලනය කරමු.

මොකද හේතුව මේ කිසිදු දෙයක් අනාගතයේ ඔබවත් මමවත් මෙතන ඉන්න ටිරාන් අලස් මහත්මයවත් මේ  ජීවිතයෙන් සමුගන්න දවසකදී මේ කිසිවක් අරන් යන්නේ නෑ. ඒ නිසා අපිට ලැබිලා තියෙන මේ අවස්ථාව මේ රට වෙනස් කිරීමට ලැබුණු අවස්ථාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත්තොත් අපි ගමු තරුණයින්ට විවෘත කරාද නෑ. ඒක තියෙන්නේ පවුලක් වටේ, ඊට පස්සේ ගත්තොත් එහෙම සමග ජන බලවේගය ගන්නවා. ඒත් ගත්තොත් තියෙන්නේ හිටපු ජනාධිපතිවරයෙක්ගේ පුතෙක් අතේ් ඒක කාටවත් දෙන්නේ නෑ. ඒ වගේම අනිත් පැත්තට අරගෙන බැලුවොත් ගොඩක් පක්ෂ වලට අද වෙලා තියෙන්නේ මේ පවුල් පාලනයක් ඇතුලේ ගිහිල්ල තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ.

ඒවගේ තරුණ සංගම් ගත්තත් ඔක්කොම ඉන්නේ ගොඩක් වෙලාවට දේශපාලන නායකයින්ගේ පුත්තු අපි උදාහරණයක් ගත්තොත් සමගි ජන බලවේගයේ් තරුණ සංගමය සභාපති මයන්ත  දිසානායක මහත්මයා. ඒකෙ කිසිදු තනතුරක් කරන කිසිදු කෙනෙක් නෑ දේශපාලන පවුලකින් ආවේ නැති. ඒ නිසා අපිට මේ පක්ෂය තුළින් රට ගොඩනගන්න රටේ දේශපාලනයට දායක වෙන්න මෙතුමා අවස්ථාවක් අපිට ලබා දීලා තියෙනවා ඒ අවස්ථාව නුවරඑළියේ ඉන්න ඔබට බාරගන්න පුළුවන්, අපි ඒකෙදි ඔබත් එක්ක ඉන්නවා කියන කාරණාව මතක් කරනවා.


ඒ වගේම අපිට දේශපාලනය කරනකොට අලුත් අපි වගේ පක්ෂයකට ස්වර්ණමය අවස්ථාවන් උදාවෙනවා, අලුත් දේවල් opportunities අපිට ලැබෙනවා. මේ වෙලාව අපි වගේ පක්ෂයකට අපි මේ රටේ හැම තැනම යමින් යන ගමනේ නුවරඑළියට නුවරඑළියටත් මේ ඇවිල්ලා කියන්න උත්සාහ කරන්නේ මේ ස්වර්ණමය අවස්ථාවක් ඉදිරි කාලවකවානුවේදී උදාවෙනවා.


ප්‍රධාන මැතිවරණ හතරක්
 
ලංකාවේ මැතිවරණ තියන් නැතුව තියන් නැතුව තියන් නැතුව නැතුව ඉඳලා මේ වර්ෂයත් ඉදිරි වර්ෂයේ මැද වාගේ වෙනකොටත් ලංකාවේ ප්‍රධාන මැතිවරණ හතරකට යන්නම ඕන. ඒකෙන් පළවෙනි එක බොහෝ වෙලාවට ජනාධිපතිවරණය, ජනාධිපතිවරණයෙන් කවුරු දින්නත් පාර්ලිමේන්තුව  විසුරවනවා. ඒ වගේම අනිත් පැත්තට පළාත් පාලන මැතිවරණය තියෙනවා.

නුවරඑළියේ නගර සභාවක් එහෙම තියෙනවනේ. ඉතින් මේ තරුණ ප්‍රජාවට පුළුවන් එකතු වෙලා සියලු ශක්තීන් එක්තැන් කරලා  සාම්ප්‍රදායික දේශපාලනයෙන් රට මුදවගන්න ඕනිනම් ඒ නගර සභාවලින් දේශපාලනය පටන් අරන් ඉස්සරහට එන්න පුළුවන්.  ඒකට අවස්ථාව අපේ පක්ෂය ඇතුලේ තියෙනවා.

 
දේශපාල පක්ෂ ඉවරයි
 
ඒ වගේම එතනින් පස්සේ පළාත් සභා provincial Council  එන්නත් තියෙනවා. මේ අවස්ථාවන්වලදී අපි පක්ෂයක් හැටියට අපි දකිනවා අපිට අවස්ථාවක් තියෙනවා අපි කවුරු මොනවා කිවුවත් ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ බිඳ වැටිලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් හැටියට දියාරුවෙලා අවසානයි.පොදු ජන පෙරමුණ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පක්ෂය දියාරු වෙලා අවසානයි. එතකොට සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජනප්‍රියතාවය මත පමණයි රඳා පවතින්නේ.

එතකොට කවුද කියන්න ලංකාවේ ඊළඟට දේශපාලන බලය ලබා ගැනීමට ඉන්නේ, වතුකරේ ගන්නකෝ තමුන්නාන්සේලාගේ පැත්ත ගන්නකෝ. නේද ?  කීයකට බෙදිලාද තියෙන්නේ? තොණ්ඩමන් මහත්තයාට තිබිච්ච දේශපාලන ඒකාධිකාරි බලය බෙදිලා බෙදිලා ගිහිල්ලා දැන් ඒක තමන්ගේ සැපත විතරක් වෙනුවෙන් කීදෙනෙක් පාවිච්චි කරනවද? මතක් කරන්න ඕනි ප්‍රධානම කාරණාවක් තමයි ලංකාවේ දේශපාලන පක්ෂ වලින් සැප වින්දේ ප්‍රධාන දේශපාල පක්ෂවල නායකයෝම විතරක් නෙවෙයි. මේ ප්‍රදේශයන් වල ජනතාවගේ ඡන්දය අරගෙන ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ගිහිල්ලා පාර්ලිමේන්තුව එකක් දෙකක් තියාගත්ත ඒ දේශපාලඥයෝ තමයි අර ප්‍රබලම දේශපාලඥයින්ට වඩා ලංකාවේ දේශපාලනය තුළ සැප විඳින්නේ.

ඒක මං හිතන්නේ මම කියනවාට වඩා ඔබ දන්නවා,  සුරේෂ් මහත්තයා මට  කිව්වා මේ පැතිවලට අත්වෙලා තියෙන ඉරණම කිව්වා. ඒනිසා අපිට පක්ෂයක් හැටියට අපිට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණයක් ගන්න, අපි ඒ අවස්ථාව අතාරින්නේ නෑ. ඒ අවස්ථාව පක්ෂයක් හැටියට එතකොට ඔබ කල්පනා කරායි අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් දානවද ? ඔව් අපිට ටිරාන් අලස්  මහත්තයා ඉන්නවා.

එතුමා පහුගිය කාලේ යුක්තිය මෙහෙයුම හරහා ලංකාවේ කුඩු ජාවාරම මත්ද්‍රව්‍ය ජාවාරම නැති කරන්න විශාල මෙහෙයක් කරලා ජනප්‍රිය වෙච්ච නායකයෙක්.ඔබ ඒ හරහා ලංකාවට ඒ කියන්නේ මිනිස්සුන්ට විවේචන තියෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ජනතාව දන්නවා ඒ ක්‍රියාවලියේ තිබ්බ සාධනීය පැත්ත ගැන දන්නවා.

ඔබ දන්නවනේ ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය කොච්චර දුරකට බරපතළ ප්‍රශ්නයක්ද කියන එක නේද. ඉතින් ඒ නිසා ඒ වගේම අපිට ඕන නම් අපේ පක්ෂයේ ශක්තිය එකතු කරගෙන  වෙනත් දේශපාලන නායකයෙකුට - මේ රට ගොඩ ගත හැකියි කියන නායකයෙක් එක්ක සන්ධානගත වෙන්න පුළුවන්. හැබැයි ඒ සන්ධානයේ තීරණාත්මක පක්ෂය බවට පත්වෙන්න එක්සත් මහජන පක්ෂය මේ වන විට කටයුතු කරමින් පවතිනවා කියන එක අපි මතක් කරන්න ඕන.
 

ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන අපේක්ෂකයාගේ සලකුණ
 
බොහෝ වෙලාවට මේ අපේ පක්ෂයේ සලකුණ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන අපේක්ෂකයාගේ සලකුණ බවට පත්වෙන්න පුළුවන්, ඒක මතක තියාගන්න.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන අපේක්ෂකයා ඉදිරිපත් වන සලකුණ මේ මොබයිල් ෆෝන් එක බවට පත් වෙන්න පුළුවන් මොකද හේතුව smart නායකයෙක් එන්න ඕන smart ලාංජනයකින්.smart නායකයෙක් එනවා නම් එන්න ඕන ස්මාර්ට් ලාන්ක්ජනයකින්. ඒක අපි අනිවාර්යයෙන් මතක් කරනවා.

ඒ නිසා තමයි අපි ලංකාව පුරා මේ දේශපාලන රැස්වීම් ජාලාව පවත්වාගෙන යන්නේ. ඒ වගේම අනිත් පැත්තට, මතක් කරන්නට ඕනි කාරණය තමයි එතනින් පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණවලදී පළාත් සභා මැතිවරණ වලදී පළාත් පාලන මැතිවරණවලදී ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා එක පැත්තකින් මම දේශපාලන විද්‍යාව ගුරුවරයෙක් අවුරුදු ගානක් තිස්සේ උගන්නපු කෙනෙක් මට පේන දේශපාලන තත්ත්වය ගැනත් මං චුට්ටක් මතක් කියමින් මගේ කතාව අවසන් කරන්නම්.

 
ක්ෂණිකව වෙනස්කම් කරන්න බෑ
 
මම විශ්වාස කරනවා ලංකාව විශාල අති විශාල වූ වෙනස්කම් කරන්න පුළුවන් රටක් නෙමෙයි එකපාරට ක්ෂණිකව වෙනස්කම් කරන්න බෑ,අපේ රටේ අපි ඒක පහුගිය කාලෙදි ඒක අත්හදා බලන්න ගිහිල්ලා අපි විශාල ලෙස අනාථ වුණා තමුන්නාන්සේලා දැක්කා. ඔබත් මේ සහෝදර සහෝදරියෝ දැක්කා අපිට අත් වෙච්ච ඉරණම මොනවද කියලා තෙල් පෝලිං , බහුසරයක් එනකන් අපි පැය ගානක් තිස්සේ බලාගෙන ඉන්නවා ඊට පස්සේ ගෑස් පෝලිං, ගෑස් පුපුරනව. මෙහෙම වුණේ ඉතා සීඝ්‍ර වෙනසක් අපි අපේක්ෂා කරපු නිසා,

ඒ වගේම අපේ රටේ හැම දේශපාලනඥයෙක්ම හොරකම් කරයි කියන මතය අපි පිළිගන්නෙත් නෑ. මේ රටට සේවය කරපු අර සමහර පක්ෂ කියනවනේ හැම එකාම හොරු කියලා ඒ ඒ මතය අපි පිළිගන්නේ නෑ ඒ කියන්නේ මේ රටට සේවය කරපු තමන්ගේ ජීවිතයම  පොදු ජනතාව වෙනුවෙන් කැප කරපු මිනිස්සු මේ රටේ හිටියා. ඉතිහාසය තුළ ඒ අයගේ ප්‍රතිපත්තිවල යම් යම් වැරදි තියෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රතිපත්ති වල වැරදි මතම ඉඳගෙන අපිට ඒ අය විවේචනය කරන්න බෑ.  ඒ නිසා අපි ඔබට කියන්නේ මේ ඉදිරි කාලෙදි අතිශය වේගවත් තීරණ ගත්තොත් අතිශය වේගයෙන් අපි හැමෝගෙම ජීවිත පරිහානියට යන්න පුළුවන්.  ඒ නිසා වෙනසක් කරනකොට අපිට කරන්න වෙන්නේ ඒක අර හරියට ඩොක්ටර් කෙනෙක් සැත්කමක් කරනවා වගේ රිදෙන්නැතුව කරන සැත්කමක් වගේ දෙයක් තමයි අපිට කරන්න වෙන්නේ.  

ඒක අපිට කරන්න වෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ ජනතා නියෝජනය හරහා කරන්න වෙන්නේ එක්සත් මහජන පක්ෂයේ දේශපාලන ලේකම් හැටියට මං ආරාධනා කරන්නේ නුවරඑළියේ ජනතාවට ජනතාවට එන්න අපි එකතු වෙමු. ක්‍රියාත්මක නොවී ගෙවල්වලට ඉඳගෙන හෝ වෙනයම් කාරණාවන් කරමින් ඉටු කරමින් අපිට මේ ලෝකය වෙනස් කරන්න බෑ.  ලෝකය නරක වෙන්නේ නරක මිනිස්සු නිසාම නෙවෙයි හොඳ මිනිස්සු නිශ්ශබ්ද නිසා.  අපි වෙනත් දිනක හමුවෙමු ජය වේවා.
 
 
 
mcnmfhdjk
 
 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්