leader s

බේස්බෝල් ක්‍රීඩාව රජයන දේශයක ක්‍රිකට් ක්‍රීඩාවේ සළකුණ තැබීමට ලබන මාසයේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලිය

උපකාරී වනු ඇතැයි ජගත් ක්‍රිකට් කවුන්සලය විශ්වාස කරනවා.

2028 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රදර්ශනය වීමට පෙර ක්‍රිකට්  ක්‍රීඩාවේ ආකෘතිය හා ජනප්‍රියතාව අමෙරිකාවේ ගොඩනැගීමට 2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට හැකි වනු ඇතැයි කවුන්සලය ප්‍රකාශ කරනවා.

එළඹෙන ජූනි මස පැවැත්වෙන මේ තරගාවලියට අමෙරිකා එක්සත් ජනපදය හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් සත්කාරකත්වය දරණ අතර අමෙරිකාවේ තරග නිව්යෝක්, ෆ්ලොරිඩා සහ ඩලස් යන නගරවල පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Chris Tetley

“ලොව විශාලතම ක්‍රීඩා වෙළඳපොල වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අමෙරිකාව ට ඇවිත් තිබෙනවා කියන කාරණය ම ලොකු උනන්දුවක් ඇතිකර තිබෙනවා” යැයි ජගත් ක්‍රිකට් කවුන්සලයේ තරග ප්‍රධානී Chris Tetley පවසනවා.

“අමෙරිකාවේ දැනටමත් තිබෙන දැවැන්ත ක්‍රීඩා ලෝලී පදනමට ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ද ඇතුලත් කිරීම 2028 ඔලිම්පික් වසර සහ ඉන් ඔබ්බට අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත් ඉතාමත් වැදගත් පියවරක්” යැයි ඔහු ප්‍රකාශ කළා.

“මීට පෙර ඔවුන්ගේ එළිපත්තේ නොතිබුනු දෙයක් ඔවුන්ට ලබා දීමටයි අපේ මේ උත්සාහය. ඒ අතරතුර, ක්‍රිකට් ක්‍රීඩාව ඇත්ත වශයෙන් ම බේස්බෝල්වලට වඩා අමෙරිකාවේ පරණ ක්‍රීඩාවක් බවට අමෙරිකානු ක්‍රීඩා ප්‍රජාවට පවසමින් ඔවුන්ගේ කුතුහලය ඇවිස්සීමට හැකිවනු ඇතැයි අපි හිතනවා.”


19 වැනි සියවසේ අමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රීෂ්ම සෘතුවල පිත්තකින් හා පන්දුවකින් කළ ක්‍රීඩාවක් පසුව බේස්බෝල් යනුවෙන් නම් කළ බව පැවසෙනවා.

T20 ක්‍රිකට් ක්‍රීඩාව ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දක්නට ලැබෙන අලුත් ක්‍රීඩා පහෙන් එකක්.

ක්‍රිකට් ක්‍රීඩාව මීට පෙර ඔලිම්පික් උළෙලක ක්‍රීඩා කර තිබෙන එක ම අවස්ථාව වන්නේ 1900 වසරේ පැරිසියේ. එහිදී මහා බ්‍රිතාන්‍යයෙන් පැමිණි කණ්ඩායමක් ප්‍රංශය පරාජය කර තිබෙනවා.

 

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්