leader s

ආධාර මුදල් රැස් කිරීමේ ලොකුම එක්දින ඉසව්ව ලෙස 2024 ලන්ඩන් මැරතන් තරගය නව ලෝක වාර්තාවක් පිහිටුවා
තිබෙනවා.

පුද්ගලයන් 53,000කට වැඩි පිරිසක් සහභාගි වූ සැතපුම් 26.2 (කිලෝමීටර් 42.2) තරගයෙන් පවුම් මිලියන 67කට වැඩි මුදලක් රැස් කළ බව සංවිධායකයන් ප්‍රකාශ කරනවා.

ඉරිදා රැස්කර ගත්‌ මේ මුදල 2019 වසරේ ලන්ඩන් මැරතන් තරගයෙන් රැස්කර ගත් පවුම් මිලියන 66.4ක වාර්තාව අභිබවා ගොස් තිබෙනවා.
 
jgjkdfh

“පැහැබර දිනයක පැවති ඉතාමත් විස්මයජනක ඉසව්වක්. මෙච්චර විශාල මුදලක් රැස් කළේ හොඳ අරමුණු වෙනුවෙන්” යැයි ලන්ඩන් මැරතන් තරගයේ නිල මාර්ග ගත ආධාර රැස්කිරීමේ සහකාර ආයතනය වන Enthuse පවසනවා.
 
එම ආයතනයේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක Chester Mojay-Sinclare මෙසේ ප්‍රකාශ කළා: “මෙය අපේ ආයතනයට විශේෂ දවසක්. ජනතාවගේ ත්‍යාගශීලීබවෙන් ප්‍රයෝජන ලැබෙන සියළු පුණ්‍යායතන ගැන අපි බොහෝ සතුටු වනවා.”
 
පරිත්‍යාගය සඳහා ගෝලීය මාර්ග ගත සමාජ වේදිකාවක් වන JustGiving හරහා පවුම් මිලියන 40කට වැඩි මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර Enthuse මගින් පරිත්‍යාග කර ඇති මුදල පවුම් මිලියන 27කට වැඩියි.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්