BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

අඩක් නිමකළ ගෙවල් 5,000ක් වැඩ අවසන් කිරීමට 2027 අයවැයෙන් මුදල් වෙන්කෙරේ!

T

The Leader Desk

July 31, 2026 • 3:57 AM

අඩක් නිමකළ ගෙවල් 5,000ක් වැඩ අවසන් කිරීමට 2027 අයවැයෙන් මුදල් වෙන්කෙරේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *පසුගිය රජයයන් සමයේ අතහැර දැමූ නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට පස්පුද්ගල කමිටුවක් පත් කරයි
  • වාසයට සුදුසු මට්ටමේ පවතින සක්‍රීය නිවාස ව්‍යාපෘති හඳුනාගෙන, ඒවායේ වැඩ අවසන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි 2027 අයවැය මගින් වෙන්කිරීමට අපේක්ෂා කරන බව නිවාස, ඉදි කිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළේය.
  • පාර්ලිමේන්තුවේදී පැවැති නිවාස, ඉදි කිරීම් සහ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
  • පසුගිය වසරවල ආරම්භ කරන ලද ඇතැම් නිවාස ව්‍යාපෘති සඳහා වෙන්කළ ණය සහ අනුග්‍රහක අරමුදල් පූර්ණ වශයෙන් නිදහස් නොකිරීම හේතුවෙන් ඒවා අතරමග නතර වී තිබූ බව හෙතෙම පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


*අඩු ආදායම්ලාභී පවුල් 2,000කට ලබන වසරේදී විශේෂ නිවාස ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක්

පසුගිය රජයන් සමයේ විවිධ හේතූන් මත අඩක් නිමකර අතහැර දමා තිබූ නිවාස 5,000කට ආසන්න සංඛ්‍යාවක් නැවත ඉදිකර අවසන් කිරීම සඳහා රජය සැලසුම් කර තිබේ. වාසයට සුදුසු මට්ටමේ පවතින සක්‍රීය නිවාස ව්‍යාපෘති හඳුනාගෙන, ඒවායේ වැඩ අවසන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි 2027 අයවැය මගින් වෙන්කිරීමට අපේක්ෂා කරන බව නිවාස, ඉදි කිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී පැවැති නිවාස, ඉදි කිරීම් සහ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පසුගිය වසරවල ආරම්භ කරන ලද ඇතැම් නිවාස ව්‍යාපෘති සඳහා වෙන්කළ ණය සහ අනුග්‍රහක අරමුදල් පූර්ණ වශයෙන් නිදහස් නොකිරීම හේතුවෙන් ඒවා අතරමග නතර වී තිබූ බව හෙතෙම පෙන්වා දුන්නේය.

පස්පුද්ගල කමිටුව සහ අධ්‍යයන ක්‍රියාවලිය

මෙලෙස අතහැර දමා ඇති නිවාස ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කර පදංචි වීමට සුදුසු මට්ටමේ පවතින නිවාස වෙන්කර හඳුනා ගැනීම සඳහා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් යුත් පස්පුද්ගල විශේෂ කමිටුවක් පත් කර ඇත.

අදාළ ව්‍යාපෘතිවල තොරතුරු රැස්කිරීම, ව්‍යුහාත්මක ලෙස ශක්තිමත් නිවාස හඳුනාගැනීම සහ ඒවායේ ඉතිරි වැඩ නිමකිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කිරීමේ කටයුතු අදාළ කමිටුව විසින් මේ වන විටත් ආරම්භ කර තිබේ. එම කමිටු වාර්තාව ලැබුණු පසු අතහැර දැමූ ව්‍යාපෘතිවල ඉදිරි කටයුතු පිළිබඳ පූර්ණ තීරණ ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අඩු ආදායම්ලාභීන්ට සහනයක් සහ කොළඹ නිවාස ගැටලුව

මීට අමතරව, අඩක් ඉදිකර ඇති සිය නිවාසවල ඉතිරි වැඩ නිමකර ගැනීමට නොහැකිව අසරණ වී සිටින පවුල් සඳහා ලබන වසරේ සිට විශේෂ මූල්‍ය හා ද්‍රව්‍යමය ආධාර ලබාදීමට ද අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම වැඩසටහන යටතේ පවුල් 2,000කට ආසන්න සංඛ්‍යාවකට සෘජු ප්‍රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


මේ අතර, උපදේශක කාරක සභා රැස්වීමට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම සිය බලප්‍රදේශවල පවතින නිවාස සහ ජල සම්පාදන ගැටලු පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු කළහ. කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුව ඇතුළු ක්ෂේත්‍රයේ සියලු ගැටලු විසඳීම වෙනුවෙන් අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ඉදිරියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...