The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකාවේ අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් පහෙන් එකකට මන්දපෝෂණය!

T

The Leader Desk

June 5, 2026 • 4:10 PM

 ලංකාවේ අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් පහෙන් එකකට මන්දපෝෂණය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් පහෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.
  • ඒ, 2025 ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
  • නවතම දත්ත ඉදිරිපත් කරමින් ලේකම්වරයා පෙන්වා දුන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 10.1ක් වර්ධනය අඩාල වීමෙන් (Stunted) පෙළෙන අතර, සියයට 8.6ක් උග්‍ර මන්දපෝෂණය (Wasted) නිසා කෘශභාවයට පත්ව ඇති බවයි.
  • මීට අමතරව සියයට 16.1ක් අඩු බර සහිත දරුවන් වන අතර, සියයට 0.57ක් අධික බරින් යුක්ත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් පහෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

දශක ගණනාවක සමාජ සුබසාධන හා සෞඛ්‍ය ආයෝජන මධ්‍යයේ වුවද, රටේ මානව සංවර්ධනය අඩාල කරමින් පවතින මෙම දිගුකාලීන මහජන සෞඛ්‍ය ගැටලුව පිළිබඳව අනාවරණය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ය. ඒ, 2025 ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 නවතම දත්ත ඉදිරිපත් කරමින් ලේකම්වරයා පෙන්වා දුන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 10.1ක් වර්ධනය අඩාල වීමෙන් (Stunted) පෙළෙන අතර, සියයට 8.6ක් උග්‍ර මන්දපෝෂණය (Wasted) නිසා කෘශභාවයට පත්ව ඇති බවයි. මීට අමතරව සියයට 16.1ක් අඩු බර සහිත දරුවන් වන අතර, සියයට 0.57ක් අධික බරින් යුක්ත වේ. දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව සෞඛ්‍ය දර්ශක අතින් ඉදිරියෙන් සිටියද, නිදහසින් පසු පෝෂණ තත්ත්වය නංවාලීමට ප්‍රමාණවත් ප්‍රගතියක් අත්කරගෙන නොමැති බව හෙතෙම පිළිගත්තේය.


මීට අමතරව, මෙරට උපත් අනුපාතය මෑතකදී අඩකින් පමණ පහත වැටී ඇති බවත්, එමඟින් ඉදිරියේදී රටේ ශ්‍රම බලකාය දැඩි ලෙස සීමා වී ආර්ථිකයට මෙන්ම වයස්ගත වන ජනගහනයට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් වෛද්‍ය ජාසිංහ පෙන්වා දුන්නේය.

ළමා වියේ පවතින මන්දපෝෂණය හේතුවෙන් වැඩිහිටි වියේදී ස්ථූලතාවය, දියවැඩියාව සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ යයි.

 වර්තමානය වන විට මෙරට වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට 47ක් සහ පිරිමින්ගෙන් සියයට 30ක් අධික බරින් යුක්තය.

පාසල් දරුවන් සහ තරුණ පරපුර සීනි, ලුණු සහ අහිතකර මේදය අධික සකසන ලද ආහාර (Processed foods) භාවිතයට පෙළඹීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පාසල් සහ සේවා ස්ථානවල පෝෂ්‍යදායී ආහාර ලබාදීම, මාළු වැනි පෝෂ්‍යදායී ආහාරවල මිල දැරිය හැකි මට්ටමකට පත් කිරීම සහ අහිතකර කෙටි ආහාර අධෛර්යමත් කිරීම සඳහා ආර්ථික ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

රටේ අනාගත ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම උදෙසා ළමා පෝෂණය වෙනුවෙන් ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.

මුලාශ්‍රය : One in five Sri Lankan children under five suffers from malnutrition, Health Ministry warns

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...