BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: ප්‍රධාන ජේලර්ගේ සාක්ෂිය ප්‍රකාශයට තහනම්; 5 වන සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට!

T

The Leader Desk

July 31, 2026 • 3:54 PM

මීගමුව බන්ධනාගාර ගැටුම: ප්‍රධාන ජේලර්ගේ සාක්ෂිය ප්‍රකාශයට තහනම්; 5 වන සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ආරක්ෂාවට අදාළ අතිශය සංවේදී තොරතුරු මාධ්‍යයට දීම මීගමුව මහේස්ත්‍රාත්වරිය විසින් වළක්වයි
  • එම තොරතුරු ප්‍රකාශයට පත් වීමෙන් රටේ ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය, අදාළ සාක්ෂි සම්පිණ්ඩනය සුරක්ෂිතව අධිකරණ සේප්පුවේ තැන්පත් කිරීමට පියවර ගත්තාය.
  • 5 වන සැකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම 32 දෙදෙනෙකුට මරණය කැඳවූ මෙම ගැටුම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අධිකරණ අවසරය හිමි විය.
  • ඒ අනුව, සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරය තුළ සිටි අංක 3163 දරන පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් 'ලැම්බා' නමැති රැඳවියා 5 වන සැකකරු ලෙස නම් කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ගිනිඅවි 301ක්, පතුරම් 1800ක් සහ DVD තැටි 32ක් ඇතුළු නඩු භාණ්ඩ තොගයක් අධිකරණයට; පුද්ගලයන් 1,608කගෙන් ප්‍රකාශ සටහන්


ප්‍රධාන ජේලර්ගේ සාක්ෂිය සහ මාධ්‍ය තහනම

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ලේවැකි ගැටුම සම්බන්ධයෙන් වන නඩුකරය මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනී පෙරේරා හමුවේ කැඳවූ අවස්ථාවේදී, සිද්ධිය වූ අවස්ථාවේ එහි ප්‍රධාන ජේලර් ලෙස කටයුතු කළ වික්‍රම ජයන්ත කුමාර පැය 2ක කාලයක් රහසිගත සාක්ෂි ලබා දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාක්ෂි මෙහෙයවීම මත ලබා දුන් එම සාක්ෂිය තුළ ජාතික ආරක්ෂාවට අදාළ අතිශය සංවේදී තොරතුරු අන්තර්ගත වන බැවින්, එහි කිසිදු කරුණක් මාධ්‍ය ඔස්සේ පළ නොකරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. එම තොරතුරු ප්‍රකාශයට පත් වීමෙන් රටේ ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය, අදාළ සාක්ෂි සම්පිණ්ඩනය සුරක්ෂිතව අධිකරණ සේප්පුවේ තැන්පත් කිරීමට පියවර ගත්තාය.

5 වන සැකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම

32 දෙදෙනෙකුට මරණය කැඳවූ මෙම ගැටුම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අධිකරණ අවසරය හිමි විය. ඒ අනුව, සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරය තුළ සිටි අංක 3163 දරන පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් 'ලැම්බා' නමැති රැඳවියා 5 වන සැකකරු ලෙස නම් කෙරිණි.

පල්ලන්සේන බන්ධනාගාරයේ රඳවා සිටි අදාළ සැකකරු එදිනම පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන අගෝස්තු 07 වන දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝග කෙරුණු අතර එදින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

විමර්ශන ප්‍රගතිය, නඩු භාණ්ඩ සහ නීතිමය පියවර

නඩුවේ වැඩිදුර විමර්ශන වාර්තාව ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්, රැඳවියන්, විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයන් 1,608 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

එමෙන්ම, විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිද්ධිය වූ දින භාවිත කළ ගිනි අවි 301ක්, පතුරම් 1800ක්, මැගසින් 9ක්, ඡායාරූප අඩංගු DVD තැටි 32ක් සහ මියගිය අයගේ ඇඳුම් පැළඳුම් අධිකරණයට නඩු භාණ්ඩ ලෙස භාර දෙන ලදී. බන්ධනාගාර රෝහලට සිදු වූ අලාභය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලවා තක්සේරුවක් ලබා ගැනීමටද නියෝග කෙරිණි.

සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම්, ගිනිඅවි පනත සහ පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අදාළ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට නියමිත බවද අධිකරණයට දැනුම් දුන්නේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...