BREAKING
නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●
Top Ad
පුවත්

කල් ඉකුත් වූ ඖෂධ සහ අසීමිත ගාස්තු: පෞද්ගලික රෝහලකට සහ ආයතනවලට ලක්ෂ 5ක දඩ!

T

The Leader Desk

August 5, 2026 • 6:31 AM

කල් ඉකුත් වූ ඖෂධ සහ අසීමිත ගාස්තු: පෞද්ගලික රෝහලකට සහ ආයතනවලට ලක්ෂ 5ක දඩ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *කොළඹ සහ යාපනයේ සිදුකළ විශේෂ වැටලීම්වලදී අනාවරණය වූ නීති විරෝධී ක්‍රියාකාරකම්
  • 2026 මැයි 20 වන දින සිදුකළ වැටලීමකදී කල් ඉකුත් වූ ආයුර්වේද ඖෂධ පෙති සහ කැප්සියුල 640කට අධික ප්‍රමාණයක් මෙන්ම නිසි ලේබල් තොරතුරු නොමැති ආලේපන වර්ග 280ක් ඇතුළු භාණ්ඩ 920කට ආසන්න තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
  • අගෝස්තු 04 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව, රුපියල් 100,000ක දඩයක් නියම කළ මහේස්ත්‍රාත් අධිකරණය අදාළ භාණ්ඩ තොගය වහාම විනාශ කිරීමට නියෝග කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


*අධිකරණ තීන්දු පුවත්පත්වල පළකිරීමටත් අත්අඩංගුවට ගත් භාණ්ඩ තොග විනාශ කිරීමටත් නියෝග

ආයුර්වේද ඖෂධ සහ ආලේපන ගබඩාවකට ලක්ෂයක දඩයක්

කල් ඉකුත් වූ ආයුර්වේද ඖෂධ විකිණීම සඳහා ගබඩා කිරීම, නිසි ලේබල් තොරතුරු නොමැති ආලේපන සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා 5ක් යටතේ කොළඹ 13, ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතේ පිහිටි “Orience International Business (Pvt) Ltd” ආයතනයට සහ එහි අධ්‍යක්ෂවරයාට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

2026 මැයි 20 වන දින සිදුකළ වැටලීමකදී කල් ඉකුත් වූ ආයුර්වේද ඖෂධ පෙති සහ කැප්සියුල 640කට අධික ප්‍රමාණයක් මෙන්ම නිසි ලේබල් තොරතුරු නොමැති ආලේපන වර්ග 280ක් ඇතුළු භාණ්ඩ 920කට ආසන්න තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. අගෝස්තු 04 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව, රුපියල් 100,000ක දඩයක් නියම කළ මහේස්ත්‍රාත් අධිකරණය අදාළ භාණ්ඩ තොගය වහාම විනාශ කිරීමට නියෝග කළේය.

යාපනයේ පෞද්ගලික රෝහලකට සහ සායනයකට නෛතික පියවර

මේ අතර, යාපනය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට සහ වෛද්‍ය සායනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් පවරන ලද නඩුවලට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 4ක දඩ මුදලක් නියම කර ඇත.

නෝදන් සෙන්ට්‍රල් හොස්පිටල් (Northern Central Hospitals):
ඇස් සැත්කම් සඳහා භාවිත කරන කල් ඉකුත් වූ ඖෂධ දියර වර්ග ශීතකරණයේ තබා ප්‍රදර්ශනය කිරීම සහ කල් ඉකුත් වූ සැත්කම් උපකරණ භාවිතයට තබා ගැනීම යන චෝදනා 3ට වරද පිළිගැනීමෙන් පසු රුපියල් 300,000ක දඩයක් නියම විය.

නිව් සන් රයිස් මෙඩි ක්ලිනික් (New Sun Rise Medi Clinic):
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නියම කර ඇති රුපියල් 400ක පාලන මිල ඉක්මවා Full Blood Count (FBC) පරීක්ෂණයක් සඳහා රුපියල් 550ක් අය කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු රුපියල් 100,000ක දඩයක් නියම විය.

අධිකරණ තීන්දු ප්‍රසිද්ධ කිරීමට නියෝග සහ මහජන දැනුවත් කිරීම

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 60(6) වගන්තිය ප්‍රකාරව අදාළ වෛද්‍ය ආයතන දෙකට එරෙහිව ලබාදුන් තීන්දු පිළිබඳ විස්තර මහජනතාවගේ දැනගැනීම පිණිස පුවත්පත්වල පළ කරන ලෙස නියෝග කර තිබේ.

මහජන සෞඛ්‍යයට හානි වන අයුරින් කල් ඉකුත් වූ ඖෂධ, ප්‍රමිතියෙන් තොර ආලේපන අලෙවි කිරීම හෝ නියමිත පාලන මිල ඉක්මවා ගාස්තු අය කරන ආයතන පිළිබඳව 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත තොරතුරු ලබාදෙන ලෙස අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...