BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

චෙම්මනි සමූහ සුසානයෙන් ගොඩගත් සිරුරු 500 පනී: 100 වැනි දිනටත් කැනීම් අඛණ්ඩව!

T

The Leader Desk

August 8, 2026 • 4:19 PM

චෙම්මනි සමූහ සුසානයෙන් ගොඩගත් සිරුරු 500 පනී: 100 වැනි දිනටත් කැනීම් අඛණ්ඩව!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ඉතිහාසයේ විශාලතම වෝහාරික කැනීම් ක්‍රියාවලිය යාපනය මහේස්ත්‍රාත් අධීක්ෂණය යටතේ ඉදිරියට
  • නිරංජන්  සඳහන් කළේ අදියර තුනක් යටතේ සිදුකළ මෙහෙයුම් ඔස්සේ ඉන් ඇටසැකිලි 501ක් මේ වන විටත් පූර්ණ ලෙස ගොඩගෙන අධිකරණ භාරයට ගෙන ඇති බවයි.
  • සාම්ප්‍රදායික හින්දු ආගමික චාරිත්‍රානුකූලව සිදුකළ භූමදානයන් නොවන බවට තහවුරු වී ඇති මෙම ස්ථානයෙන්, ළදරු කිරි බෝතල්, පාසල් ගමන් මලු, වැහි කබා සහ සෙල්ලම් බෝනික්කන් වැනි පාරිහාරික වස්තූන් රැසක් ද හමුවී ඇති අතර, ඒවා දැනට අධිකරණ භාරයේ සුරක්ෂිතව තබා ඇත.
  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2025 සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව පෙන්වා දී තිබුණේ, අදාළ ස්ථානයේ භූමදානය කර ඇත්තේ බහිර්නීතික" (Extrajudicial) හෝ නීති විරෝධී ලෙස ඝාතනයට ලක්වූවන් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාත්‍යන්තර විමර්ශන ඉල්ලීම් සහ දේශීය අධිකරණ ක්‍රියාවලිය අතරතුර මතුවන විවිධ අදහස් පිළිබඳ විමසුමක්


දින 100ක් පුරා සිදුකළ කැනීම් සහ නවතම සොයාගැනීම්

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ විශාලතම සමූහ සුසානය ලෙස සැලකෙන අරියාලෙයි, චෙම්මනි, සින්තුපාත්ති පරිශ්‍රයේ කැනීම් කටයුතු සියවැනි දිනටත් (100 වැනි දිනය) අඛණ්ඩව සිදුකර තිබේ. යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ගේ සෘජු අධීක්ෂණය යටතේ, වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් දෙදෙනාගේ නායකත්වයෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම කැනීම් කටයුතු මෙහෙයවනු ලබයි.

සමූහ සුසානයෙන් සිරුරු ගොඩගැනීමේ සියවැනි දිනයේදී තවත් මිනිස් අස්ථි කොටස් 08ක් අලුතින් හඳුනාගෙන ඇති අතර, ඒ අනුව මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ඇටසැකිලි සංඛ්‍යාව 507ක් දක්වා ඉහළ ගොස් ඇත. වින්දිත පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ වී. එස්. නිරංජන්  සඳහන් කළේ අදියර තුනක් යටතේ සිදුකළ මෙහෙයුම් ඔස්සේ ඉන් ඇටසැකිලි 501ක් මේ වන විටත් පූර්ණ ලෙස ගොඩගෙන අධිකරණ භාරයට ගෙන ඇති බවයි.

            චෙම්මනි සමූහ සුසාන කැනීම්වල වත්මන් තත්ත්වය සහ දත්ත     
       

| ආරම්භක දිනය: 2025 මැයි 15 දින සිට අදියර 3ක් යටතේ                                                                    
| අධීක්ෂණය සහ නායකත්වය: යාපනය මහේස්ත්‍රාත්, මහාචාර්ය රාජ් සෝමදේව සහ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන්        
| සොයාගත් සමස්ත ඇටසැකිලි ගණන: 507 (ගොඩගෙන ඇති සංඛ්‍යාව: 501)                                                        
| පාරිහාරික වස්තු: ළදරු කිරි බෝතල්, පාසල් ගමන් මලු, වැහි කබා, බෝනික්කන් ඇතුළු ද්‍රව්‍ය (අධිකරණ භාරයේ පවතී)        
| මානව හිමිකම් කොමිෂන් සභා නිරීක්ෂණ: බහිර්නීතික හෝ නීති විරෝධී ලෙස සිදුකර ඇති ඝාතනයන් බවට නිරීක්ෂණය වීම      
      


පාරිහාරික වස්තු සහ මානව හිමිකම් නිරීක්ෂණ

2025 මැයි 15 වන දා ආරම්භ වූ මෙම කැනීම් පරිශ්‍රයෙන් ගොඩගන්නා ලද මිනිස් අස්ථි කොටස් අතර කුඩා ළමුන්ගේ සිරුරු ද පවතින බව පරීක්ෂණ කණ්ඩායම් නිරීක්ෂණය කර තිබේ. සාම්ප්‍රදායික හින්දු ආගමික චාරිත්‍රානුකූලව සිදුකළ භූමදානයන් නොවන බවට තහවුරු වී ඇති මෙම ස්ථානයෙන්, ළදරු කිරි බෝතල්, පාසල් ගමන් මලු, වැහි කබා සහ සෙල්ලම් බෝනික්කන් වැනි පාරිහාරික වස්තූන් රැසක් ද හමුවී ඇති අතර, ඒවා දැනට අධිකරණ භාරයේ සුරක්ෂිතව තබා ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2025 සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව පෙන්වා දී තිබුණේ, අදාළ ස්ථානයේ භූමදානය කර ඇත්තේ බහිර්නීතික" (Extrajudicial) හෝ නීති විරෝධී ලෙස ඝාතනයට ලක්වූවන් බවයි.

ඥාතීන්ගේ ඉල්ලීම් සහ පවත්නා නීතිමය ස්ථාවරයන්

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන විසින් අදාළ ස්ථානයේ තමන්ගේ ආදරණීයයන්ගේ සිරුරු පවතින්නේද යන්න සැකහැර දැනගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ යාන්ත්‍රණයක අවශ්‍යතාව දිගින් දිගටම අවධාරණය කරනු ලබයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අදාළ පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවන්හිදී ද ප්‍රදේශවාසීන් විසින් මෙම ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත්, අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර  ප්‍රකාශ කර සිටියේ, දේශීය අධිකරණ සහ වෝහාරික පරීක්ෂණ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය තබමින්, සිද්ධියට අදාළ යම් තොරතුරක් හෝ අපරාධකරුවන් පිළිබඳ තොරතුරු පවතින්නේ නම් ඒවා නිල මාර්ග ඔස්සේ ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ස්වාධීන වෝහාරික මෙහෙයුම් ඉදිරියටත් සිදුකෙරෙමින් පවතී.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චෙම්මනි සමූහ සුසානයෙන් ගොඩගත් සිරුරු 500 පනී: 100 වැනි දිනටත් කැනීම් අඛණ්ඩව! | The Leader