The Leader News
BREAKING
Top Ad
පුවත්

භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.බි. 500ටත් වඩා පහළට: රට යළිත් දරුණු ආර්ථික අර්බුදයක අද්දරට!

T

The Leader Desk

June 15, 2026 • 5:27 AM

භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.බි. 500ටත් වඩා පහළට: රට යළිත් දරුණු ආර්ථික අර්බුදයක අද්දරට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාහන ආනයන බදු සහ අමතර රාජ්‍ය ආදායම් මැදත් මාස 6කින් භාණ්ඩාගාරය පල්ලම් බසී: මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවය හෙළිවේ.
  • ජූනි 15 භාණ්ඩාගාර මුදල් ශේෂය රු.බි.
  • ට වඩා පහත වැටේ සෙමින් නමුත් ස්ථිර ලෙසම ආර්ථික අර්බුදයක ලකුණු පහළ වෙමින් ඇත.
  • ක් වූ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය, 2026 ජූනි 11 (බ්‍රහස්පතින්දා) දෛනික ව්‍යාපාර කටයුතු අවසන් වන විට රු.බි.
අකුරු ප්‍රමාණය (Font Size):


වාහන ආනයන බදු සහ අමතර රාජ්‍ය ආදායම් මැදත් මාස 6කින් භාණ්ඩාගාරය පල්ලම් බසී: මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවය හෙළිවේ.

ප්‍රාග්ධන වියදම් අත්හිටුවීමෙන් ආර්ථික වර්ධනය අඩාලයි: ලබන සැප්තෑම්බර් වෙද්දී භාණ්ඩාගාර ශේෂය සෘණ (Minus) වීමේ අනතුරක්!


2026 වසර ආරම්භයේදී සාර්ථක මට්ටමක පැවති මහා භාණ්ඩාගාරයේ මුදල් ශේෂය, මාස හයක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් බිලියන 500 සීමාවටත් වඩා පහත වැටෙමින් රට සෙමින් නමුත් ස්ථිර ලෙසම නැවත වරක් දරුණු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

පසුගිය ජනවාරි 1 වනදා වන විට රුපියල් බිලියන 915ක් ලෙස සටහන් වූ භාණ්ඩාගාර මුදල් ශේෂය, ජූනි 11 බ්‍රහස්පතින්දා දෛනික ව්‍යාපාර කටයුතු අවසන් වන විට මෙලෙස බිලියන 500 සීමාවෙන් පහළට කඩා වැටී ඇත්තේ රජයේ පැහැදිලි මූල්‍ය කළමනාකරණ දුර්වලතාවය හේතුවෙන් බව පෙන්වා දෙන කීර්ති තෙන්නකෝන්, රජය මුහුණ දී සිටින දැවැන්ත මූල්‍ය හිඟය හේතුවෙන් ඉදිරි සතියේදී පොලී අනුපාත තීව්‍ර ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ඇති බවද සඳහන් කරයි.

මහ බැංකුව සහ රජය මෙම සැබෑ ආර්ථික තත්ත්වය වසන් කිරීමට උත්සාහ දරමින් සිටින බවත්, පවත්නා තත්ත්වයට නිසි විසඳුම් නොගතහොත් ලබන සැප්තෑම්බර් මාසය වන විට භාණ්ඩාගාර ශේෂය යළිත් වරක් 'සෘණ' (Minus) අගයක් දක්වා ඇද වැටීමේ බරපතළ අවදානමක් පවතින බවත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම නිවේදනය කිසිඳු සංශෝධනයකින් තොරව මතු පළවේ.


2026 ජූනි 15

භාණ්ඩාගාර මුදල් ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ

සෙමින් නමුත් ස්ථිර ලෙසම ආර්ථික අර්බුදයක ලකුණු පහළ වෙමින් ඇත.


 2026 ජනවාරි 1 දින ට රු.බි. 915 ක් වූ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය, 2026 ජූනි 11 (බ්‍රහස්පතින්දා) දෛනික ව්‍යාපාර කටයුතු අවසන් වන විට  රු.බි. 500 ටත් වඩා අඩු ප්‍රමාණයකට පහත වැටී තිබේ. අප රට සෙමින් නමුත් ස්ථිර ලෙසම ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බව භාණ්ඩාගාරයේ මුදල් තත්වය පහත වැටීමෙන් පෙන්නුම් කෙරේ.

පසුගිය සතියේ දී මහා භාණ්ඩාගාරය රු. බි. 140 ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කළ අතර, එයින් ඉහළ පොලියට අලෙවි වූයේ රු. බි. 71 ක බිල්පත් (51%) පමණී.  රු. බි. 150 ක  භාණ්ඩාගාර බැඳුම්කර ඉදිරිපත් කරනු ලැබූ නමුත් එයින් ද අලෙවි වූයේ රු. බි. 92 ක (61%) ක බැඳුම්කර පමණී.  භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් ඉහළම පොලියට සපයා ගැනීමට  උත්සහ කළ ද එය ද මේ වන විට අසාර්ථවීම භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.බි. 500 ටත් වඩා පහත වැටීමට හේතුවී ඇත.

2022 ජනවාරි මස 8.63% ක් ද, පෙබරවාරි මස 9.05% ක් ද, මාර්තු මස 13.83% ක්  ද වූ භාණ්ඩාගාර බිල්පත් පොලිය 2022 අප්‍රේල් මස 23.53% දක්වා ඉහල ගියේය.  2022 සැප්තෑම්බර් මස එය 31 % දක්වා ද, ඔක්තෝබර් මස 32.33 % දක්වා ද ඉහළ ගියේය.  භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලිය එලෙසම නැවතවරක් ඉහළ යාමේ අවදානමක් මතුවෙමින් ඇත.

ඒ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය කැපී පෙනෙන ලෙස පහත වැටීම හේතුවෙන් භාණ්ඩාගාරය  දැවැන්ත මුල්‍ය හිඟයකට මුහුණ දී සිටින බව ව්‍යාපාරික ප්‍රජාව අවබෝධ කර ගනී. රජයට මුදල් ණයට ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින්, ජූනි 15 දිනෙන් ආරම්භ වන සතියේ දී පොලී අනුපාත තීව්ර ලෙස ඉහළයාම නොවැලැක්විය හැකි වනු ඇත.

2026 අය වැය ඉදිරිපත් කරන විට භාණ්ඩාගාර ශේෂය රුපියල් ට්‍රිලියනක් හෙවත් කෝටි ලක්ෂයක් ලෙස පැවති අතර, ආචාර්ය හර්ෂ ද සිල්වා විවාදය ආරම්භ කළේ ඒ බව පවසමිනි. මාස 5 ක් තුල රු.බි. 915.83 සිට එය රු.බි. 620 දක්වා පහත වැටුණි. ජූනි 11 එය බි. 500 සීමාවට වඩා පහත වැටීම මුල්‍ය කලමණාකරණයේ පැහැදිලි දුර්වලතාවයකි.  (දිත්වා අරමුදල් ලෙස ලැබුණු රු.බි. 10 ද මෙම රු.බි. 500 ට  ඇතුලත් ය.)

භාණ්ඩාගාර මුදල් ශේෂය මෙලෙස ඉතා පහත මට්ටමකට වැටී ඇත්තේ ඊට පෙර වර්ෂවල නොතිබූ රු.බි. 900 කට වැඩි මුදලක් වාහන ආනයනය  කිරීමෙන් ලබාගත් බදු මුදල් සහ ආදායම් ලබන දෙපාර්තමේන්තුවල කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී 40%ක පමණ අමතර රාජ්‍ය ආදායමක් ද උපයාගත් වටපිටාවක වීම විශේෂයකි.

රටේ ප්‍රාග්ධන වියදම් රු. බිලියන 1,719 න් පළමු කාර්තුවේ දී වැය කර ඇත්තේ  බි. 106 (7.5%)  කි.  2026 ජූනි 1 දිනට වැය කර ඇත්තේ  230 (13.4%)  කි. ප්‍රාග්ධන වියදම් සිදු නොකර රටක ආර්ථික වර්ධනයක් සිදු කළ නොහැකිය.  

මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය ආර්ථික අර්බුදය සැඟවීමට විවිධ උත්සහ දරමින් සිටින නමුත් අර්බුදය වලක්වා ගැනීමට ප්‍රමාණවත් සාධනීය පියවරක් ගැනීමට අසමත්වී ඇත.

2022 දී ජූලි මස වන විට භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලේ ශේෂය රු. බිලියන සෘණ 800 ක් වු අතර 2023 දී එය සෘණ 84  දක්වා අඩු කර ගැනීමට හැකි විය. වත්මන් රජය බලයට පත් වන විට එය රු.බි. 800 දක්වා ඉහළ ගොස් තුබූ අතර,  2026 ජනවාරි රු.බි. 915 ක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූ ඒකාබද්ධ අරමුදලේ ශේෂය,  මාස 6 ක් තුල රු. බිලියන 500 ට වඩා පහතට වැටී ඇත.

ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට නිසි පියවර නොගන්නේ නම්, ලබන සැප්තෑම්බර් මස වන විට නැවත වරක් භාණ්ඩාගාරයේ ශේෂය සෘණ අගයක් බවට පත්වීමේ අවදානම බැහැර කළ නොහැකි වනු ඇත.

 | රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...