The Leader News
BREAKING
Top Ad
පුවත්

පාස්කු විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CID විමර්ශනයක්: සංස්කරණය නොකළ දර්ශන කැඳවීමට කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝග!

T

The Leader Desk

June 15, 2026 • 3:56 PM

පාස්කු විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CID විමර්ශනයක්: සංස්කරණය නොකළ දර්ශන කැඳවීමට කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝග!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එලෙස සිද්ධියට අදාලව අධිකරණයට අපහාස කරමින් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කරන ලද එම පුද්ගලයන්ට ජූලි 01 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතෙසි නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
  • එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ මෙම අධිකරණය විසින් නොතිසි නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් එම පුද්ගලයන් අභියාචනාධිකරණයට යොමු කළ හැකි බවත් ය.
  • තවද මෙම සිද්ධියට අදාල තුන්වෙනි සැකකරු වන දැනට රැඳවුම් නියෝග මත සිට ජාතික රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නිරීක්ෂණය කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
  • සිද්ධියට අදාලව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් මෙලෙස කරුණු දැක්වූවා.
අකුරු ප්‍රමාණය (Font Size):


සමාජ මාධ්‍ය සහ ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය නාලිකා 8ක දර්ශන පරීක්ෂාවට CID විශේෂ ඒකකයක් සූදානම්

සැකකරුවන්ට නොතීසි නිකුත් කිරීම කොටුව මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි: අවශ්‍ය නම් අභියාචනාධිකරණයට යන්නැයි දැනුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ අසංක නවරත්න, මෙන්ම සුදීෂ්වර බණ්ඩාර සහ මහින්ද පතිරණ යන පිරිස විසින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා වන අයුරින් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා අධිකරණයට අපහාස වන අයුරින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (15)  කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු දැක්විය.

එලෙස සිද්ධියට අදාලව අධිකරණයට අපහාස කරමින් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය  හරහා ප්‍රකාශ නිකුත් කරන ලද එම පුද්ගලයන්ට ජූලි  01 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතෙසි නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ මෙම අධිකරණය විසින් නොතිසි නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් එම පුද්ගලයන්  අභියාචනාධිකරණයට යොමු කළ හැකි බවත් ය.

තවද මෙම සිද්ධියට අදාල තුන්වෙනි සැකකරු වන දැනට රැඳවුම් නියෝග මත සිට  ජාතික රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නිරීක්ෂණය කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ ජාතික රෝහල අයත්වන බල ප්‍රදේශයට අදාල අධිකරණය වන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ  මහේස්ත්‍රාත්වරියට ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ලබන 20 වන දිනට පෙර සැකකරුව නිරීක්ෂණයට ලක් කරන ලෙසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් ගොනු කරමින් මෙලෙස දැන්විය.

සිද්ධියට අදාලව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් මෙලෙස කරුණු දැක්වූවා.

" ස්වාමීනි, අද (15) මෙම සිද්ධියට අදාළව පිටු 14කින් යුත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට යොමු කරනවා. එහි නියෝග කිහිපයක් ලබා ගැනීමට තිබෙනවා. මෙම සිද්ධියට අදාල තුන්වන සැකකරු මේ වනවිට රැඳවුම් නියෝග මත සිටින්නේ. ඔහු 2026/6/5 සිට රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කර තිබෙනවා. දැන් ඔහු සිටින්නේ ජාතික රෝහලේ 42 වාට්ටුවේ. විශේෂඥ වෛද්‍යවරු සිව්දෙනෙකු යටතේ ප්‍රතිකාර ලබනවා. "

" ස්වාමීනි, මොහුගේ මෙම ක්‍රියා කලාපය තවදුරටත් තහවුරු කර ගැනීමට දේශපාලන සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරනවා. අධිකරණයේ යුක්තිය ක්‍රියාත්මක වීමට බාධා වන අයුරින් සහ මහජනතාවට අධිකරණය කෙරෙහි අපකීර්තියක් ඇති කරවන අයුරින් සහ මහජන විරෝධයක් ඇතිවෙන ලෙස එම කණ්ඩායම කටයුතු කරනවා."

" ඔවුන් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන මෙම විමර්ශනයට අදාලව විවිධ ප්‍රකාශ ප්‍රචාරණය කර තිබෙනවා. අද දින ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවේ ඒ සම්බන්ධයෙන් තොරතුරු දක්වා තිබෙනවා පින්තූරත් සමඟ. ඔවුන් විසින් කරන ලද ප්‍රකාශ වලින් කොටසක්ද ඉදිරිපත් කර තිබෙනවා. "

" එලෙස අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය විසින්. මහින්ද පතිරණ යන අය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයක් සිදුකර ඇති අතර අනෙක් පුද්ගලයන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කර තිබෙනවා."

" ස්වාමීනි 2024 අංක 8 දරණ පනතේ අංක 3(1) අ යටතේ තිබෙන 1,2,3 වගන්ති අනුව මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඉකුත් 7 වන දින  සිට මේ දක්වා මෙම පුද්ගලයන් හය දෙනා විසින් විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය කරුණු ප්‍රචාරණය කරනවා. මෙම සිද්ධියට අදාලව පුද්ගලයන් තුන්දෙනෙක් සම්බන්ධයෙන් පෙර නඩු දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සම්බන්ධයෙන්"

" 2026/6/7 වන දින සිට මේ දක්වා මෙම විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රචාරය කරන ලද මෙම ප්‍රකාශවල සංස්කරණය නොකරන ලද දර්ශන මාධ්‍ය ආයතන මඟින් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එම මාධ්‍ය ආයතනවල  ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන්, සංස්කාරකවරුවන්, මාධ්‍යවේදින් ඇතුලු පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ නිලධාරීන් පිරිසක් පත් කර තිබෙන බවද අධිකරණයට දැනුම් දෙනවා"

" 1979  අංක 15 දරන පනතේ 124 වගන්තිය ප්‍රකාරව එම මාධ්‍ය ආයතන වලින් එම වීඩියෝ දර්ශන ලබා ගැනීමට අදාල නියෝග නිකුත් කරන  ලෙසද  අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එම විද්‍යුත් මාධ්‍ය ආයතන ලෙස ජාතික රූපවාහිනිය, ස්වර්ණවාහිනිය, සිරස, ශක්තිමත්, සියත, හිරු, දෙරණ,TNL යන විද්‍යුත් ආයතන වෙත එම නියෝගය ලබා දෙන ලෙසයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ විද්‍යුත් මාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් කෙසේ විමර්ශනය කරන්නේද යන්නයි.

එහිදී අපරාධ පරීක්‍ෂණයදෙපාර්තමේන්තුව දන්වා සිටියේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය මගින් විමර්ශන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ විමර්ශනයට අදාලව තුන්වන සැකකරු සම්බන්ධයෙන් සිදු කරනු ලබන වෛද්‍ය  ප්‍රතිකාර සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ හරහා විශාල ලෙස මර්ධනයක් සිදුකළ ඇති බවයි. මෙම ප්‍රකාශ දිගින් දිගටම සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මෙම අධිකරණයේ එම පුද්ගලයන්ට පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම පුද්ගලයන්ට නොසිති නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නොවන බවත් අවශ්‍ය නම් අභියාචනාධිකරණයට එම පුද්ගලයන් යොමු කළ හැකි බව එහිදී මහේස්ත්‍රාත්වරයා දැන්විය.

විද්‍යුත් මාධ්‍ය ආයතනවල සංස්කරණය නොකරන ලද දර්ශන ලබා ගැනීමට අවශ්‍ය නියෝගද මහේස්ත්‍රාත්වරයා එහිදී නිකුත් කළේය.

සිද්ධියට අදාල නඩුව ජුලි 1 වන දින පස්වරු 1.30ට  කැඳවීමට නියමිතය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාස්කු විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CID විමර්ශනයක්: සංස්කරණය නොකළ දර්ශන කැඳවීමට කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝග! | The Leader