BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

පලාගිය අපරාධකරුවන් 66ක් කොටුකරයි : බිලියන 6ක දේපළත් තහනම්

T

The Leader Desk

August 29, 2026 • 12:03 PM

 පලාගිය අපරාධකරුවන් 66ක් කොටුකරයි : බිලියන 6ක දේපළත් තහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * රතු නිවේදන 236ක් සමග ජාත්‍යන්තර පොලිසියේ දැල රටවල් රැසකට එළෙයි.
  • නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කරමින්, මෙම සැකකරුවන් ඇතුළු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ විමර්ශන 113කට අදාළව නීතිවිරෝධී වත්කම් ලෙස හඳුනාගත් රුපියල් මිලියන 6,000කට අධික (රු.
  • 6,000,154,630.75) දේපළ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි.
  • | සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපළ:   පුද්ගලයන් තිදෙනෙකුට අයත් රුපියල් මිලියන 209ක වත්කම්.
අකුරු ප්‍රමාණය (Font Size):

* මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ හා මූල්‍ය වංචාකරුවන්ගේ රත්රන්, ඉඩම් සහ වාහන රාජසන්තක කිරීමේ මාවතට.


සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී විදේශයන්හි සැඟවී සිටි ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන් ඇතුළු සැකකරුවන් 66 දෙනෙකු 2024 සැප්තැම්බර් 21 වැනිදා සිට මේ දක්වා මෙරටට භාරදීමට හෝ පිටුවහල් කර රැගෙන ඒමට ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ සමත්ව තිබේ.
නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කරමින්, මෙම සැකකරුවන් ඇතුළු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ විමර්ශන 113කට අදාළව නීතිවිරෝධී වත්කම් ලෙස හඳුනාගත් රුපියල් මිලියන 6,000කට අධික (රු. 6,000,154,630.75) දේපළ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි.


තහනම් කළ බිලියන 6ක කළු සල්ලි හා දේපළ


නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුම් යටතේ සිදුකර ඇති දේපළ තහනම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ බෙදී යයි:

| මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ: 

සැකකරුවන් 102 දෙනෙකුට අයත් රුපියල් මිලියන 5,423ක් වටිනා වත්කම්.

| සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපළ: 
පුද්ගලයන් තිදෙනෙකුට අයත් රුපියල් මිලියන 209ක වත්කම්.

| වෙනත් මූල්‍ය හා බරපතළ වැරදි: 
පිරමිඩ මූල්‍ය වංචා, ළමා අපයෝජන සහ පුපුරන ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 8 දෙනෙකුගේ රුපියල් මිලියන 367ක දේපළ.


මෙසේ තහනමට ලක්වූ දේපළ අතර රත්රන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 140ක්, අක්කර 136ක ඉඩම්, නිවාස 55ක් සහ සුඛෝපභෝගී වාහන ඇතුළු මෝටර් රථ 142ක් ඇතුළත් වේ. මෙරට තුළ ක්‍රියාත්මක වන නීතිවිරෝධී වත්කම් උපයාගැනීම් වැළැක්වීමේ ප්‍රතිපාදන (Proceeds of Crime mechanisms) සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා මෙම දේපළ යොමුකර තිබේ.


රතු නිවේදන සහ ජාත්‍යන්තර මෙහෙයුම්


පසුගිය මාස කිහිපය තුළ මෙරටට ගෙන එන ලද සැකකරුවන් 66 දෙනා අතරින් 28 දෙනෙකුම අන්තර්ජාතික පොලිසියේ (Interpol) රතු නිවේදන (Red Notices) නිකුත් කර සිටි පුද්ගලයන් වන අතර, ඉතිරි 38 දෙනා ද්විපාර්ශ්වික බුද්ධි තොරතුරු සහ ආගමන විගමන නීති රාමුව යටතේ අත්අඩංගුවට ගත් පිරිසකි.

2024 සැප්තැම්බර් මාසයෙන් පසු ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අලුතින් රතු නිවේදන 110ක් ලබාගෙන ඇති අතර, මේ වන විට මෙරට පොලිසිය මගින් නිකුත් කර ඇති සමස්ත රතු නිවේදන සංඛ්‍යාව 236ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් රතු නිවේදන 96ක්ම සංවිධානාත්මක අපරාධකරුවන් ඉලක්ක කර ගනිමින් නිකුත් කර ඇති බව වාර්තා වේ.


සැකකරුවන් සැඟව සිටින රටවල් හඳුනාගැනීම


විමර්ශන අංශ විසින් සිදුකරන ලද බුද්ධි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස, රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රධාන පෙළේ අපරාධකරුවන් 35 දෙනෙකු රැඳී සිටින විදේශ රාජ්‍යයන් මේ වන විට නිශ්චිතව හඳුනාගෙන ඇත.

ඒ අනුව වැඩිම පිරිසක් එනම් සැකකරුවන් 18 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) රැඳී සිටින අතර, 11 දෙනෙකු ඉන්දියාවේ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඊට අමතරව එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, කැනඩාව සහ ඉතාලිය යන රටවල එක් සැකකරු බැගින් රැඳී සිටින බව පොලිස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම සැකකරුවන් අදාළ රටවල පවතින උදර්පන ගිවිසුම් (Extradition Treaties) සහ අන්‍යෝන්‍ය නීති සහයෝගීතා රාමුව (Mutual Legal Assistance) යටතේ කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්ෂක මට්ටමේ සාකච්ඡා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

 Iwathwenu 2028.09.29

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...