The Leader News
BREAKING
Top Ad
පුවත්

'වෙළෙඳසැලකින් චොක්ලට් සොරා ගත්තැයි' පහර කෑ 67 හැවිරිදි පුද්ගලයෙකු මිය යයි

T

The Leader Desk

August 13, 2025 • 4:14 PM

'වෙළෙඳසැලකින් චොක්ලට් සොරා ගත්තැයි' පහර කෑ 67 හැවිරිදි පුද්ගලයෙකු මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිය යෑමේ සිද්ධියක් සම්බන්ධ වෙළෙඳසැලේ හිමිකරු සහ සහයකයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
  • මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය පහළ ඊරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි ධර්මසේන කුරේ නමැති 67 හැවිරිදි දෙදරු පියෙකි.
  • බීබීසී සිංහල කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ මෙම පහරදීම අගෝස්තු 5 වැනිදා සිදුව ඇති බවයි.
  • අත් පා භාවිත කරමින් පහර දීමට අමතරව මොහුට යකඩ මුගුරකින් ද පහර දී ඇති අතර ඉන් ඔහුගේ හිසට සහ පාදයකට තුවාල සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මිය යෑමේ සිද්ධියක් සම්බන්ධ වෙළෙඳසැලේ හිමිකරු සහ සහයකයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය පහළ ඊරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි ධර්මසේන කුරේ නමැති 67 හැවිරිදි දෙදරු පියෙකි.

බීබීසී සිංහල කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ මෙම පහරදීම අගෝස්තු 5 වැනිදා සිදුව ඇති බවයි.

 

සිද්ධිය කුමක් ද?

සිය දරුවන් දෙදෙනා විවාහ වූ පසු මෙම පහර කෑමෙන් මියගිය පුද්ගලයා සිය බිරිඳ සමග දිවි ගෙවා තිබේ.

ඔහු ඉකුත් 4 වන දා සවස පේරාදෙණිය නගරයට ගොස් නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගනිමින් සිටියදී අසල වෙළෙඳසැලක පුද්ගලයින් දෙදෙනකු පැමිණ පෙර දිනයකදී ඔහු චොක්ලට් සොරා ගත් ආකාරය CCTV කැමරා දර්ශනවල සටහන් වී ඇතැයි පවසා මෙම පුද්ගලයා ඔවුන්ගේ වෙළෙඳසැලට රැගෙන ගොස් පහර දී ඇති බව බීබීසී සිංහල කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ.


වෙළෙඳසැලේ හිමිකරු සහ තවත් සේවකයෙකු මෙම පහරදීම කර ඇති බවට මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.

අත් පා භාවිත කරමින් පහර දීමට අමතරව මොහුට යකඩ මුගුරකින් ද පහර දී ඇති අතර ඉන් ඔහුගේ හිසට සහ පාදයකට තුවාල සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය.

පහර කෑමට ලක්වූ එම පුද්ගලයා රාත්‍රිය වන තෙක්ම වෙළෙඳසැල තුළ සිරකර තබාගෙන රාත්‍රීයේ වෙළෙඳසල වසන අවස්ථාවේ ඔහු ඉන් පිටතට දමා ඇති අතර වෙළෙඳසල අසල එළිමහනේ සිහිසුන්ව වැටී සිටියදී උදෑසන හතට පමණ ඒ අසලින් ගිය කාන්තාවක් මෙම පුද්ගලයා හඳුනාගෙන සුවසැරිය ගිලන් රථයක් මගින් රෝහල්ගත කර තිබේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයාගෙන් පේරාදෙණිය පොලිසිය ප්‍රකාශයක් ද ලබා ගෙන ඇති අතර එහිදී මෙම පුද්ගලයා පහර කෑ ආකාරය හා මෙම චොක්ලට් සිද්ධිය පිළිබඳ පොලිසියට විස්තර කර තිබේ.

මෙම සිදුවීමෙන් අනතුරුව පහර කෑමට ලක්වූ එම පුද්ගලයා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (අගෝස්තු 11 දින) රාත්‍රියේදී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට
බීබීසී සිංහල කළ විමසීමේදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, මෙම පුද්ගලයාට පහර දීමේ චෝදනාව සම්බන්ධයෙන් වෙළෙඳසැලේ හිමිකරු සහ එහි සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා (අගෝස්තු 14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි.


මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ඩී.පී.පී.සේමසිංහ විසින් මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

(බීබීසී සිංහල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...