The Leader News
BREAKING
ලංකාසයින් දත්ත අවදානම: ඔබේ ගිණුම්වල ආරක්ෂාව සහතිකද?●අමෙරිකානු කොංග්‍රසයට දශක තුනකට පසු වැඩිම කළු ජාතික නියෝජනයක්●Diginote - ලාෆ්ස් ගෑස් අලාභය 88%කින් නගී: ක්‍රිප්ටෝවලටත් ප්‍රාග්ධන ලාභ බදු●පන්දුව පළුදු කිරීමට බෝතල මූඩි පාවිච්චි කළ බව ෂොයිබ් අක්තාර් පිළිගනී●තාර හිඟයෙන් අධිවේගී සිහිනයට බාධා: දේශීය මුදල් තිබුණත් විදෙස් සැපයුම් හරස් වෙයි●තෙල්-ගෑස් ගැටුමෙන් COP31 දේශගුණ සමුළුව අර්බුදයක●සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය 27%කට සීමා වූයේ ඇයි?●අයවැය විසඳුම් නැතැයි කියමින් වෛද්‍ය සංගමය වෘත්තීය සටනකට සැරසෙයි●කබැල්ලෑවා ඝාතනය කළ වීඩියෝව ඔස්සේ හඹා ගිය පොලිසිය තිදෙනෙකු අල්ලයි●අධිකරණය පොලිසියට බයද? නීතියේ ආධිපත්‍යය අර්බුදයක●
Top Ad
පුවත්

'ඉක්මන් නොකලොත් ජිවිත රැසක් නැති වෙන්න පුළුවන්' - රනිල් අනතුරු අඟවයි

T

The Leader Desk

May 10, 2021 • 10:41 AM

'ඉක්මන් නොකලොත් ජිවිත රැසක් නැති වෙන්න පුළුවන්' - රනිල් අනතුරු අඟවයි     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''දැන්මම වශය ක්‍රියාකළේ නැතිනම් ජිවිත ගණනාවක් නැති වෙන්න පුළුවන්.
  • ඒ අනුව ක්‍රියාකරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා.'' යයි ඔහු කියා සිටියේ, කොවිඩ් -19 රට තුළ සීග්‍රයෙන් පැතිරයාම සම්බන්ධයෙන් අද දින (10) විශේෂ ප්‍රකාශයක් කරමිනි.
  • ඔහු එහිදී මෙසේද පැවසිය. ''කොවිඩ් 19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා.
  • කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
''දැන්මම වශය ක්‍රියාකළේ නැතිනම් ජිවිත ගණනාවක් නැති වෙන්න පුළුවන්. රටේ ජනතාව ගැන අනුකම්පාවක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලය මේ වගකීම අරගන්න. එතන පළපුරුද්දක් තියෙන අය ඉන්නවා. ඒ අනුව ක්‍රියාකරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා.'' යයි ඔහු  කියා සිටියේ, කොවිඩ් -19 රට තුළ සීග්‍රයෙන් පැතිරයාම සම්බන්ධයෙන් අද දින (10) විශේෂ ප්‍රකාශයක් කරමිනි.
 
ඔහු එහිදී මෙසේද පැවසිය. 
 
''කොවිඩ් 19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්න‍තේ හිගයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා. රෝහල් පිරිලා. දිනෙන් දින මේ කොවිඩ් රෝගය වැඩි වෙනවා. දැන් අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක. අපේ වෛද්‍ය උපදෙස්, සෞඛ්‍ය උපදෙස් අනුව දැන් තීරණ ගන්නේ නැති නම් අපි අමාරුවේ වැටෙනවා. 
 
වොෂිංටන් විශ්වවිද්‍යාලයේ Institute of Health Metrics and Evaluation (IHME) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව අපේ රටත්, රෝගීන්ගේ සීග්‍ර වර්ධනයේ උපරිමයකට එන්න පුළුවන්. ඒ වගේම දවසකට සියයකට වඩා මිය යා හැකි තත්ත්වයක් ජූනි ජූලි මාසය වෙන කොට එන්න පුළුවන්. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේ අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කළ යුතු වෙනවා. 
 
 
මේක ආණ්ඩුවේ නම බේරා ගන්න සටනක් නොවෙයි. ඒ වගේම මේක දේශපාලන සටනකුත් නොවෙයි. ඇත්ත වශයෙන්ම මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක්. අපි ආණ්ඩු මාරු කරන්න කියන්නේ නැහැ. මේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයටයි. 
 
 
ජනාධිපතිතුමාත්, කැබිනට් ඇමතිවරුත්, අපේ ජනතාව මෙම වසංගතයෙන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ බලතල කැබිනට් මණ්ඩලයට ගත යුතුයි. 
 
කොවිඩ් පාලනයට තියෙන කමිටු අසාර්ථක වෙලා තියෙන්නේ. මෙහි බරපතලකම ගැන කලින් කීවාට එකක්වත් එතනින් ක්‍රියාත්මක වෙලා නෑ. ජනතාවගේ විශ්වාසය නැති වෙලා. 
 
''කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්න''
 
 
අපි කියන්නේ කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්න. ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය මේ බලතල වහාම බාර ගන්න. මේ සතියෙම පාර්ලිමේන්තු විපක්ෂ නායකයින් සමග කතා කරන්න. එයාලගේ සහයෝගය හා අදහස් ලබා ගන්න. ඔවුනුත් ඒ අවශ්‍ය සහයෝගය ලබලා දෙන්න අවශ්‍යයි. ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න. '' හිටපු අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
 
 
 

 
 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...