The Leader News
BREAKING
Top Ad
පුවත්

සේවා අංශය ඉක්මවා කර්මාන්ත 7.2 % ක වර්ධනයක් !

T

The Leader Desk

June 15, 2026 • 3:42 PM

සේවා අංශය ඉක්මවා කර්මාන්ත 7.2 % ක වර්ධනයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.1 ක ධන අගයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී.කරුණාරත්න පැවසුවාය.
  • ස්ථාවර මිල ගණන් යටතේ, 2025 වර්ෂයේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 3,476,664 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2026 වර්ෂයේ අදාළ කාලසීමාව තුළදී රුපියල් මිලියන 3,652,503 දක්වා ඉහළ ගොස් ඇත.
  • එසේම පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.0 කින් වැඩි වී ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.
  • කර්මාන්ත ආර්ථික කටයුතු: සියයට 7.2 ක ඉහළ වර්ධනයක්, * සේවා ආර්ථික කටයුතු: සියයට 3.4 ක වර්ධනයක්, * කෘෂිකාර්මික ආර්ථික කටයුතු: සියයට 1.1 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


2026 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.1 ක ධන අගයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී.කරුණාරත්න පැවසුවාය.

2015 ස්ථාවර මිල ගණන් යටතේ, 2025 වර්ෂයේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 3,476,664 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2026 වර්ෂයේ අදාළ කාලසීමාව තුළදී රුපියල් මිලියන 3,652,503 දක්වා ඉහළ ගොස් ඇත. එසේම පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.0 කින් වැඩි වී ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

මෙම කාලසීමාව තුළ මෙරට ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුනම ධන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

* කර්මාන්ත ආර්ථික කටයුතු: සියයට 7.2 ක ඉහළ වර්ධනයක්,
* සේවා ආර්ථික කටයුතු: සියයට 3.4 ක වර්ධනයක්,
* කෘෂිකාර්මික ආර්ථික කටයුතු: සියයට 1.1 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.


කර්මාන්ත අංශය තුළ ඉදිකිරීම් කර්මාන්තය සියයට 16.3 සහ පතල් හා කැණීම් කටයුතු සියයට 19.5 සුවිශේෂී වර්ධනයක් අත්කර ගෙන ඇත. සේවා අංශය තුළ රක්ෂණ සේවා සියයට 22.0 සහ තොරතුරු තාක්ෂණ සේවා සියයට 16.1 ඉහළම වර්ධන අනුපාත වාර්තා කර තිබේ.

2026 වසරේ පළමු කාර්තුව ආරම්භයේදී 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම් සහ කාර්තුව අවසානයේ ගල්ෆ් කලාපයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද මෙම ධන ආර්ථික වර්ධනය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. මේ සඳහා ආනයන පරිමාව සියයට 20 කින් (පහෙන් එකකින්) වැඩිවීමත්, එමගින් රජයට ලැබුණු බදු ආදායම සහ දේශීය නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ සැපයීමත් විශාල රුකුලක් වී තිබේ.

කෘෂිකාර්මික අංශය සමස්තයක් ලෙස ධන වර්ධනයක් ලැබුවද, අපනයන බෝග කිහිපයක පසුබෑමක් දක්නට ලැබුණි. විශේෂයෙන් පොල් ඇතුළු තෙල් සහිත පළතුරු වගාව සියයට 64.8 ක විශාල වර්ධනයක් ලැබුවද, රබර් සියයට 13.6ක්, වී සියයට 5.8ක් සහ තේ සියයට 3.6 වගාවන් මෙම කාර්තුවේදී ඍණ වර්ධනයක් වාර්තා කර ඇත.

(සටහන | ජේ.මුණසිංහ)
dffedd

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සේවා අංශය ඉක්මවා කර්මාන්ත 7.2 % ක වර්ධනයක් ! | The Leader