1200 x 80 DMirror
 
 

නන්දන මුණසිංහ සහ දේශබන්දු තෙන්නකෝන් යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද (19) මහනුවර

අස්ගිරි මහ විහාරයට පැමිණ  එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක උන්වහන්සේ වන්දනා කර තමන්ට සිදුව ඇති අගතියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යහපාලන රජයේ සමයේ පත්කළ ජනාධිපති කොමිෂම මගින් ලබාදී තිබෙන අසාධාරණ තීන්දුව මගින් දිවිහිමියෙන් රාජකාරි කළ තම පිරිසකට බරපතල අගතියක් සිදුව තිබෙන බවත් මෙය නිවරැදි කිරීම සඳහා මැදිහත්වන ලෙසත් ඔවුන් නාහිමියන්ගෙන් කාරුණික ඉල්ලීමක් කළේය.
 
නාහිමියන් මුණගැසීමෙන් පසු එම නිලධාරීන් පිරිස දළදා හිමි වැඳ පුදාගනු ලැබිය.
 
පාස්කු ප්‍රහාරය සිදුවන වකවානුවේ මීගමුව ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ප්‍රහාරය වලක්වා ගැනීමට නිසි මැදිහත්වීමක් සිදු කර නොමැති බවට ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ලවී තිබෙන අතර එකල බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නන්දන මුණසිංහට නඩු පවරන ලෙස කොමිසම විසින් නිර්දේශ කර ඇත. 
 
 
deshabandu
 
 
මහනුවරදී අද මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙසේ පැවසිය. 
 
 
“පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බස්නාහිර පළාතත් නැගෙනහිර පළාතත් රාජ්‍ය බුද්ධ අංශයත් බාරව සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙතන සිටිනවා. ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සියල්ලම ප්‍රමාදයකින් තොරව කඩිනමින් පොලිස් නිලධාරීන්ට යවන්න පියවර ගෙන තිබුණා. ඒ බව ජනාධිපති කොමිෂන් සභාවේදී නිලධාරීන් ලබාදුන් ප්‍රකාශ මගින් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. 
 
එසේ තිබියදී ඒ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගතයුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව එවකට පැවති රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ පැහැදිලි උපදෙසක් පොලිස් නිලධාරීන්ට ලබාදී තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ යුද්ධය නිමවී රටේ සාමාකාමී වාතාවරණයක් ගොඩනැගී තිබුණා. 
 
  
සංහිඳියාව කියන තේමාව යටතේ තමයි ඒ දවස් වල රජය ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් තිබීම නිසා අයි.එස්.එස් වගේ සංවිධාන ගැන ගැඹුරින් සොයා බැලීමක් සිදුවුණේ නැහැ.“
 
 
“සම්පූර්ණ සාමාකාමී වාතාවරණක් රටේ පැවතුණා. ඒ වාතරණය තුළ සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය නිසා අහිංසක මිනිස් ජීවිත 300 ක් පමණ රටට අහිමි වුණා. මේ ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී මහා බෝධිය, මහ බැංකුව වගේ ස්ථාන වලත් සිදුවුණා. ඇමරිකාවට පවා  ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා. ලෝකයේ කොහේවත් සිදු නොවන ආකාරයට ඒ අවස්ථාවේ රාජකාරී කිරීම පදනම් කරගනිමින් තමයි පොලිස් නිලධාරීන්ට එරෙහිව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කොමිෂන් සභාව ක්‍රියාක්මක වුණේ. “
 
''තිස් අවුරුදු යුද්ධය නිමා කරන්න කැපකිරීම් කළ  විශාල පිරිසකට මේ කොමිෂම මගින් අසාධාණයක් සිදුව තිබෙනවා. මේ අයගේ විශ්‍රාම දිවියට පවා ගැටලුවක් වෙලා. ත්‍රස්තවාදී ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සහය දුන් නිලධාරියෙකු විනා ඒ ප්‍රදේශයේ රාජකාරී කළ නිලධාරීන් පීඩනයකට ලක්කරනවා නම් එය සමස්ත පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය පහත වැටීමට බලපාන කාරණයක් වෙනවා.''
 
 
Asgiri 1jpg
 
 
මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවසිය. 
 
''අවුරුදු 30 ක් මේ රටේ යුද්ධයේදී රාජකාරී කරලා ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරලා ජීවිතය බේරගෙන අද දක්වා රාජකාරී කරන කණ්ඩායමක් අපි. අද මෙතන්ට ආවේ 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය දවසේ රාජකාරී කරලා ඒ රාජකාරී කරපු එක වරදක් බවට පත්ව එල්ලුම් ගහ හරි මහ උළු ගෙදර හරි නැත්නම් රැකියාව නැතිවෙලා ගෙදර යන්න හරි වෙන එක වලක්වා ගන්නයි. 
 
  
අපි මල්වතු අස්ගිරි මහනායක හිමිවරු බැහැදැකලා දළදා වහන්සේට කන්නලව් කරලා රස්සාවයි ජීවිතයි බේරා දෙන්න කියලා ඉල්ලනවා.“
 
 
“පාස්කු ප්‍රහාරයෙදී 300 කට වඩා අහිංසක ජනතාව මියගියා. තවත් ඒ හා සමාන පිරිසක් තුවාල ලැබුවා. අද මේ පැමිණ සිටින අපි හැමෝම එදා ඒ ජීවිත පරිත්‍යාග කළ අයගේ මළ සිරුරු දෑතින් උස්සගෙන රෝහල් ගත කළ කණ්ඩායමක්. එදා ඒ විදිහට කැපවීමෙන් රාජකාරී කළ කණ්ඩායම අද අසරණ වෙලා. 
 
එවකට පැවැති යහ පාලන රජය අයි.එස්.අයි.එස් සංවිධානය ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු දැනගෙන ඒ තොරතුර සම්බන්ධව ගතයුතු ක්‍රියාමර්ග පිළිබදව කිසිදු නියෝගයක් ලබා නොදී මේ පිළිබඳව තොරතුරු සොයන්න කියලා විතරක් අපට දැනුම් දී තිබුණු අවස්ථාවක අනපේක්ෂිතව මේ ප්‍රහාරය එල්ල  වුණා.“
 
“මේ සිද්ධය වූ දවසේ අපි සියලු දෙනා රාජකාරී කළා. මළ සිරුරු වල හා තුවාලකරුවන්ගේ රුධිරය අත්වල තවරගෙන ඒ අය රෝහල් ගත කරලා ජීවිත සිය ගානක් බේරගන්න අපි ක්‍රියාත්මක වූණා.“
 
“යහ පාලන රජය පත්කළ කොමිෂන් සභාව දුන් අසධාරණ තීන්දුව නිසා හෙට දවසේ අපිට එල්ලුම් ගහ නැත්නම් හිර ගෙදර තපින්න වෙනවා. එහෙම නැත්නම් රැකියාව අහිමිව වෙනත් රැකියාවකටද යන්න නොහැකිව ගෙදර යන්න වෙනවා. එවැනි තත්ත්වයකට අපි පත්වෙලා. මේ දුක කියන්න කෙනෙක් නැහැ. මේවන විට කියන්න ඕන හැමෝටම කිව්වා. “
 
ඒ යහපාලන රජය ගත් අසාධාරණ තීන්දුවේ ප්‍රතිපලය නිසා සමස්ත පොලීසියම කඩා වැටිලා. 
 
පවුල්, දරුවෝ, නෑදෑයෝ සියලු දෙනා අඬා වැටෙනවා. හෙට දවසේ අපි එල්ලුම් ගස් යයි සිරගත වෙයි කියලා ඒ අය බයෙන් ඉන්නේ. දළදා වහන්සේට කියන්න පුළුවන්. කන් ඇහෙන ඇස් පේන මේ මහනායක හිමිවරුන්ට කියන්නේ අපිව බේරාලා යුක්තිය ඉෂ්ඨ කරලා දෙන්න කියලයි.“
 
 
“කාදිනල් උන්නාන්සේට අපි කිසිම දෙයක් කියන්නේ නැහැ. උන්නාස්සේ දැක්කා අපි දෑත් වල ලේ තවරගෙන ජීවිත බේරගන්න කටයුතු කළ ආකාරය. කාදිනල් හිමි තමුන්ගේ කණ්ඩායම වෙනුවෙන් කතා කිරීම සාධාරණයි. හැබැයි අපි වෙනුවෙන් කතා කරන්න රජය හෝ වෙනත් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. අපිට මේක කියන්න වෙන කිසිම කෙනෙක් නැහැ. පොලිස් නිලධාරීන් 20-25 ක් මේ අසාධාරණයට ලක්වෙලා.“
 
 
“දළදා වහන්සේට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවිත නැතිවුණා. ජයසිරි මහ බෝ හාමුදුරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවත නැති වුණා. ලෝකයේ අනන්තවත් මේ වගේ ප්‍රහාර වලින් ජීවිත නැති වෙනවා. හැබැයි ලෝකයේ කිසිම තැනක එදා දවසේ රාජකාරී කළ නිලධාරීන්ට විරුද්ධව මේ වගේ තීන්දුවක් අරන් නැහැ. අසාධාරණයක් කරලා නැහැ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිට පොලිස් කොස්තාපල් දක්වා සියලු නිලධාරීන් මේ අසාධාරණයට ලක්වෙලා. “
 
“පාස්කු ප්‍රහාරයේ මොළකාරයා අල්ලන්න ගිහින් එක නිලධාරියෙක් මියගියා. නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරාළ මහතා එදා මීගමුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස කටයුතු කළා. අද නියෝජ්‍ය පොලිස්පති නුවඑළිය. එතුමා දින තුනකින් විශ්‍රාම යනවා. දැන් තිබෙන ආරංචි අනුව අවුරුදු 39 ක සේවයක් කරලා විශ්‍රාම වැටුපත් නැතුව එතුමාට ගෙදර යන්න වෙලා. ඇඬු කඳුලින් ඉන්නේ. ඒකයි අපි එකතු වෙලා මේ ඉල්ලීම කරන්න හිතුවේ. “
 
මේ අසාධාරණ තීන්දුව වෙනස් කරලා නඩු පවරන එක නවත්වන්න කියලා අපි ඉල්ලන්නේ. සාධාරණ විනිශ්චයක් දෙන්න. අපිට මේ ගැන දැනුවත් බවක් තිබුණේ නැහැ. දැනගෙන හිටියා නම් කවමදාවත් වෙන්න දෙන්නේ නැහැ. යහ පාලන ආණ්ඩුව දැනගෙන හිටියා අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. අපේ උසස් නිලධාරීන්ට දැනුම් දීලා තිබුණේ මේක සම්බන්ධව තොරතුරු සොයන්න කියලා විතරයි. එහෙම කියලා දින දෙකක් වගේ කාලයකදී අනපේක්ෂිත ලෙස ප්‍රහාරය එල්ල වුණා.“
 
වසර 30 ක් පැවැති යුද්ධය ඉවර කරලා රට සාමාකාමී වෙලා තිබුණ අවස්ථාවක මේක එල්ල වුණේ. ඒ වෙලාවේ බලයට ඇවිත් හිටිය යහපාලන රජය කරපු වරද කාගේ හරි පිටින් යවන්න ඕන නිසා අහිංසක පොලිස් නිලධාරීන් 25-30 කණ්ඩායමකගේ රස්සාව අහිමි කරලා සිරගත කරන්න සූදානම් කරනවා.“
 
 
“අපිට විරුද්ධව විනය පරීක්ෂණ ආරම්භ කරන්න හදනවා. නඩු කටයුත්තකට කිසිදු බාධාවක් නැහැ. ඕනෑම අවස්ථාවක අපි වගකීමෙන් බැඳී ඉන්නවා සාක්කි ලබාදීමට. නඩුවෙන් ඉවත් කරන්න කියලා අපි කියන්නේ නැහැ. අපිට දුන්න අසාධාරණ තීන්දුව ඉවත් කරන්න කියලා ඉල්ලන්නේ. අධිකරණයට අපිව පමුණුවන්න හදනවා අසාධාරණ ලෙස.
 
 
යහපාලන රජය ජනපති කොමිෂන් සභාවක් පත්කරලා වගකීමෙන් නිදහස් වෙන්න අපිව වැරදි කාරයෝ කරන්න හදනවා. මේ වෙලාවේ නඩු පැවරුවාට පස්සේ මේ ගැන කතා කරලා වැඩක් නැහැ. නඩු පැවරුවාට පස්සේ අපි හැමෝටම රස්සාව අහිමි වෙනවා. වැටුප් නැති වෙනවා. එදාට මහනායක හිමිවරු මුණ ගැහෙන්න එන්නවත් ලැබන්නේ නැහැ.“
 
“අපි වරදක් කරලා නැහැ. අපි කළ එකම වරද එදා දවසේ රාජකාරී කළ එකයි. එදා රාජකාරි නොකළා නම් අපිට මෙහෙම දේවල් අත්විඳින්න වෙන්නේ නැහැ. විනය පරීක්ෂණ නැහැ. උසස් වීම් නැහැ. මම වසර 34 ක් සේවය කළා. වසර දෙකයි තුනයි විශ්‍රම යන්න තිබෙන්නේ. චෝදනා පත්‍රයක් දුන්නොත් පෙන්ෂන් එකත් නැතුව යන්න වෙන්නේ.“
 
“දැනගත්ත වෙලාවේ ක්‍රියාත්මක වූ නිසා ජීවිත රැසක් බේරා ගන්න පුළුවන් වුණා. සමස්ත රටම මේ ගැන බලාගෙන ඉන්නවා. මේ ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදී පිරිසක්. ප්‍රහාරයට ලක්වුණේ කතොලික, බෞද්ධ,මුස්ලිම් හින්දු අයයි. නමුත් මේ සියලු දෙනා වෙනුවෙන් අද දඩුවම් විඳින්නේ සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන්. ඒක අසාධාරණයි. අපිට විරුද්ධව විනය පරීක්ෂණ එපා. අධිකරණයේ නඩු පවරන්න එපා. පොලීසිය අකර්මණ්‍යය කරන්න එපා කියලයි ඉල්ලා සිටන්නේ.“
 
  118136950 78c78cdb 80b1 4bd2 8224 8823eaa4e0a0
දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියහ.
 
 
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල දෙවසරකට ඉහතදී  බෝම්බ පිපිරීම් සිදු වුයේ  පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.
 
 
(උපුටා ගැනීම හා සේයා - lankasara.com)
 
 
 

 
 
THE LEADER TV 
 
කොරෝනා කාලේ ගැබිණි අම්මලා ආරක්ෂා වන්නේ කොහොමද? 
 
 
ලෝක්ඩවුන් එකට විරුද්ධ බැසිල් ලු ! 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58