BREAKING
ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
පුවත්

නඩු ප්‍රමාදය අඩු කරන්න සමථ මණ්ඩලවලට මිලියන 800ක දැවැන්ත ප්‍රතිපාදන!

T

The Leader Desk

August 14, 2026 • 4:58 PM

නඩු ප්‍රමාදය අඩු කරන්න සමථ මණ්ඩලවලට මිලියන 800ක දැවැන්ත ප්‍රතිපාදන!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "අධිකරණයට යන්න පෙර ආරවුල් සාමකාමීව විසඳා ගන්න" - අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර කියයි
  • දිවයින පුරා පිහිටි ප්‍රජා සමථ මණ්ඩල 332ක් සහ විශේෂ සමථ මණ්ඩල 31ක් හරහා ස්වේච්ඡාවෙන් සේවය සපයන 9,000කට අධික සමථකරුවන්ගේ වෘත්තීය නිපුණතා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමට ද අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය සැලසුම් සකස් කර ඇත.
  • එහි මුල් අදියර ලෙස විශේෂ ඉඩම් සමථ මණ්ඩලවලට යොමු වන ආරවුල්වල දත්ත එම පද්ධතියට ඇතුළත් කිරීම දැනටමත් ආරම්භ කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉඩම් හා මූල්‍ය ආරවුල් සඳහා විශේෂ සමථ මණ්ඩල සමඟ දත්ත පද්ධතියත් ඩිජිටල්කරණයට


නඩු ගොඩගැසීමට විකල්ප විසඳුම් සහ රජයේ ප්‍රතිපාදන

මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන නඩු ප්‍රමාණය ඉහළ යාම සහ ඒ ආශ්‍රිත නඩු ප්‍රමාදයන් අවම කිරීම සඳහා ප්‍රජා සමථකරණ ක්‍රියාවලිය වඩාත් පුළුල් හා කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති 36 වන ජාතික සමථ දින සැමරුම් උත්සවය අමතමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ, සමථකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම උදෙසා මෙවර අයවැය මගින් සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත රුපියල් මිලියන 800කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.


   ශ්‍රී ලංකාවේ සමථකරණ යාන්ත්‍රණය - ප්‍රධාන තොරතුරු සහ සංඛ්‍යාලේඛන  

| වාර්ෂික ආරවුල් නිරාකරණය: දිවයින පුරා සමථ මූල මණ්ඩල වෙත වසරකට යොමුවන ආරවුල් ලක්ෂ 2කට අධික ප්‍රමාණයෙන් 75%ක් සාර්ථකව සමථයට

| මූල්‍ය වෙන්කිරීම් (2026): සමථ මණ්ඩල කොමිෂන් සභාව සඳහා රුපියල් මිලියන 800කට අධික රාජ්‍ය ප්‍රතිපාදන 

| ව්‍යුහාත්මක ව්‍යාප්තිය: දිවයින පුරා ප්‍රජා සමථ මණ්ඩල 332ක් සහ විශේෂ සමථ මණ්ඩල 31ක් සක්‍රීයව ක්‍රියාත්මක වීම     

| විශේෂිත සමථ මණ්ඩල: දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ඉඩම් සමථ මණ්ඩල සහ තෝරාගත් දිස්ත්‍රික්ක 6ක මූල්‍ය ආරවුල් සමථ මණ්ඩල

| ස්වේච්ඡා දායකත්වය: කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව සේවය කරන 9,000කට අධික සමථකරුවන් පිරිසකගේ දායකත්වය

| නීතිමය හා ඩිජිටල් පියවර:සිවිල් සහ වාණිජ ආරවුල් සමථකරණ පනත සම්මත වීම සහ 'Dispute Data Management System' හඳුන්වා දීම


ආරවුල් කළමනාකරණයට ඩිජිටල් තාක්ෂණය සහ විශේෂ මණ්ඩල

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව, සමථ මණ්ඩලවල කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා ආරවුල් දත්ත කළමනාකරණ පද්ධතියක් (Dispute Data Management System) ස්ථාපනය කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා අනාවරණය කළේය. එහි මුල් අදියර ලෙස විශේෂ ඉඩම් සමථ මණ්ඩලවලට යොමු වන ආරවුල්වල දත්ත එම පද්ධතියට ඇතුළත් කිරීම දැනටමත් ආරම්භ කර තිබේ.

මීට අමතරව, දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ඉඩම් ආරවුල් සමථ මණ්ඩල ස්ථාපිත කර ඇති අතර, අධිකරණයට යොමුවන මූල්‍ය ආරවුල් කඩිනමින් විසඳීම සඳහා පළමු අදියර යටතේ කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක 6 තුළ විශේෂ මූල්‍ය ආරවුල් සමථ මණ්ඩල ස්ථාපිත කර ඇත.

"නඩුවක් දිනනවාට වඩා ආරවුලක් සාමකාමීව සාකච්ඡාවෙන් බේරුම් කර ගැනීම සමාජයට අත්කර දෙන්නේ විශාල ජයග්‍රහණයක්. ආරවුල් ලක්ෂ දෙකක් පමණ නිරාකරණය කිරීමට සමථ මණ්ඩල සමත් නොවුණා නම්, එම නඩු සියල්ල අධිකරණ පද්ධතියට එකතු වී පද්ධතිය තවත් දැඩි තදබදයකට ලක්වීමට ඉඩ තිබුණා," යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


දෙපාර්ශ්වයටම ජයග්‍රහණය අත්වන 'Win-Win' සංස්කෘතියක්

මෙහිදී අදහස් දැක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන පෙන්වා දුන්නේ, සාම්ප්‍රදායික අධිකරණයකදී එක් පාර්ශ්වයක් ජයග්‍රහණය කරද්දී අනෙක් පාර්ශ්වය පරාජයට පත්වන නමුත්, සමථකරණයේදී දෙපාර්ශ්වයටම එකඟ විය හැකි සුහදශීලී (Win-Win) විසඳුමකට එළඹීමට අවස්ථාව සැලසෙන බවයි.

පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූ 'සිවිල් සහ වාණිජ ආරවුල් සමථකරණ පනත' මගින් වාණිජ ක්ෂේත්‍රයේ ආරවුල් ද ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විසඳා ගැනීමට පසුබිම සැකසී ඇති බවත්, එය රටේ ආයෝජන විශ්වාසය ඉහළ නැංවීමට මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අභිමතාර්ථයන්හි 16 වැනි ඉලක්කය (SDG 16) සාක්ෂාත් කර ගැනීමට සෘජු දායකත්වයක් සපයන බවත් ලේකම්වරිය සඳහන් කළාය.

දිවයින පුරා පිහිටි ප්‍රජා සමථ මණ්ඩල 332ක් සහ විශේෂ සමථ මණ්ඩල 31ක් හරහා ස්වේච්ඡාවෙන් සේවය සපයන 9,000කට අධික සමථකරුවන්ගේ වෘත්තීය නිපුණතා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමට ද අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය සැලසුම් සකස් කර ඇත.

සබැඳි ලිපියක් :

සිරගෙවල් පුරවන්නේ නැති, නඩු ගොඩගැසෙන්නේ නැති ස්විට්සර්ලන්තයෙන් අපට පාඩමක්! | Ajith Parakum

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...