අනාගත වසංගත ආපදා වලට මුහුණ දීම සදහා නව නීති සකස් කළ යුතු මොහොතක ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාවේ යෙදවීම දෙමළ ජාතික සන්ධානය විසින් හෙලා දැක තිබේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල යොදා ගනිමින් අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අගෝස්තු 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කර තිබුනි.
 
ජනාධිපති නීතිඥයකුද වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් පෙන්වා දෙන්නේ මහජන ආරක්ෂක ආඥා පනත ක්‍රියාවට නැංවිය යුත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුන මොහොතක බවයි.
 
"රටේ ආරක්ෂාවට අභියෝගයක්  තිබුනොත් තමයි මහජන ආරක්ෂක පනත යටතේ මෙහෙම කරන්න පුළුවන්."
 
මහජන ආරක්ෂක ආඥාපනත බලාත්මක මොහොතේ වෙනත් නීති සකස් කර ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට ඇති  හැකියාව සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා එහිදී අනතුරු ඇගවීය.
 
සෞඛ්‍ය ආරක්ෂණය සදහා අලුතින් පොදු නීතියක් සකස් කළ යුතු බවට තමන් විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන ලද කෙටුම්පත සම්මත නොකර ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ආඥා පනත ක්‍රියාවේ යෙදවීම මන්ත්‍රීවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.
 
 
පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්
 
 
 
images
                            පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්
 
 
ලොව පුරා පැතිර යන කෝවිඩ් 19 ට රට තුල වර්තමානයේ මුහුණ දීම සහ අනාගත වසංගත ආපදා වලට එරෙහිව නීතිගරුක ලෙසින් සටන් වැදීම සඳහාත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් විසින් 2020 වසරේ ඔක්තෝබර් මසදී ඉදිරිපත් කර තිබුනි.
 
පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් එම කෙටුම් පත ගැසට්ගත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මහලේකම් වරයා වෙත එය යවා තිබුනේ බ්‍රිතාන්‍ය පාලන සමයේ අනපනත් යොදාගෙන දෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දීමේදී ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරන ආකාරය අමානුෂික බවට පැමිණිලි ගොනුවෙමින් පවතිද්දීය.
 
මහජන සෞඛ්‍ය ආරක්ෂක තත්වයක් ප්‍රකාශ කිරීමට, මහජන සෞඛ්‍යය සඳහා විශේෂ පියවර ගැනීමට සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදාගත හැකි පනතක් ලෙස එය හඳුන්වා දී තිබේ.
 
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මහජන සෞඛ්‍යය සම්බන්ධ හදිසි අවස්ථාවාක් ප්‍රකාශයට පත් කිරීමටත් හදිසි අවස්ථාව සඳහා වන විශේෂ මණ්ඩලයක් පත් කිරීමටත්  කෙටුම්පත අනුව ඉඩ සැලසේ.
 
ජනාධිපති, අගමැති හා විපක්ෂ නායක මෙන්ම සෞඛ්‍ය, සමාජ සුබසාධන සහ ආරක්ෂක ඇතුළු අමාත්‍යවරුන්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාද සෞඛ්‍ය හදිසි අවස්ථා මණ්ඩලයට ඇතුලත් වෙයි.
 
ඊට අමතරව විපක්ෂ නායකයා විමසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු කතානායක වරයා විසින් එකී මණ්ඩලයට පත් කළ යුතුය.
 
හදිසි අවස්ථාව ක්‍රියාවේ යෙදවෙන කාලය තුලදී අසරණ භාවයට පත්වන පුද්ගලයන් හට නොමිලේ හෝ නාමික මිලකට හෝ සහන සැලසීමට සමාජ සුබසාධන අමාත්‍යවරයා පියවර ගත යුතුය.
 
මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති විට පොදු රැස්වීම්, ආගමික වන්දනාමාන, අත්‍යාවශ්‍ය නොවන රැකියා වල යෙදීම සහ පොදු ස්ථාන වල ගැවසීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි  දින 14කට නොවැඩි කාලයකට සීමා කිරීමටද ප්‍රතිපාදන සලසා ඇත.
 
 
 
 
හදිසි නීති රෙගුලාසි
 
 
75379696.jpg
 
 
මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වැනි කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වැනිවගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අගොස්තු 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
 
වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳපොළ  අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට බලය ලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිලදී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකරගැනීමටත් හැකි වන පරිදි මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.
 
"සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත්  පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජනරාල් එම්. ඩී.එස්. පී. නිවුන්හැල්ල මහතා පත් කර ඇත," යි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.
 
 
 
 
 
THE LEADER TV 
 
 

සීනි ගුදම් සංදර්ශනය ආර්ථික අර්බුදය යට කළාද? 

 

 
වැඩිහිටි ජනතාව කොරෝනා අනතුරට හෙළිම ගැන දත්ත හෙළිවේ
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්