The Leader News
BREAKING
චක්‍රීය ආර්ථිකයේ හිදැස් අතරින් රිංගන රෙදිපිළි කසල : විසඳුම ඇත්තේ කොතැනද? | අභිෂේකා වාසල බණ්ඩාර●ප්‍රතිජීවක අකර්මණ්‍ය කරන නිහඬ මාරයා පරදවන ජාතික මෙහෙයුම●බංග්ලාදේශ බැංකු පද්ධතිය සුරකින්න මහා පරිමාණ ණය සීමා කෙරේ●ඕස්ට්‍රේලියාවට ගෙවූ ණය වාරික අතරමඟ අතුරුදන්: පද්ධති දුර්වලතා හෙළිවේ●රුපියල් බිලියන 35ක ණය බර සහ කහ සිලින්ඩරයේ ඉරණම●අයවැය යෝජනා හමුවේ රාජ්‍ය සේවය අද විරෝධතා මාවතට●අයවැය දීමනා ගැටලුව මැද වෛද්‍යවරුන්ගෙන් අද පැය දෙකක විරෝධයක්●චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●
Top Ad
පුවත්

නීතිඥ හෙජාස්ට විරුද්ධව සාක්ෂි දීමට වද දුන් තුන් දෙනකුගේ නම් උසාවියේ

T

The Leader Desk

October 29, 2021 • 4:58 PM

නීතිඥ හෙජාස්ට විරුද්ධව සාක්ෂි දීමට වද දුන් තුන් දෙනකුගේ නම් උසාවියේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලකරමින් වධහිංසා කළ බවට චෝදනා ලබන ත්‍රස්ත පොලිසියේ නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරි සති දෙක තුල ලබා දෙන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර තිබේ.
  • අත් අඩංගුවේ සිටින 'සේව් ද පර්ල්ස්' සංවිධානයේ මොහමඩ් සුල්තාන් ඔක්තෝබර් 27 දා කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත්තේ නීතිඥ හෙජාස් හිස්බුල්ලා අපරාධකරුවකු බවට පත් කිරීමට සාක්ෂි දීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ තිදෙනකු වධහිංසා කළ බවයි.
  • වධහිංසා නිසා කොඳු ඇට පෙලේ අදටත් ආබාධිත තත්වයක් ඇති බව ඔහු විසින් පැවසීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියකු හමුවට පමුණුවා වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණය විසින් නියම කර තිබේ.
  • නීතිඥ හිස්බුල්ලා වරදෙහි පැටලවීම සඳහා සාක්ෂි දෙන මෙන් බලකරමින් වධහිංසා කළ බව මීට ඉහතදී අල් සුහාරියා අරාබි විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනකු අධිකරණයට දැනුම් දී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
බලකරමින් වධහිංසා කළ බවට චෝදනා ලබන ත්‍රස්ත පොලිසියේ නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරි සති දෙක තුල ලබා දෙන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර තිබේ.
 
අත් අඩංගුවේ සිටින 'සේව් ද පර්ල්ස්' සංවිධානයේ මොහමඩ් සුල්තාන් ඔක්තෝබර් 27 දා කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත්තේ නීතිඥ හෙජාස් හිස්බුල්ලා අපරාධකරුවකු බවට පත් කිරීමට සාක්ෂි දීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ තිදෙනකු වධහිංසා කළ බවයි.
 
තමන්ට වද දුන් ඒ තුන්දෙනාගේ නම් සැකකරු විසින් කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දුට ලබා දී තිබේ.
 
දහඅට මාසයකට ඉහතදී මොහමඩ් සුල්තාන් අත් අඩංගුවට ගෙන තිබුනේ මද්‍රාසා පාසලක ඉගැන්වීම සම්බන්ධයෙනි.
 
වධහිංසා නිසා කොඳු ඇට පෙලේ අදටත් ආබාධිත තත්වයක් ඇති බව ඔහු විසින් පැවසීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියකු හමුවට පමුණුවා වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණය විසින් නියම කර තිබේ.
 
 
නීතිඥ හිස්බුල්ලා වරදෙහි පැටලවීම සඳහා සාක්ෂි දෙන මෙන් බලකරමින් වධහිංසා කළ බව මීට ඉහතදී අල් සුහාරියා අරාබි විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනකු අධිකරණයට දැනුම් දී තිබුණි.
  
මොහමඩ් සුල්තාන්ට ඇප දීම ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ නිසා ඔහු තවදුරටත් නොවැම්බර් 10 දක්වා රිමාන්ඩ් ගතකළ මහේස්ත්‍රාත්වරයා එදිනට වෛද්‍ය හා පොලිස් වාර්තා ලබා දෙන ලෙස නියම කර තිබේ.
 
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවකු සමඟ සබඳතා පැවැත්වු බවට චෝදනා කරමින් නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර මද්‍රසා පාසලක දේශනයක් පැවැත්වූ බවටත් මේ වන විට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
 

 

 

 


 

THE LEADER TV 
 
 
කෙරවලපිටියෙන් කෙළවෙන තැනට ? | මොණරවිලගේ ලියමන
 
 
 
එක රටට, නීතියට අලි වලි ? | අද ගොසිප් එක | The Leader TV
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නීතිඥ හෙජාස්ට විරුද්ධව සාක්ෂි දීමට වද දුන් තුන් දෙනකුගේ නම් උසාවියේ | The Leader