The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

AI ඡායාරූපයක් : පොලිස් ඇමති නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යයි !

T

The Leader Desk

August 31, 2025 • 9:09 AM

AI ඡායාරූපයක් : පොලිස් ඇමති නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදේශගතව සිටිමින් ශ්‍රී ලංකාව තුළ විවිධ සංවිධානාත්මක අපරාද මෙහෙයවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පත්මේ නම් පුද්ගලයා ඇතුලු පිරිස පසුගිය දා ඉන්දුනීසියාවේදී ශ්‍රී ලංකා පොලිසියේත් ඉන්දුනීසියානු පොලිසියේත් ඒකාබද්ද මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
  • එකී අත්අඩංගුවට පත්වූ පිරිස 2025-08-30 දින පස්වරුවේදී ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.
  • එහිදී මෙම මෙහෙයුමට සම්බන්ද වූ ශ්‍රී ලංකා පොලීසියේ නිළධාරීන්ට හා ඉන්දුනීසියානු පොලීසියේ නිළධාරීන්ට සමරු ඵලක හා ත්‍යාග ප්‍රධානය කිරීම ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
  • නමුත් මෙම සිදු වීම සම්බන්දයෙන් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප මෙන්ම ප්‍රවෘත්තීන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු නිරීක්ෂණය විය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් මතු පල වේ,

“මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැගෙන ලෙස ව්‍යාජව සකස් කරන ලද ඡායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්තීන් සම්බන්ද මාධ්‍ය නිවේදනය.

විදේශගතව සිටිමින් ශ්‍රී ලංකාව තුළ විවිධ සංවිධානාත්මක අපරාද මෙහෙයවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පත්මේ නම් පුද්ගලයා ඇතුලු පිරිස පසුගිය දා ඉන්දුනීසියාවේදී ශ්‍රී ලංකා පොලිසියේත් ඉන්දුනීසියානු පොලිසියේත් ඒකාබද්ද මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

එකී අත්අඩංගුවට පත්වූ පිරිස 2025-08-30 දින පස්වරුවේදී ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. එම අවස්ථාවට ඉන්දුනීසියානු පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

එකී මෙහෙයුමට සම්බන්ද වූ ශ්‍රී ලංකා පොලීසියේ නිළධාරීන් සදහා අවශ්‍ය දිරි ගැන්වීම ලබා දීම ‍ෙදහාත් මෙම මෙහෙයුමට සමබන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිළධාරීන්ට ශ්‍රී  ලංකා රජය වෙනුවෙන් ස්තූතිය ඵල කිරීම දහාත් කෙටි උත්සවයක් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී පැවැත්වූ අතර එම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාත් සහභාගී වන ලදී.

එහිදී මෙම මෙහෙයුමට සම්බන්ද වූ ශ්‍රී ලංකා පොලීසියේ නිළධාරීන්ට හා ඉන්දුනීසියානු පොලීසියේ නිළධාරීන්ට සමරු ඵලක හා ත්‍යාග ප්‍රධානය කිරීම ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

නමුත් මෙම සිදු වීම සම්බන්දයෙන් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප මෙන්ම ප්‍රවෘත්තීන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු නිරීක්ෂණය විය. ඒ අනුව විශේෂයෙන්ම අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැගෙන ලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

එම ව්‍යාජ ඡායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්තීන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටින අතර එකී ව්‍යාජ ඡායාරූප සකස් කොට පළ කරන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වේ.

විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාදකරුවන් හා මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සදහා විශේෂ මෙහෙයුම් වන විට ක්‍රියාත්මක වන අතර සත්‍යවූූත් නිවැරදි වූත් තොරතුරු පමණක් සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තුළ ප්‍රචාරණය කරන මෙන් සියලූම මාධ්‍ය ආයතනවලින් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.''

මාධ්‍ය අංශය
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...