The Leader News
BREAKING
Top Ad
පුවත්

‘Ana Ocean’ ගල් අඟුරු නැව ගොඩබෑමකින් තොරවම ඉන්දියාවට යයි

T

The Leader Desk

June 17, 2026 • 11:48 AM

‘Ana Ocean’ ගල් අඟුරු නැව ගොඩබෑමකින් තොරවම ඉන්දියාවට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට තුළ නැවතත් බරපතළ බලශක්ති අර්බුදයක් නිර්මාණය කරමින්, නොරොච්චෝලි බලාගාරයට හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණයක් සිදුවෙමින් පවතින බව 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කරයි.
  • මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 142 බැගින් ගෙවීමේ පොරොන්දුව මත මෙරටට පැමිණි, නියමිත ප්‍රමිතියෙන් තොර ‘Ana Ocean’ නැව ගොඩබෑමකින් තොරවම ඊයේ (ජූනි 16) ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.
  • මෙයට පෙර පැමිණි ‘YASA SUN’ නැව ද මෙතෙක් ගොඩබා නොමැති අතර, ‘MV JOSCO YONGZHOU’ නැවේ අඩංගු වූ බාල තොග දේශපාලන බලපෑම් මත ගොඩබෑම බරපතළ අපරාධයක් බව එම සංවිධානය පෙන්වා දෙයි.
  • සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමට භාණ්ඩාගාරයට ඩොලර් නොමැති වීම සහ නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට දින 16ක විදුලි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):


රට තුළ නැවතත් බරපතළ බලශක්ති අර්බුදයක් නිර්මාණය කරමින්, නොරොච්චෝලි බලාගාරයට හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණයක් සිදුවෙමින් පවතින බව 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කරයි.

මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 142 බැගින් ගෙවීමේ පොරොන්දුව මත මෙරටට පැමිණි, නියමිත ප්‍රමිතියෙන් තොර ‘Ana Ocean’ නැව ගොඩබෑමකින් තොරවම ඊයේ (ජූනි 16) ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. මෙයට පෙර පැමිණි ‘YASA SUN’ නැව ද මෙතෙක් ගොඩබා නොමැති අතර, ‘MV JOSCO YONGZHOU’ නැවේ අඩංගු වූ බාල තොග දේශපාලන බලපෑම් මත ගොඩබෑම බරපතළ අපරාධයක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමට භාණ්ඩාගාරයට ඩොලර් නොමැති වීම සහ නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට දින 16ක විදුලි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතී. මේ හේතුවෙන් ගල් අඟුරු වෙනුවට තුන් ගුණයක මිල අධික ඩීසල් භාවිත කිරීමට සිදුවුවහොත්, පොදු මහජනතාවගේ ඉන්ධන කෝටාව තවදුරටත් සීමා කිරීමට රජයට සිදුවනු ඇතැයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා අනතුරු අඟවා සිටියි.

ෆ්‍රී ලෝයර්ස්' සංවිධානයේ විශේෂ මාධ්‍ය නිවේදනය මතු පළවේ.


Ana Ocean ගල් (අළු) අඟුරු නැව ගොඩබෑමක් නෑ.
ගල් අඟුරු සැපයුම්කරුවන්ට නියමිත මුදල් ගෙවා නෑ


 හදිසි මිලදී ගැනීමක් ලෙස මෙ.ටො. එකකට ඩොලර් 142 ක් බැගින් ගෙවීමේ පොරොන්දුව මත ගෙන්වා ගත්, ගල් (අළු) අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ජූනි 16 (ඊයේ) ඉන්දියාවේ විශාකාපට්ටම් බලා පිටත්ව ගොස් ඇත.

Ana Ocean නැව නොරොච්චෝලේ වෙත ගල් අඟුරු රැගෙන විත් ගොඩබෑම් සිදු නොකළ දෙවන නැව යි. මෙයට පෙර 2026 මැයි 2 දින පුත්තලමට පැමිණි   YASA SUN නැව ද, ගල් අඟුරු ගොඩබෑමකින් තොරව මේ දක්වා නැරංගුරම් ලා ඇත.  

 MV JOSCO YONGZHOU සහ Ana Ocean ගල් (අළු) අඟුරු නැව්වල ප්‍රමිතිය ප්‍රතිකේෂ කළ යුතු මට්ටමක පවතින බව අප සංවිධානය විසින් අනාවරණය කරනු ලැබීය.  ප්‍රතිකේෂ කළ යුතු මට්ටමක අළු තිබු MV JOSCO YONGZHOU නැව වෙසක් පෝය සති අන්තයේ දී ගොඩබානු ලැබීය.  

Ana Ocean ගල් (අළු) නැවේ ගල්අඟුරු ද සාධක ප්‍රමිති සාධක ගණනාවකට ලඟාවී නොතිබුණි.

රාජ්‍ය නිලධාරීන් නැව බාරගැනීම ප්‍රතිකේෂප කළ පසුව දඩයකට යටත් කර ගල් අඟුරු ගොඩබැම සඳහා වන ඉල්ලීමක් Taranjot Resources Pvt. Ltd. ආයතනය විසින් 2026 ජූනි 9 වන දින අතිගරු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් වී තිබුණි. Ana Ocean ගල් (අළු) අඟුරු නැව ට ප්‍රතිකේෂ්ප කළ නමුත්, මේ වන විටත් ගොඩබා ඇති MV JOSCO YONGZHOU නැවට මුදල් ගෙවීම අපරාධයක්/වංචාවක්/දුෂණයකි.

ගල් අඟුරු හිඟය හා බලශක්ති සුරක්ෂිතතාව

සමාගම් දෙකකින් නැව් 25 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් ප්‍රදානය කර තිබූ නමුත්, රජය ප්‍රධාන ටෙන්ඩරයේ එක් නැවක් අවලංගු කර දැමීය. නියමිත පරිදි නැව් පැමිනෙන්නේ නම් 2026 සැප්. 2 දින දක්වා ප්‍රමාණවත් ගල් අඟුරු පවතින බව බලධාරීන් ප්‍රකාශ කර තිබුණි.  

ගල් අඟුරු නැවත් ප්‍රමාණවත්වන්නේ දින 8 ක අවශ්‍යතාවයකට ය. ඒ අනුව, මේ වන විට සැප්. 2 දින සිට දින 16 ක ට පෙර පවතින තොග අවසන් විය හැකිය. ඒ අනුව නැව් 24 ක් ගොඩබෑමට නියමිතව තිබූ නමුත් මේ වන විට ගොඩ බා ඇත්තේ නැව් 22 ක් පමණී. සැප්. 2 දින දක්වා අඛණ්ඩව යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නම් තවත් නැව් තුනක් අනිවාර්යයෙන්ම ගොඩ බෑ යුතුය.

මේ වන විට ලංකා මුහුදු සීමාවේ පවතින YASA SUN නැව ගොඩබෑම පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නැත.

ගල් අඟුරු සමාගමට - භාණ්ඩාගාරයට මුදල් නැද්ද?

ගල් අඟුරු සඳහා මුදල් ගෙවීමේ කටයුතු ද මේ වන විට නවතා දමා ඇත.  රටේ බලශක්ති අර්බුදයක් මතුවෙමින් පවතින අවස්ථාවක, සැපයුම්කරුවන්ට මුදල් නොගෙවන්නේ රටේ ඩොලර් හිඟ නිසාද? භාණ්ඩාගාරය සිදෙමින් පවතින නිසා ද යන්න බලධාරීන් හෙළි කළ යුතුය. ගල් අඟුරු සමාගමේ ප්‍රධාන නිලධාරීන් තිදෙනාම දෛනිකව ගල්අඟුරු කොමිසමට වාර්තා කරමින් සිටින බැවින් සමාගමේ තීරණ ගැනීමක් සිදුවන්නේ නැත.  

 මෙම ගල් අඟුරු තොගය අහිමි වන්නේ නම් තාප විදුලි ජනනයෙන් එය කිසි ලෙසකින් හෝ උත්පාදනය කළ නොහැකි වන අතර, ගල් අඟුරු වෙනුවට ඩීසල් යොදා ජනනය කරන විදුලි ඒකකය මිල තුන් ගුණයකින් ඉහළ මට්ටමක පවතී. බාල ගල් අඟුරු හේතුවෙන් මේ වන විට අප රටේ ඉන්ධන ආනයන විදයම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත්තේ රටේ අනෙකුත් කටයුතු සඳහා භාවිත කරන ඉන්ධන ප්‍රමාණය කෝටා ක්‍රමයක් තුල 1/3 කින් සීමා කර ඇති පසුබිමක් යටතේ ය.  

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
නීතිඥ අතුල ද සිල්වා

සම කැඳවුම්කරු - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය  
2026 ජූනි 17

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...