The Leader News
BREAKING
'වමට සිග්නල් දමා දකුණට යන මාලිමාවේ ආර්ථිකය' - සජිත්ගේ විග්‍රහයක්●එක රටක පොලිස් ඝාතන ගැන උතුරේත් දකුණේත් නීති දෙකක්?●අජිත් අමරසිංහගේ අලුත්ම පෘතුගීසි පර්යේෂණ කෘතිය එළිදකී●තුන්වැනි අයවැයේ පච ගණන් කරන්න අපි ලෑස්තියි: නාමල්●උතුරු ආණ්ඩුකාර වේදනායගම්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්●බෙහෙත් නඩුවේදී කෙහෙළියගෙන් විත්ති කූඩුවේ හෙළිදරව්වක්●පාපන්දු ලෝකය කම්පා වෙයි: ගෝල් රකින්නා සමග ගැටුණු ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩකයා මිය යයි!●Diginote : අයවැය අතිරික්තයක් වාර්තා වෙයි: ප්‍රාග්ධන වියදම් හිරවේ●LAUGFS ඇදවැටීම: රට යළිත් ගෑස් අර්බුදයක?●ඉන්දු - පාකිස්තාන ගැටුමෙන් සාෆ් පාපන්දු ශූරතාවලිය හෙට ඇරඹේ●
Top Ad
පුවත්

උතුරු ආණ්ඩුකාර වේදනායගම්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

වත්මන් උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යාපනය දිස්ත්‍රික් ලේකම් සමයේ සිදු කළැයි කියන මිලියන ගණනක මූල්‍ය වංචා විමර්ශනය කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය අල්ලස් කොමිසමට සාක්ෂි සහිතව පැමිණිලි කරයි.

Pasan

Pasan

November 4, 2026 • 8:40 PM

උතුරු ආණ්ඩුකාර වේදනායගම්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් ජනාධිපතිවරයාගේ උතුරේ නියෝජිතයා මීට වසර කිහිපයකට ඉහත දී සිදු කර තිබෙන බවට චෝදනා කෙරෙන මිලියන ගණනක මුල්‍ය අවභාවිතා සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
  • ලංකා ගුරු සංගමය 2026 ඔක්තෝබර් 30 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිඛිතව පැමිනිලි කර ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කාල සීමාවේදී සිදු කළ බවට එල්ල වී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙනි.
  • තීබන් තිලීසන්ගේ අතිසනින් යුතුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාරදී ඇති පැමිනිල්ලේ සදහන් කර ඇත්තේ තිරුනෙල්වේලියේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන සමුපකාර සමිතියේ (YARLCO) ‘කිරි බෙදාහැරීමේ ජාලය සවිමත් කිරීම සහ කිරි සඳහා අගය එකතු කිරීම’ ව්‍යාපෘතිය 2016 දී එන්.
  • කමලරූබන් ගේ JF/IA/QUE/KAC/VI/03/200 යොමු අංකය සහිත 2020.07.07 දින වාර්තාවෙන් එය අනාවරණය වූ බව එහි සඳහන්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වත්මන් ජනාධිපතිවරයාගේ උතුරේ නියෝජිතයා මීට වසර කිහිපයකට ඉහත දී සිදු කර තිබෙන බවට චෝදනා කෙරෙන මිලියන ගණනක මුල්‍ය අවභාවිතා සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ලංකා ගුරු සංගමය 2026 ඔක්තෝබර් 30 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිඛිතව පැමිනිලි කර ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කාල සීමාවේදී සිදු කළ බවට එල්ල වී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙනි.

කිරි ව්‍යාපෘතියේ හැට ලක්ෂයක අක්‍රමිකතාව

සංගමයේ උප සභාපති ඒ. තීබන් තිලීසන්ගේ අතිසනින් යුතුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාරදී ඇති පැමිනිල්ලේ සදහන් කර ඇත්තේ තිරුනෙල්වේලියේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන සමුපකාර සමිතියේ (YARLCO) ‘කිරි බෙදාහැරීමේ ජාලය සවිමත් කිරීම සහ කිරි සඳහා අගය එකතු කිරීම’ ව්‍යාපෘතිය 2016 දී එන්. නාගලිංගම් වේදනායගම් යටතේ පැවතියදී, රුපියල් හැටලක්ෂයකට වැඩි මුදලක් අයුතු ලෙස පරිහරණය කර තිබෙන බවයි.

ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක කේ. කමලරූබන් ගේ JF/IA/QUE/KAC/VI/03/200 යොමු අංකය සහිත 2020.07.07 දින වාර්තාවෙන් එය  අනාවරණය වූ බව එහි සඳහන්ව තිබේ.

එම පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමට පෙර ගත් එම මුදලින් නිසි තාක්ෂණික ඇගැයුම් වාර්තා නොමැතිව  යන්ත්‍රෝපකරණ මිලදී ගත්තා සේම අවශ්‍ය ගොඩනැගිලි ඉදි කිරීම් ද සිදු නොකළ බවයි.

“අවශ්‍ය ගොඩනැගිලි ඉදි නොකළ අතරේ එම ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසු සවි කළ යුතුව තිබූ යන්ත්‍රෝපකරණ කල්තියා මිලදී ගෙන නඩත්තුවෙන් තොර ස්ථානවල තබා විනාශ වී යාමට ඉඩ හැරීමෙන් හුදෙක් වංචනික කටයුතු සඳහාම මහජන මුදල් නාස්ති කර ඇත,” යි පැමිණිල්ලේ ප්‍රකාශ වෙයි.

මීට අදාළ පිටු 15 ක විගණන වාර්තාවක් ද ලංකා ගුරු සංගමය විසින් ඉදිරිපත් කර ඇත.

මළ අපද්‍රව්‍ය ව්‍යාපෘතිය සහ හදිසි ගෙවීම්

වත්මන්  උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මීට වසර 10 ට ඉහත දී මළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් මගින්ද මිලියන ගණනක වංචාවක් කර ඇති බවටත් ලංකා ගුරු සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිනිලි කර තිබේ.

“2016 දී එන්. වේදනායගම් මහතාගේ වගකීම යටතේ ‘චුන්නාකම්, චාවකච්චේරි සහ කාපුදු ප්‍රදේශවල මළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීමේදී මිලියන ගණනින් වංචා කරන ලදී.
 
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක කේ. කමලරූබන්ගේ 2020.05.16 දින වාර්තාවෙන් ඒ බව  හෙළිදරව් වී ඇතැයි පැමිනිල්ලේ වැඩි දුරටත් සඳහන්ය.

පරිසර අධිකාරියේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියේ තාක්ෂණික ඇගැයුම් කමිටුවට අදාළ තාක්ෂණික දැනීම සහිත ඉංජිනේරුවකු ඇතුලත් කර නොමැති බවත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ඔහුගේ නියෝජිතයකු ප්‍රසම්පාදන කමිටුවට ඇතුලත් කර නොමැති බවත් එම පැමිනිල්ලේ වැඩි දුරටත් සදහන්ය.

“කොන්ත්‍රාත්කරු විසින් 24.11.2016 ඉල්ලා සිටින ලද මිලියන 14.5 ක අත්තිකාරම 02.12.2016 දින ගෙවන ලදී. 22.12.2016 දින ඉල්ලන ලද රුපියල් 9,529,204.15 මුල්‍ය රෙගුලාසිවලට පටහැනිව ඉතා හදිසියෙන් දින තුනක් ඇතුලත ගෙවන ලදී”

එවැනි ගෙවීම් කීපයක් ගැන සඳහන් කර ඇති පැමිලිල්ල මගින් ලංකා ගුරු සංගමය පෙන්වා දී ඇත්තේ  නාගලිංගම් වේදනායගම් විසින් ඒවා  ‘මුල්‍ය පටිපාටියට පටහැනිව අවිධිමත් සහ වංචනික ලෙස’ කරන ලද ගෙවීම් බවයි.  මීට අදාළ පිටු 7ක විගණන වාර්තාවක් ද පැමිනිල්ල සමග  අමුණා ඉදිරිපත් කිරීමට ලංකා ගුරු සංගමය කටයුතු කර ඇත.

ලංකා ගුරු සංගමය උප සභාපති ඒ. තීබන් තිලීසන්ගේ අතිසනින් යුතුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඔක්තෝබර් 30 වැනිදා  භාරදී ඇති පැමිනිල්ල මගින් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ  “ආණ්ඩුවේ මුල්‍ය අවභාවිතාවල යෙදී තිබෙන උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර එන්. වේදනායගම් මහතාට එරෙහිව කඩිනම් විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ගන්නා ” ලෙසයි.

"නීතිය සැමට සමාන බව ක්‍රියාවෙන් පෙන්වන්න"

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිනිල්ල භාර දීමෙන් පසු  ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අගනගරයේ මාධ්‍යවේදීන් හමුවේ ආණ්ඩුවට අවධාරණය කර සිටියේ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිය සැමට සමාන බවට කරන ප්‍රකාශ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන ලෙසයි.

"අපි දන්න විදිහට මේ ආණ්ඩුව අල්ලස සහ දූෂණය නැති කරන්න කටයුතු කරනවා කියලා කියනවා. ඒත් මේ වගේ හැංගිලා තියෙන ක්‍රියාවන් ගැනත් හොයලා බලන්න ඕනේ. කාටවත් එයාලා අතීතයේ කරපු වංචා හංගන්න බැහැ. ඒ සම්බන්ධයෙන් විගණන වාර්තා එහෙම තියෙනවා. ප්‍රසිද්ධියේ තියෙනවා ගොඩාක් විගණන වාර්තා. ඒ විගණන වාර්තාවලින් මොකුත් කෙරුණේ නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. කොමසාරිස්වරයා විදිහට එයාට මේකේ ලොකු වගකීමක් තියෙනවා. මේ විගණන වාර්තා ගැන. එහෙම තියෙද්දී කිසිම වැඩක් කරලා නැති පසුබිමක අපි ලංකා ගුරු සංගමය විදිහට අපි මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනය කරයි කියලා. ආණ්ඩුව නිතරම කියන දෙයක් තමයි උසස් පහත් කියලා කවුරුත් නැහැ. හැමෝටම සමානව තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා. එහෙම නම් ක්‍රියාවෙන් මේක පෙන්වන්න කියලා අපි ආණ්ඩුවට කියනවා."

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉරිදියේ දිවුරුම් දී තිබුනේ 2024 සැප්තැම්බර් 25 වැනි දිනයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...