රටවල් 11ක නියෝජිතයන් වෙනුවෙන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ මෙහෙයවීමෙන් 74 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට භූගත ධාතු ගර්භය විවෘත වෙයි
ක්‍රි.පූ තුන්වන සියවසේ අශෝක අධිරාජයා ඉදිකළ වර්තමාන යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි පුදබිමට පසුගියදා පැමිණි (BRICKS) බ්‍රික්ස් රටවල නියෝජිතයෝ එහි පොහොසත් බෞද්ධ උරුමයන්, ඓතිහාසික කතාන්දරයන් ගෙන් සහ ගෘහ නිර්මාණ ශිල්පයන් දැක මවිතයට පත් වුහ.
බ්‍රසීලය, චීනය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය ඇතුළු බ්‍රික්ස් රටවල් 11නියෝජිතයන් 42 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම චාරිකාවට එක් වූ බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සාංචි චේතියගිරි විහාරාධිපති ජපානයේ ප්‍රධානාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියන්ගේ උපදෙස් පරිදි මෙම නියෝජිත පිරිස අති උත්කර්ෂවත් අන්දමින් පිළිගෙන, 74 වසරක සාංචි ඉතිහාසයේ ප්‍රථම වතාවට භූගත ධාතු ගර්භයෙන් සර්වඥ ධාතූන් වහන්සේලා ඉහළ මාලයට වඩමවා විශේෂ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සහ තේවා පූජාවක් මෙදින එම නියෝජිත පිරිස වෙනුවෙන් පැවැත් වූ බව සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාගේ තේවාව භාර පූජ්‍ය පණ්ඩිත උඩුගම තපස්සි හිමියෝ පැවසූහ.
මෙම අවස්ථාවට BRICS රටවල සංස්කෘතික ක්‍රියාකාරීන්, පුරාවිද්‍යා බලධාරීන් සමඟ ඉන්දීය මධ්‍යම රජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍ය ශ්‍රී ගජේන්ද්‍ර සිං ෂෙකාවත්, මධ්‍ය ප්‍රදේශ් රජයේ සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ධර්මේන්ද්‍ර ලෝදි රයිසන් දිසාපති ශ්‍රී අරුන් කුමාර් විශ්වකර්ම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම් ශිවශේකර් ශුක්ලා මධ්‍ය ප්‍රදේශ් සංචාරක මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂ ඉලයියා රාජා ටී ඇතුළු ඉන්දීය නිලධාරීහු ද එක්වූහ.
පුරාණ ඉන්දියාවේ සංස්කෘතිය සමඟ ලෝක සාමයේ පණිවිඩය ද මූර්තිමත් කරන ඓතිහාසික උරුම ස්ථානයක් ලෙස සාංචි පුදබිම අර්ථ නිරූපණය කළ BRICS නියෝජිතයෝ වසර දහස් ගණනක් බෞද්ධ හා ඉංදීය පැරණි උරුම සාක්ෂි තම දෑසින් දැකීමට ලැබීම අමතක නොවන අත්දැකීමක් බව පැවසූහ.
මෙම නියෝජිත සමුළුව බෝපාල් හි කුෂාබාහු තක්රේ (Kushabhau Thakre) ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථාන අගෝස්තු 05 සිට 08 දින දක්වා පැවැත්වුණි. 18 වන BRICS රාජ්‍ය නායක සමුළුව සැප් 12-13 ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවර දී පැවැත් වේ.
(සටහන | ජේ. මුණසිංහ)





