The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

චෙම්මනි සමූහ මිනීවලෙන් හමුවූ මිනිස් ඇටසැකිලි ගණන 200 පනී

T

The Leader Desk

August 31, 2025 • 4:31 PM

චෙම්මනි සමූහ මිනීවලෙන් හමුවූ මිනිස් ඇටසැකිලි ගණන 200 පනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද වන විට හඳුනා ගෙන ඇති මිනිස් සිරුරු ප්‍රමාණය දෙසීය ඉක්මවා තිබේ.
  • අද දිනයේ අලුතින් හදුනාගත් මිනිස් අස්ථි 12 අතර කුඩා දරුවන් කිහිප දෙනකුගේ බවට සැක කළ හැකි අස්ථිද එහි ගිය මාධ්‍යවේදීන් දැක තිබේ.
  • ඒ සම්බන්ධයෙන් විමසු මාධ්‍යවේදීන්ට නීතිඥ වී එස් නිරංජන් පවසා ඇත්තේ ඒ බව සැකහැර දැනගත හැකිවන්නේ වෝහාරික පරීක්ෂණයකින් පසු බවයි. "හිස් කබල් තුනක් සමග මිනිස් සිරුරු කොටස්, ගොඩගසා තිබී හමු උනා.
  • " චෙම්මනි සමුහ සුසාන සංකීර්ණයෙන් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 191 දෙනකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අද වන විට හඳුනා ගෙන ඇති  මිනිස් සිරුරු ප්‍රමාණය දෙසීය ඉක්මවා තිබේ.

දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 39 වැනි දිනය වු අගෝස්තු 31 වැනි ඉරිදා දහවල් වන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් තවත් පුද්ගලයන් දොලොස්  දෙනකුට අයත් අස්ථි අලුතින් මතු කරගැනීමත් සමග සමුහ සුසානයෙන් මේ වන විට පුද්ගලයන් 209 දෙනකුට අයත් අස්ථි මතු කරගෙන ඇති බවයි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.


අද දිනයේ අලුතින් හදුනාගත් මිනිස් අස්ථි 12 අතර කුඩා දරුවන් කිහිප දෙනකුගේ බවට සැක කළ හැකි අස්ථිද එහි ගිය මාධ්‍යවේදීන් දැක තිබේ. ඒ සම්බන්ධයෙන් විමසු මාධ්‍යවේදීන්ට නීතිඥ වී එස් නිරංජන් පවසා ඇත්තේ  ඒ බව සැකහැර දැනගත හැකිවන්නේ වෝහාරික පරීක්ෂණයකින් පසු බවයි. 

 

"හිස් කබල් තුනක් සමග මිනිස් සිරුරු කොටස්, ගොඩගසා තිබී හමු උනා. ඒවා කැණීම් කරලා ගොඩ ගත්තා. "

චෙම්මනි සමුහ සුසාන සංකීර්ණයෙන් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 191 දෙනකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන තිබේ.

සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබුනි.

එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා  පොලිසියට නියෝග කළේය.

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.


ශ්‍රී  ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

 Chemmani mass grave

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...