The Leader News
BREAKING
Top Ad
පුවත්

මෛත්‍රී වික්‍රමසිංහ ගැන තීරණයක් ගනී ! - හොරු අල්ලන්න ලන්ඩන් ගිය CIDයේ වියදම් සඟවන්නේ ඇයි?

T

The Leader Desk

June 7, 2026 • 5:24 AM

මෛත්‍රී වික්‍රමසිංහ ගැන තීරණයක් ගනී ! - හොරු අල්ලන්න ලන්ඩන් ගිය CIDයේ වියදම් සඟවන්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇයට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර, 2023 වසරේ සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරයක් සඳහා රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට වූ චෝදනාවෙන් ඇය මුදාහැරෙන ලකුණු පහළ වී ඇත.
  • කෙසේවුවද ලන්ඩන් සංචාරය නිල සංචාරයක කොටසක් ලෙස පෙන්වමින් රාජ්‍ය මුදල් වියදම් කළ බවට එල්ල වන චෝදනාවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන දෙදෙනාට නිදහස් විය නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
  • මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට වැඩිදුරටත් වාර්තා කරයි.
  • කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව ජුලි 08 දා නැවත කැඳවීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇයට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර, 2023 වසරේ සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරයක් සඳහා රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට වූ චෝදනාවෙන් ඇය මුදාහැරෙන ලකුණු පහළ වී ඇත.

කෙසේවුවද ලන්ඩන් සංචාරය නිල සංචාරයක කොටසක් ලෙස පෙන්වමින් රාජ්‍ය මුදල් වියදම් කළ බවට එල්ල වන චෝදනාවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන දෙදෙනාට නිදහස් විය නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

පොදු දේපළ පනත යටතේ ඔවුන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා සූදානම් වන අතර, නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වීමට ඉඩ කඩ පවතී.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට වැඩිදුරටත් වාර්තා කරයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව ජුලි 08 දා නැවත කැඳවීමට නියමිතය.

 RTI ඉල්ලීමට මාස 5ක් !

හිටපු ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයේ වංචා සෙවීමට බ්‍රිතාන්‍යය බලා ගිය CID නිලධාරීන් වෙනුවෙන් වැය කළ මහජන මුදල් පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) යටතේ ඉදිරිපත් කළ ඉල්ලීම්වලට මාස 5ක් ගතවීත් රහස් පොලිසිය මෙතෙක් පිළිතුරු දී නැත.

මාධ්‍යවේදිනී තිළිණි රණසිංහ විසින් මේ වසරේ ජනවාරි 8 වැනිදා මෙම RTI ඉල්ලීම ඉදිරිපත් කර තිබූ අතර, ජනවාරි 9 වැනිදා එය අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ද යොමු කෙරිණි. නීත්‍යානුකූලව දින 14ක් ඇතුළත මෙම තොරතුරු ලබාදිය යුතු වුවද, ඉන් පසුව ජනවාරි 29 වැනිදා පොලිස්පතිවරයා වෙත අභියාචනයක් යොමු කර තිබියදීත් රහස් පොලිසිය මෙතෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.

"හොයාපු දේට වඩා හොයන්න ගිය වියදම වැඩියි" - දේශපාලන කරළියෙන් චෝදනාවක්!

මෙම අභිරහස් ප්‍රමාදය දේශපාලන හා සිවිල් සමාජයේ දැඩි සැකයට තුඩු දී ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයෙකු ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපතිවරයා අවභාවිත කළා යැයි කියන රුපියල් මිලියන 16.6ක මුදල මෙන් විශාල ප්‍රමාණයක් (හෝ ඊට සමාන මුදලක්) මෙම විමර්ශන නිලධාරීන්ගේ ලන්ඩන් සංචාරය වෙනුවෙන් පමණක් රජය වැය කර ඇති බවයි. එම නාස්තිය හෙළිවීම වැළැක්වීම සඳහා පොලිසිය මෙම තොරතුරු හිතාමතාම වසන් කරමින් සිටින බවට ද චෝදනා එල්ල වේ.
RTI 1RTI 2RTI 3RTI 4RTI 5RTI 6

මුලාශ්‍රය :

CID drops legal action against Maithree

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...