The Leader News
BREAKING
Top Ad
පුවත්

'එයා රට වෙනුවෙන් මැරෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, හැබැයි මේ කැත සැලකීම අසාධාරණයි!' - සලේගේ බිරිඳ මනෝරි CID එක ළඟ හඬා වැටෙයි! (වීඩියෝ )

T

The Leader Desk

June 7, 2026 • 9:25 AM

'එයා රට වෙනුවෙන් මැරෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, හැබැයි මේ කැත සැලකීම අසාධාරණයි!' - සලේගේ බිරිඳ මනෝරි CID එක ළඟ හඬා වැටෙයි! (වීඩියෝ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැකකරුවෙක් වැරදිකරුවෙක් කරන්නේ නැතිව, වහාම රෝහල් ගත කරන්න - මල්ලි සෙල්වින් සලේ ඉල්ලයි!
  • අද (07) දින සිය පුත් කුෂාල් සලේ සහ සලේ ගේ සොහොයුරු විශ්‍රාමික මේජර් සෙල්වින් සාලේ සමඟ CID පරිශ්‍රයට පැමිණි ඇය, මාධ්‍ය හමුවේ දැඩි කම්පනයකින් යුතුව අදහස් දැක්වූවාය.
  • එයාව මේ වෙලාවේ ‘ස්කේප්ගෝට්’ (බිල්ලක්) කරගෙන ඉන්න බව හොඳටම පේනවා.
  • අවුරුදු 38ක් රට වෙනුවෙන් ජීවිතය කැප කරපු, ළමයෙක්ගේ ඉස්කෝලෙකටවත් යන්න වෙලාවක් නොතිබුණු මනුස්සයෙක්ට මෙහෙම කරන එක හරිම අසාධාරණයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සැකකරුවෙක් වැරදිකරුවෙක් කරන්නේ නැතිව, වහාම රෝහල් ගත කරන්න - මල්ලි සෙල්වින් සලේ ඉල්ලයි!

"තාත්තට සලකන්නේ බල්ලෙකුට වගෙයි; FBI වාර්තාවලින්ම එයා නිර්දෝෂීයි" - පුත් කුෂාල් සලේ 


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසුවෙමින් මාරාන්තික ආහාර සහ ඖෂධ වර්ජනයක නිරතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ ගේ ජීවිතය බේරාගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙස ඔහුගේ බිරිඳ වන මනෝරි බන්දුසේන වගකිවයුත්තන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද (07) දින සිය පුත් කුෂාල් සලේ සහ සලේ ගේ සොහොයුරු විශ්‍රාමික මේජර් සෙල්වින් සාලේ සමඟ CID පරිශ්‍රයට පැමිණි ඇය, මාධ්‍ය හමුවේ දැඩි කම්පනයකින් යුතුව අදහස් දැක්වූවාය.

"මගේ හස්බන්ඩ් ඉනසන්ට් (නිර්දෝෂී) කියලා ඔක්කොමලා දන්නවා. එයාව මේ වෙලාවේ ‘ස්කේප්ගෝට්’ (බිල්ලක්) කරගෙන ඉන්න බව හොඳටම පේනවා. JMO වාර්තාවෙත් තියෙනවා ඉතාම අමානුෂික විදිහට සලකලා තියෙනවා කියලා. අවුරුදු 38ක් රට වෙනුවෙන් ජීවිතය කැප කරපු, ළමයෙක්ගේ ඉස්කෝලෙකටවත් යන්න වෙලාවක් නොතිබුණු මනුස්සයෙක්ට මෙහෙම කරන එක හරිම අසාධාරණයි. එයා කොන්ද කෙලින් තියන් හිටපු කෙනෙක් නිසා උපවාසය අතහරින්නේ නැහැ. මං ඉල්ලන්නේ එයාට අනතුරක් වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි හොස්පිටල් එකකටවත් ගෙනියන්න කියලයි," යැයි මනෝරි පැවසුවාය.

සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය දුර්වල මට්ටමක පවතින බව තහවුරු කළ ඔහුගේ සොහොයුරු සෙල්වින් සාලේ, පසුගිය සිකුරාදා සිට සුරේෂ් සලේ  ආහාර, ජලය සහ ඖෂධ මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බව කීය.

"සැකකරුවෙක්ව වැරදිකරුවෙක් විදිහට සලකන්න එපා. පවුලේ අය දෙන කෑම ගැන සමාජ මාධ්‍යවල යන කතා පට්ට අසත්‍යයි," යැයි ඔහු පැවසීය.

ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දැක්වූ පුත් කුෂාල් සලේ අවධාරණය කළේ FBI වාර්තා සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තා මඟින් තම පියාගේ නිර්දෝෂීභාවය තහවුරු වී තිබියදී, දින 100කට අධික කාලයක් මෙලෙස රඳවා තබාගනිමින් බල්ලෙකුට සේ සැලකීම අතිශය ඛේදනීය බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'එයා රට වෙනුවෙන් මැරෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, හැබැයි මේ කැත සැලකීම අසාධාරණයි!' - සලේගේ බිරිඳ මනෝරි CID එක ළඟ හඬා වැටෙයි! (වීඩියෝ ) | The Leader