කොළඹ ජාතික රෝහලේ (NHSL) හදිසි ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ ජීවිතය රැකගැනීම සඳහා ඔහුගේ නීතිමය නියෝජිතයන් වන ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතිඥ අසිත සිරිවර්ධන දෙදෙනාට අද (08) දිනයේදීම ඔහුව මුණගැසීමට නොපමාවම අවසර ලබාදෙන ලෙස ඉල්ලා සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ බන්දුසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. එස්. අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
තම සැමියා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තමන් සහ පුත්‍රයා ඔහුව දෑස් මානයෙන් (Distance) දැකගත් බවත්, එසේ වුවද ඔහුගේ වත්මන් මානසික තත්ත්වය සහ වෛද්‍ය ප්‍රතිකාර දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාව පිළිබඳව පවුලේ අය තවමත් දැඩි බියකින් පසුවන බවත් ඇය පෙන්වා දෙයි.
මුළුමනින්ම මානුෂීය පදනම මත (Humanitarian grounds) සිදු කර ඇති මෙම ඉල්ලීම මඟින් ඇය අවධාරණය කරන්නේ, සුරේෂ් සලේ මේ වන විට තමන්ගේම ජීවිතය පිළිබඳ නිවැරදි තීන්දු ගත නොහැකි දැඩි මානසික ආතතියක පසුවන බැවින්, ඔහුගේ නීතිඥවරුන් මුණගැසීමට සැලැස්වීම හරහා ඔහුට නීතිමය මාර්ග පිළිබඳ විශ්වාසය තහවුරු කර, මෙම "මාරාන්තික උපවාසය" (Fast-to-death campaign) අත්හැරවීමට උපකාරී වනු ඇති බවයි. වෛද්‍යවරුන්ගේ අනුමැතිය සහ කොන්දේසිවලට යටත්ව මෙම හමුවීමට වහාම ඉඩදෙන ලෙස ඇය CID ලොක්කාගෙන් සංවේදීව ඉල්ලා සිටියි.

අද කොටුවේදී මහා විරෝධතාවක්!
මේ අතර, සුරේෂ් සලේ ගේ රෝහල් ගත කිරීමත් සමඟ දකුණේ දේශපාලන කරළිය තවදුරටත් උණුසුම් වෙමින් පවතී.
"ශානිගේ වදකාගාරයෙන් සලේ නිදහස් කරනු" සහ "රණවිරු දඩයම නවතනු" යන තේමාවන් පෙරදැරි කරගනිමින්, 'මහජන හඬ සංවිධානය' ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් අද (ජුනි 08) උදෑසන 10.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී මහා විරෝධතාවක් සංවිධානය කර තිබේ.
රජයේ විමර්ශන ක්‍රියාවලිය, විධායකයේ බලතල සහ රඳවා සිටින සැකකරුවෙකුගේ මූලික මානව හිමිකම් අතර මතුව ඇති මෙම තීරණාත්මක ගැටලුවේ ඉදිරි ඉරණම ලබන ජුනි 10 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දීමට නියමිත නියෝගය මත තීරණය වනු ඇත.
වගකීම ආරක්ෂක ඇමැති අනුර කුමාර ගේ ය!
මේ අතර ජාතික චින්තන සංසදය වෙනුවෙන්, ප්‍රකාශයක් නිකුත්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසන්නේ, 'රණවිරුවන්' රැක-බලාගැනීමේ වගකීම ඇත්තේ ආරක්ෂක ඇමැතිතුමාට බවයි.
ඒ වගේ ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීමේ නියෝගයෙහි අවසාන වගකීම ද ආරක්ෂක ඇමැතිතුමා ගේ බව ඔහු කියා සිටියි.
ඔහුගේ ෆේස්බුක් සටහනක මෙසේ සඳහන් වේ.





