The Leader News
BREAKING
Top Ad
පුවත්

රනිල්ගේ ලන්ඩන් ගමන සෙවූ CID ‘මිෂන් එක’: මහජන මුදල් නාස්තියක සුලමුල හෙළිවෙයි?

T

The Leader Desk

June 10, 2026 • 8:31 AM

රනිල්ගේ ලන්ඩන් ගමන සෙවූ CID ‘මිෂන් එක’: මහජන මුදල් නාස්තියක සුලමුල හෙළිවෙයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ මුදල් විශාල වශයෙන් වැය කරමින් සිදුකළ මෙම විමර්ශනයේ නීතිමය සහ තාර්කික පදනම පිළිබඳව මේ වන විට දේශපාලන හා නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
  • විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, හිටපු ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරයට අදාළ වියදම් සහ කරුණු සොයා බැලීම සඳහා රහස් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබුණි.
  • කෙසේ වෙතත්, මෙම විමර්ශනයේ ඇති හාස්‍යජනකම කරුණ වන්නේ රහස් පොලිසිය මේ පිළිබඳව තොරතුරු විමසා ඇත්තේ ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයෙන් වීමයි.
  • එවැනි තත්ත්වයක් තුළ, වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුවකට අදාළ සාක්ෂි, ඔහු නොගිය ස්ථානයකින් සෙවීමට CID නිලධාරීන් කටයුතු කිරීම බරපතළ ගැටලුවක් බව නීති විචාරකයෝ පෙන්වා දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


* ආරාධනාවේ ඇත්ත නැත්ත සහ රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් පිළිබඳ ප්‍රහේලිකාව

* තොරතුරු පනතටත් මාස 5ක් මීක් නැති CID ගමනේ මිලියන ගණනක වියදම් වාර්තාව


ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ බ්‍රිතාන්‍ය සංචාරය මුල් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දියත් කළ විමර්ශනයක් මේ වන විට දැඩි ආන්දෝලනයකට මෙන්ම ප්‍රශ්න කිරීම් රැසකට ලක්ව තිබේ.

රජයේ මුදල් විශාල වශයෙන් වැය කරමින් සිදුකළ මෙම විමර්ශනයේ නීතිමය සහ තාර්කික පදනම පිළිබඳව මේ වන විට දේශපාලන හා නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, හිටපු ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරයට අදාළ වියදම් සහ කරුණු සොයා බැලීම සඳහා රහස් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබුණි.

කෙසේ වෙතත්, මෙම විමර්ශනයේ ඇති හාස්‍යජනකම කරුණ වන්නේ රහස් පොලිසිය මේ පිළිබඳව තොරතුරු විමසා ඇත්තේ ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයෙන් වීමයි. වාර්තා වන අන්දමට, රනිල් වික්‍රමසිංහ සිය එංගලන්ත සංචාරය අතරතුර ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත පය තබා හෝ නැත. එවැනි තත්ත්වයක් තුළ, වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුවකට අදාළ සාක්ෂි, ඔහු නොගිය ස්ථානයකින් සෙවීමට CID නිලධාරීන් කටයුතු කිරීම බරපතළ ගැටලුවක් බව නීති විචාරකයෝ පෙන්වා දෙති.

වුල්වර්හැම්ප්ටන් සහ බ්‍රිතාන්‍ය රජය මඟහැරියේ ඇයි?

මෙම සංචාරයේ සැබෑ අරමුණ සහ ඊට අදාළ නීතිමය තත්ත්වය අනාවරණය කර ගැනීමට නම් විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කළ යුතුව තිබුණේ පාර්ශව දෙකකිනි.

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය (University of Wolverhampton):
හිටපු ජනාධිපතිවරයාට එහි උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා නිල ආරාධනයක් ලැබුණේද නැද්ද යන්න තහවුරු කර ගැනීම.

මහා බ්‍රිතාන්‍ය රජය:
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස එම සංචාරයේදී ඔහුට බ්‍රිතාන්‍ය රජය විසින් නිල වශයෙන් පහසුකම් සපයනු ලැබුවේද යන්න දැනගැනීම.

මෙම ප්‍රධාන සහ සෘජු සාක්ෂි කරුවන්ගෙන් කරුණු විමසනු වෙනුවට, මෙරට මහජන මුදල් මිලියන ගණනින් වැය කරමින් බ්‍රිතාන්‍යයට ගිය නිලධාරීන්, සිද්ධියට සෘජු සම්බන්ධයක් නැති මහ කොමසාරිස් කාර්යාලය වටා කැරකෙමින් කාලය සහ ධනය නාස්ති කර ඇති බවට චෝදනා එල්ල වේ.

තොරතුරු පනතටත් මාස 5ක් සැඟවූ CID ලන්ඩන් ගමනේ බිල්පත

මෙම නිලධාරීන් පස්දෙනාගේ ලන්ඩන් සංචාරය වෙනුවෙන් මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් කොපමණ ප්‍රමාණයක් වැය වූයේද යන්න දැනගැනීම සඳහා 'තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත' (RTI) යටතේ නිල වශයෙන් ඉල්ලීමක් කර ඇත.

"තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කර මේ වන විට මාස පහකට අධික කාලයක් ගතවී ඇතත්, රහස් පොලිසිය හෝ අදාළ බලධාරීන් මෙතෙක් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් ලබාදීමට අපොහොසත් වී ඇත."

රාජ්‍ය මුදල් අවභාවිතය සහ නාස්තිය පිටුදැකීම වත්මන් දේශපාලන සටන් පාඨය වී ඇති වටපිටාවක, පූර්ව සැලසුමකින් තොරව සිදුකළ මෙවැනි විමර්ශන චාරිකා සඳහා වැයවූ මහජන මුදල් පිළිබඳ තොරතුරු වසන් කිරීම හරහා සමාජය තුළ මතු කරන්නේ දැඩි සැකයකි.

රනිල් වික්‍රමසිංහ ට එරෙහි නඩුව දේශපාලන උවමනාවක් මත නීති විරෝධී ලෙස මෙහෙයවන්නක්ද, නැතහොත් විමර්ශන කණ්ඩායම්වල පවතින වෘත්තීය මට්ටමේ දුර්වලතාවයක්ද යන්න වහාම රටට හෙළි කළ යුතුව ඇත.

(විශේෂ දේශපාලන වාර්තාකරුවෙකු විසිනි)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...