The Leader News
BREAKING
Top Ad
පුවත්

'CID එකට මාව ආපහු යවන්න එපා!' - රෝහලට ආ මහේස්ත්‍රාත් ගෙන් සුරේෂ් සලෙයි ඉල්ලයි

T

The Leader Desk

June 20, 2026 • 4:46 PM

'CID එකට මාව ආපහු යවන්න එපා!' - රෝහලට ආ මහේස්ත්‍රාත් ගෙන් සුරේෂ් සලෙයි ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (20) දිනයේ සුරේෂ් සලෙයි බැලීම සඳහා රෝහලට ගිය ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ඔහු විසින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
  • සුරේෂ් සලෙයි කළ ප්‍රධාන ඉල්ලීම් 4 තමන් මුහුණ දෙන ජීවිත තර්ජනය හමුවේ හිටපු බුද්ධි ප්‍රධානියා මහේස්ත්‍රාත්වරයාගෙන් සෘජුවම ඉල්ලීම් 4ක් කර තිබේ.
  • පවුලේ ආරක්ෂාව: තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කරන ලෙස.
  • CID එකට එපා: තමන් විඳි අමානුෂික වධහිංසා හේතුවෙන් කිසිසේත්ම තමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවා තැබීමේ මධ්‍යස්ථානය වෙත යොමු නොකරන ලෙස.
අකුරු ප්‍රමාණය (Font Size):


රඳවා ගැනීමේ නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි තමන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ස්ථානයට පැමිණි මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවේ තමන් මුහුණ දුන් බරපතළ වධහිංසා පිළිබඳව සංවේදී හෙළිදරව්වක් කර තිබේ.

අද (20) දිනයේ සුරේෂ් සලෙයි බැලීම සඳහා රෝහලට ගිය ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ඔහු විසින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

රටේ ඉහළම බුද්ධි අංශ ප්‍රධානියකුව සිටි හමුදා නිලධාරියෙකු රඳවා තබා ගැනීමේදී, රජයේ ප්‍රධාන විමර්ශන ආයතනයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තුළ ක්‍රමානුකූල සහ සංවිධානාත්මක වධහිංසා පැමිණවීම් සිදුවන බවට එල්ල වන මෙම චෝදනාව සමස්ත ආරක්ෂක සහ නීතිමය පද්ධතියම දැඩි විවේචනයකට ලක් කරන්නකි.

මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හෙළි කළ වධහිංසා

මහේස්ත්‍රාත්වරයා රෝහල් ඇඳ අසල විනාඩි 30ක පමණ කාලයක් රැඳී සිටිමින් සුරේෂ් සලෙයි ගේ තත්ත්වය විමසා ඇති අතර, එහිදී තමන්ව රඳවා තබාගෙන සිටි සිරකුටියේ ස්වභාවය ඔහු විස්තර කර ඇත්තේ මෙසේය,

සංවිධානාත්මක වධහිංසා:
තමන්ව රඳවා සිටි දඬුවම් සිරකුටිය තුළ ක්‍රමානුකූල ශාරීරික හා මානසික වධහිංසාවලට ලක් කළ බව.

මූලික පහසුකම් අහිමි කිරීම:
වැසිකිළි පහසුකම් භාවිතය සීමා කිරීම, ආහාර සපයන ලද අමානුෂික ක්‍රමවේදය සහ සිරකුටිය තුළට සූර්යාලෝකය (Sunlight) පැමිණීම සම්පුර්ණයෙන්ම අවහිර කර තිබීම.


සුරේෂ් සලෙයි කළ ප්‍රධාන ඉල්ලීම් 4

තමන් මුහුණ දෙන ජීවිත තර්ජනය හමුවේ හිටපු බුද්ධි ප්‍රධානියා මහේස්ත්‍රාත්වරයාගෙන් සෘජුවම ඉල්ලීම් 4ක් කර තිබේ.

1- පවුලේ ආරක්ෂාව: තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කරන ලෙස.

2- CID එකට එපා: තමන් විඳි අමානුෂික වධහිංසා හේතුවෙන් කිසිසේත්ම තමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවා තැබීමේ මධ්‍යස්ථානය වෙත යොමු නොකරන ලෙස.

3- සාධාරණ යුක්තිය: කිසිදු දේශපාලන හෝ බාහිර බලපෑමකින් තොරව තමන්ට සාධාරණ සහ අපක්ෂපාතී යුක්තියක් ඉටුකර දෙන ලෙස.

4- පුවත්පත් කියවීමේ අයිතිය: රටේ සිදුවන දෑ දැනගැනීම සඳහා තමන්ට දිනපතා පුවත්පත් පරිශීලනය කිරීමට අවසර දෙන ලෙස.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...